Posts

Showing posts from November, 2024

ගෑස්ලයිටින්

Gaslighting යනු කිසිවෙකුගේ මනස ව්‍යාකුල කර තමන්ට ඕනා විදිහට හැසිරවිය හැකි උපක්‍රමයකි. එහිදී සිදු කරන්නේ අනෙකාගේ යථාර්ථය, මතකය, දෘෂ්ටිකෝණය පිළිබඳව උන් තුළම සැක මතු කර මානසිකව අන්දමන්ද කර දැමීමයි. අනුර කුමාරගේ ආණ්ඩුව මේ දිනවල කරන දෙයකින් එය පැහැදිලි කළ හැකිය. උදාහරණයක් ලෙස “පාර්ලිමේන්තු වරප්‍රසාද නොගන්නවා කියා දැන් ගන්නේ ඇයි?” කියා මාධ්‍යවේදියෙකු හෝ ප්‍රතිවාදියෙකු හෝ ඇසුව හොත් මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙන්නේ එකම නිශ්චිත පිළිතුරකි. එනම් “අපි එහෙම කොහේවත් කියලා තියෙනවද?” යන්නයි. ගෑස්ලයිටින් යනු එයයි. මෙහිදී සිදු වන්නේ කුමක්ද? මෙතෙක් කල් ඔවුන්මන්ත්‍රී වරප්‍රසාද විවේචනය කළා. ජනතා නියෝජිතයෙක් හට නොමිලේ කෑම, පොලිස් ආරක්ෂාව, ගිනි අවි, වාහන, ඉන්ධන, කාර්යාල, වැටුප්, විශ්‍රාම වැටුප් ආදිය අනවශ්‍ය බව ඔවුන් නිරන්තරයෙන් ප්‍රකාශ කළා. ඒවා ගන්නවා කියා හිටපු මන්ත්‍රීන් කෙරෙහි ජනතාව තුළ දැඩි වෛරයක් ඇති කළා. බයිසිකලේ නැගලා වැඩට එන පිටරට දේශපාලකයන්ගේ පින්තූර පෙන්නුවා.  මෝහ අන්ධකාරයේ ගිලුණු පෘතග්ජනයා හෙවත් මෝඩ ජනතාව තමන්ගේ මනසේ ඒ අනුව හදා ගත්තා චිත්‍රයක්. ඔවුන් විශ්වාස කළා මාලිමාව බලයට පත් වුණාම ඒ වරප්‍රසාද...

නින්දිත ජයග්‍රහණය

බලයට පත් වූ ජනපතිවරයෙක් සහ ආණ්ඩුවක් මේ තරම් ඉක්මනින් අසාර්ථකව හාස්‍යයට ලක් වනු මා මින් පෙර දැක නොමැත. එය කෙතරම් බරපතලද යත් අනුර කුමාර ජනපති කර ගෙනත්, 159 + අර චුනා = 160 ආණ්ඩුවක් හදා ගෙනත්, තවමත් අප කියන සෑම ප්‍රකාශයකටම මාලිමාවුන්ට නහුතෙට කේන්ති ගොස් කුණුහරුපෙන් බැන වදියි. එයින් හැඟවෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වයෙන් ඔවුන් විශාල ආතතියකට පත්ව ඇති බවයි. එනම් ඔවුන් පැරදී ඇති බවයි. එසේ වන්නේ ඇයි? "Victory gained by dishonourable means is never a true victory" කියා Marcus Tullius Cicero (සිසරෝ) වරක් කියා තිබේ. එනම් “නින්දිත ක්‍රමයෙන් ලබන ජයග්‍රහණය කිසිදා සැබෑ ජයග්‍රහණයක් නොවේ” යනුයි. මාලිමවේ ජයග්‍රහණය වනාහි “බොරුව, ඊර්ෂ්‍යාව, වෛරය” යන නින්දිත ක්‍රම හරහා ලබා ගත් එකකි. එසේ ලබා ගත් ජයග්‍රහණය අසාර්ථක වීම කර්මනුරුපීය. ඔවුන් කියූ කිසිවක් අද කර ගැනීමට නොහැකි වී තිබේ. මෙය ඔබගේ ජීවිතයටද වැදගත් පාඩමකි. අද අප දකින බොහෝ තරුණ තරුණියන් තමන්ගේ ජීවිතයේ අරමුණු දිනා ගැනීමට හදන්නේ නින්දිත ක්‍රම ඔස්සේය. නමුත් එයින් කිසිදාක සැබෑ ජයක් නොලැබේ. ජයග්‍රහණයට වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය කළ ආකාරයයි. ලෝක ප්‍රසිද්ධ සය...

