2024 ලොකුම පාඩම
2024 න් කෙනෙකුට උගත හැකි වැදගත්ම පාඩම නම් බොරු නොකියා සිටීමේ වැදගත්කමයි. ඒ සඳහා මාලිමා ආණ්ඩුවේ ඕනෑම බොරුකාරයෙක් උපමාවට ගත හැකිය. නමුත් මේ දිනවල ප්‍රසිද්ධ බොරුකාරියකගේ කර්ම විභාගය මෙහි ලා කාලෝචිතය. කෙනෙකු දැන හෝ නොදැන හෝ බොරුවක් කිව හොත් ඉක්මනින් හෝ කල් ගත වී හෝ එයට විපාක ලැබේ. “උගන්ඩාවට ඩොලර් ගෙන ගිය” බොරුව ලක්ෂ හැට අටක් පමණ වන මෝහාන්ධකාරයේ ගිලුණු පෘථග්ජනයා හෙවත් උපන්ගෙයි මෝඩ ජනතාව විශ්වාස කළේය. එය බොරුවක් බව බොරුකාරිය විසින්ම පිළිගත් පසු තමා රැවටුණු බව වැටහුණු මෝඩ ජනතාව බොරුකාරියට නින්දා අපහාස කරන්නට විය. කර්මය සහ විපාකය යනු එයයි. බොරුකාරිය විසින් රැවට්ටුවේ මෝඩයන් එකෙකු දෙන්නෙකු නොවේ. මුළු රටක්ම රැවටුණාය. එවිට විපාකය එයට සාපේක්ෂව දරුණු වේ. මන්ද එසේ රැවටීමට ලක් වූ සියලු දෙනා ඇයට එරෙහිව අවමන් කරන නිසාය. එබැවින් ඔබ යමක් පවසන විට එය සත්‍යයක්මදැයි හොඳින් විමසා බලන්න. සුළු හෝ සැකයක් ඇත්නම් එය පැවසීමෙන් වළකින්න. විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ කතා කරන විට සියපාරක් හිතන්න. තවද බොරුකාරිය පැවසුවේ කුඩා බොරුවක් නොවේ. රුපියල් ගණනක බොරුවක්ද නොවේ. ඇය පැවසුවේ ඇමරිකන් ඩොලර් බිලියන ගණනක මහා විශාල බොරුවකි....