නිධානයේ කතාව

දවසක් ධම්මික පෙරේරා එයාගේ වාහනෙන් ඈත ගම් පළාතක ගමනක් යනවලු. තේකක් බොන්න කියලා පාර අයිනේ හදලා තිබුණ පොඩි පෙට්ටි කඩයක් ළඟ වාහනේ නැවත්තුවලු. පෙට්ටි කඩේ අයිති අනුර කුමාර ධම්මිකට උණු උණු තේකක් හදලා දුන්නලු. තේක බොන ගමන් ධම්මික අවට සිරි නරඹන්න ගත්තලු. ඈත ලස්සන කඳු පන්තිය. මෑත ලස්සන නිම්නය. ගහකොළ පිරුණු සෞම්‍ය පරිසරය. කුරුල්ලන්ගේ කිචිබිචිය. අසලින් ගලා යන දිය ඇල්ල. පුදුම ලස්සනක්. ඒ ලස්සන බල බල හිටිය ධම්මික පෙරේරාගේ ඇස් අන්තිමට නතර වුණේ අනුර කුමාරගේ මුස්පේන්තු මූණ ඉස්සරහා. මූණ පුරා රැවුල වවාගෙන, ඔරවගෙන, තොල් පෙරළගෙන, කට ඇද කරගෙන, කිසිම හිනාවක් නැතුව, තරහෙන් මූණ කළු වෙලා ඉන්න ඒ මනුස්සයා දැක්කම ධම්මිකට සසර කලකිරුණා. බුම්මගෙන හිටිය අනුර කුමාරට ධම්මික රුපියල් දාහක් දුන්නලු. ඒක ගත්ත අනුර කුමාර “තව කීයක් හරි දෙන්න” කියලා ඉල්ලුවා. “තමුසේ නිධානයක් උඩ හිඟා කන මිනිහෙක්” කියලා, දාහේ කොළයක් විසික් කරලා වාහනේ නැගලා ධම්මික යන්න ගියාලු. ඔහොම කාලයක් ගත වුණාලු. ධම්මික පෙරේරා ආයෙත් ඒ පාරේම ගමනක් යනවලු. අර කඩේ මතක් වෙලා රියදුරාට කිව්වලු එතනින් නවත්තන්න කියලා. රියදුරත් බල බල ගිහිල්ලා තැනකින් නැවත්තුවලු. ඒත් එතන කඩ...

කෲර විහිළුව

අද තිරගත කළ දියවන්නා සන්නිය දිහා බලා සිටින විට මට සැක හිතුණේ ජනතාව මේ කර ඇත්තේ කිසියම් කෲර විහිළුවක්දෝ කියාය. අතිගරු ජනාධිපතිතුමාට රට හදන එකටත් වැඩිය අමාරු වනු ඇත්තේ පාර්ලිමේන්තුවට එවා ඇති මොන්ටිසෝරි බබාලා ටික බලා ගැනීමය. ජයග්‍රහණ ලෙස පෙනෙන ඇතැම් දේ සැබැවින්ම කෲර විහිළුය. රාජ්‍යයක ව්‍යවස්ථා සම්පාදනය යනු තිබිය හැකි වඩාත්ම භාරදූර කාර්යයි. තීරණ වැරදුනොත් වැරදුනාමය. එය ළදරුවන්ගේ සෙල්ලමක් නොවේ. එය පුරුදු වෙන්න කරන දෙයක්ද නොවේ. අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි නවකයන්ගේ හැසිරීමෙන් නම් පෙනුණේ එය ඔවුන්ට ආතල් එකක් බවය. ඔවුන් පැමිණ සිටියේ පවුල් පිටින් කොළඹ බලන්න ට්‍රිප් එකක් එනවා වගේය. තමන්ගේ කාර්යයේ බරපතළකම ගැන අවබෝධයක් ඇතැයි පෙනුණේ නැත. සෙල්ලමේ කෲරත්වය ඇත්තේ එහිමය. මෙය දෙයාකාරයකින් ගත හැකිය. එක්කෝ ජනතාව මේ කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව යනු මේ වැන්නවුන්ගේ තැනක් විය යුතුය කියාය. එය එක්තරා ආකාරයකට ව්‍යවස්ථාදායකය නමැති ව්‍යුහයම ජෝක් එකට ගැනීමකි. හිටපු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එම මන්ත්‍රීවරුන්ට වඩා බාලයන් එහි යැවීමෙනි. එය හරියට “උඹලට වඩා මෙන්න මේ ගොන් බානත් හොඳයි” වැනි ප්‍රකාශයක් ලෙස පෙනේ. එ...

වංචා කළ විද්‍යාඥයා

මීට වසර දෙකකට කලින් ලෝකයම හොල්ලන සොයා ගැනීමක් කළ ලාංකික භෞතික විද්‍යාඥයෙක් ගැන ප්‍රවෘත්ති පළ වුණා. කාමර උෂ්ණත්වයේ අධිසන්නායක ලෙස භාවිතා කළ හැකි රසායනික ද්‍රව්‍ය සොයා ගත් බව කියූ රංග ප්‍රභාෂ්වර ඩයස් ටයිම්ස් සඟරාවේ අනාගත ලෝකය වෙනස් කළ හැකි නායකයන් 100 දෙනා අතරටත් එකතු වුණා. ඒ කියූ ආකාරයටම අනාගතය වෙනස් කරමින් අද ඔහු රැකියාව කළ එක්සත් රාජධානියේ රෝචෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැර තිබෙනවා. එයට හේතුව වන්නේ ඔහු කර ඇත්තේ විශාල වංචාවක් බව සියලු විමර්ශනවලින් ඔප්පු වීමයි. රංග ඩයස් කොළඹ රාජකීය විද්‍යාලයේ උගෙන, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගෙන, වොෂිංටන් ස්ටේට් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ගත් අයෙක්. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය පවා වංචා සහගත බව දැන් හෙළි වී තිබෙනවා. ඔහු විසින් දුන් සම්මුඛ සාකච්ඡාවක ඔහු කියනවා “ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගැනීමට ඔහු කෙසේ හෝ ක්‍රමයක් සොයා ගන්නවා” කියා. ඒ කියූ ආකාරයටම රංග ඩයස් සොයා ගෙන තිබෙනවා බොරුවෙන් දේවල් ලබා ගන්න හැටි. හරියට ජනාධිපතිතුමා කොහොම හරි බලය ලබා ගත්තා වගේ. විද්‍යාත්මක ක්‍රමයේ තිබෙන විශේෂත්වය මෙයයි. එනම් ඔබ කිසියම් පර්යේෂණයක් තුළින් සොයා...

ජ’පුර අම්මා

උගත් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ජ’පුර සරසවියේ වීම ගැන ආඩම්බර වනු දැක කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් දේවසිරි එයට කෝචෝක් කර තිබේ. එයට හේතුව ජයවර්ධනපුර සරසවියේ ඉතිහාසයයි. ජ’පුර සරසවියේ නිර්“මාතෘ” වන්නේ බෞද්ධ සිංහල ලක් ඉතිහාසයේ අමරණීය චරිතයක් වන හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණෝය. 1873 වසරේ උන්වහන්සේ විසින් අරඹන ලද විද්‍යෝදය පිරිවෙන තමයි දැන් ජ’පුර සරසවිය නමින් හඳුන්වන්නේ. ඒක තනිකරම බෞද්ධ ව්‍යාපෘතියක්.  ඒ විතරක් නොවෙයි විද්‍යෝදය පිරිවෙන විශ්ව විද්‍යාලයක් ලෙස නම් කරන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින්. ඒ 1956 සිංහල භාෂා පනත ගෙනල්ලා රටේ සිංහල අධ්‍යාපනය ස්ථාපිත කිරීමේ අරමුණින්. සුමංගල හාමුදුරුවෝ සහ බණ්ඩාරනායක මහත්තයා නොහිටින්න අද ජ’පුර සරසවියක් නැහැ. ඒක බෞද්ධ පමණක් නොවෙයි. සිංහල බෞද්ධ ව්‍යාපෘතියක්. ක්‍රිස්තියානි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය බිඳ දමන්න හික්කඩුවේ සුමංගල හිමිපාණන් ඉටු කළ මෙහෙවර තමයි ඔය අදටත් මල්ඵල ගැන්වෙන්නේ. එදා බෞද්ධයන් අවදි කරවන්න ලිපි ලියලා, පොත් ලියලා, පන්සල්, පිරිවෙන් හදලා, බෞද්ධ පාසල් හදලා, ප්‍රසිද්ධ වාද හරහා ක්‍රිස්තියානි ආගම තාර්කිකව බිඳ දැමූ, සිංහල, පා...

බල්තසාර් සහ ජාතික ලැයිස්තුව

අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවට ප්‍රජාතාන්ත්‍රික අයිතිය දෙන්න ක්‍රම හොයන කාලයේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි සංඛ්‍යාත්මකව වැඩි දකුණේ සිංහලයන්ටම පමණක් රටේ ආණ්ඩු බලය යාවිය කියන ප්‍රශ්නය. ඓතිහාසිකව ලංකාවේ ශිෂ්ටාචාරය හදපු සිංහලයටම තමයි නීත්‍යනුකුලව රාජ්‍යය යන්න තිබුණේ. මොකද සුද්දා උඩරට ගිවිසුමෙන් ගන්න කොට ගත්තේ “සිංහලේ රට”. නමුත් දෙන කොට එහෙම දෙන්න බැරි වුණා. ඒකට හේතුව තමයි රාජාණ්ඩුවක් නොවන “නියෝජක ප්‍රජාතන්ත්‍රයකට” ගියාම ඊනියා සුළු ජාතිකයන්ට ව්‍යවස්ථාදායකයට එන්න බැරි වෙනවා කියලා ඒ කාලයේ තිබුණු මතය. උතුරු දෙමළ වගේම එකල පරිපාලන බලය හිමිව තිබුණු බර්ගර් ජාතිකයන්ටත්, මැලේ ඇතුළු මුස්ලිම් ප්‍රජාවටත් මේ ප්‍රශ්නය ලොකුවට තිබුණා. ඒ වගේම සිංහල සමාජයේ ඇතැම් කුලවල අයටත් මේක බලපෑවා. මෙතන ප්‍රශ්නය වුණේ සංඛ්‍යාත්මකව අඩු ජාති/කුල පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය. මතක තියාගන්න එතකොට තාම ජනරජය හැදිලා නැහැ. මම මේ කියන්නේ 1833 කොල්බ්රූක්-කැමරන්ලා ව්‍යවස්ථා හදන කාලේ. එතනදි තමයි අද අපි “පාර්ලිමේන්තුව” කියන ව්‍යුහයේ මුල් ආදර්ශය වන Legislative Council එක හැදෙන්නේ. ඊට පස්සේ මැකලම්, මැනින්, ඩොනමෝර්, සෝල...

ඒකාධිපති ආඥාදායක පාලනයේ ඇරඹුම

“විප්ලවයකින් පස්සේ ඇති වෙන වෙනස මොකක්ද කියලා දන්නේ නැහැ” කියලා කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය උගන්වන නිර්මාල් දේවසිරි කියනවා. ලෝක ඉතිහාසය ගැන මූලික අධ්‍යයනයක් හෝ තියෙන කෙනෙකු එහෙම ප්‍රකාශයක් කරන්නේ නැහැ. ප්‍රංශ විප්ලවයෙන් පස්සේ මොකද වුණේ? නැපෝලියන් බොනපාට් නමැති ඒකාධිපති ආඥාදායකයා බලයට ආවා. රුසියානු විප්ලවයෙන් පස්සේ මොකද වුණේ? ජෝසප් ස්ටාලින් නමැති ඒකාධිපති ආඥාදායකයා බලයට ආවා. චීන විප්ලවයෙන් පස්සේ මොකද වුණේ? මාඕ සෙඩොන්ග් නමැති ඒකාධිපති ආඥාදායකයා බලයට ආවා. ඒ සෑම කෙනෙකුම මිලියන ගණන් මිනිසුන් ඝාතනය කළා. නිදහස සහ ප්‍රජාතන්ත්‍රය නැති කළා. විශාල සංස්කෘතික මර්දනයක් සිදු කළා. ලෝකයේ ඕනෑම විප්ලවයකින් පස්සේ එන්නේ ඒකාධිපති ආඥාදායක පාලනයක්. ඒක වැළැක්විය නොහැකි ප්‍රත්‍යුත්පන්න නියමයක්. නිර්මාල් දේවසිරිට මේක තේරුම් ගන්න බැරි නම් ඔහු ඇත්තටම ජනතා මුදලින් ඉතිහාසය උගන්වන්නත් සුදුසු නැහැ. නමුත් නිර්මාල්ට ඇත්තටම මේක තේරුම් ගන්න බැරි බව මා දන්නවා. ඒ සඳහා අවශ්‍ය ජානමය නියුරෝන සැකැස්ම ඔහුට කර්මානුරූපීව පිහිටලා නැහැ.  ලංකාවේ 71 විප්ලවයෙන් බලයට ආවේ ජේ. ආර්. ජයවර්ධන සහ වේ. පිරපාහරන්. ඒ දෙන්නම ඒකාධිපති ආඥාදායකය...

හරිනි අගමැති කරනු!

විජිත සහෝදරයා ජවිපෙ මුල් කාලයේ සිටම සිටි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවත් ඇත්තය. අනුර සහෝදරයා සමග පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සිටි බවත් ඇත්තය. එහෙත් අතිගරු අනුර කුමාර ජනාධිපතිතුමා විජිතට අගමැතිකම දුන්නේ නැත. දුන්නේ අමරසූරිය ළමා තැනීටය. මුලින් ආව කණට වඩා පස්සේ ආව අඟ ලොකු වෙනවා කියන්නේ ඕකටය. විජිත හේරත් සහෝදරයා දැන් ලක්ෂ හතකට වඩා මනාප ගෙන ලංකාවෙන්ම පළමු වැනියා වී තිබේ. මුලින් ප්‍රචාරය කළේ අමරසූරිය ළමා තැනී ලංකාවේ වැඩිම මනාප ගත්තා කියාය. නමුත් පැයක් යන විට ඒ බොරුව යටපත් කරමින් විජිතගේ අතිවිශාල ජයග්‍රහණය හෙළි විය. අගමැතිකමට වඩාත්ම සුදුසුකම් ඇත්තේ විජිත හේරත් සහෝදරයාටය. නමුත් ඔහුට එක දෙයක් නොමැත. විජිත සහෝදරයා ලක්ෂ හතක් නෙවෙයි ලක්ෂ දහයක් මනාප ගත්තත් ඔහුට කොළඹ ප්‍රභූ තන්ත්‍රයේ මනාපය නොලැබේ. එය ලැබෙන්නේ ප්‍රභූ පැලැන්තියේ අයෙකුටම පමණී. අමරසූරියට විජිතට වඩා හොඳට ඉංග්‍රීසියෙන් බොරු accent එකෙන් කතා කිරීමට පුළුවන. ඇමරිකන් තානාපතිනිය හරිනිට දෙන ගෞරවය විජිතට දෙන්නේ නැත. අමරසූරියට ඇති ප්‍රභූ පිළිගැනීම විජිතට නොලැබේ. ඒ නිසා අගමැතිකම දිය යුත්තේ අමරසූරියටමය. අනෙක් පැත්තෙන් මෙය ලංකාවේ කුල දේශපාලනය පරාජය කිර...

බල තණ්හාව

මාලිමාවට ආසන 159 ක් දීම තරම් අප සතුටු විය යුතු දේශපාලන ප්‍රතිඵලයක් මෑතක ලැබී නොමැත. එය අසීමිත බලයකි. ගෝඨාභයගේ ආණ්ඩුවට දුන්නේ සිංහල බෞද්ධ බලය පමණී. ඒ බලය පාලනය කර ගැනීම කොපමණ අපහසු වුණාද කියා දන්නේ අපය. මෙවර සිංහල බෞද්ධ මදිවාට දෙමළ, හින්දු සහ කතෝලික බල සියල්ලත් මාලිමාවට දී තිබේ. (මුස්ලිම් නම් එච්චරම දී නැත.)  බලය ලැබෙන්නේ බලය කෙරෙහි තිබෙන තණ්හාවේ ප්‍රමාණයටය. එය කර්මානුරූපීය. ඔබ බලයට කෑදර වන්නේ ටිකක් නම්, ඔබට ලැබෙන්නේ බලය ටිකකි. ඔබට විශාල බල කෑදරකමක් තිබේ නම්, ඔබට විශාල බලයක් ලැබේ. මේ ලෝකයේ ඕනෑම දෙයක් එසේය. බලය වෙනුවෙන් මාලිමාව දඟලපු දැඟලිල්ලට සරිලන විශාල බලයක් ඔවුන්ට ලබා දී තිබේ. සජබයේ බල තණ්හාවේ තරමට ඔවුන්ට බලය ලැබී තිබේ. පොහොට්ටුවේ බල තණ්හාවේ තරමට ඔවුන්ට බලය ලැබී තිබේ. මෙය ඉතාම සාධාරණ ප්‍රතිඵලයකි. එවැනි අති විශාල බලයක් නඩත්තු කිරීම මාලිමාව හැරෙන්නට වර්තමානයේ වෙනත් කිසිදු පක්ෂයකට කළ නොහැකිය. එවැන්නක් කළ හැකිව තිබුණේ කට්ට කපටි කෛරාටික ජේ. ආර්. ජයවර්ධනට පමණී. ජේ. ආර්. ගෙන් පසුව එවැනි හපන්කමක් කළ හැකි පාලකයෙක් මේ මිහිපිට වේ නම් ඒ අතිගරු ඒ. කේ. දිසානායක පමණී. ජේ. ආර්. එදා කීවාක් මෙන් ද...

ජනතාවාදයේ මධුසමය

බොහෝ අය ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමරිකානු ජාතිකවාදී ජයග්‍රහණයක් ලෙස හුවා දක්වයි. එය අනුරගේ ජයග්‍රහණයට වෙනස් දෙයක් ලෙස ඊනියා ජාතිකවාදීන් මෙන්ම නූගත් මාලිමාකාරයන්ද කල්පනා කරයි. එය හුදෙක් මතුපිට කියවීමකි. මා කියන්නේ අනුර සහ ට්‍රම්ප් දෙදෙනාම දින්නේ එකම ආකාරයට කියාය. එනම් ජනතාවාදය (populism) හරහාය. ජනප්‍රියවාදය සහ ජනකාන්තවාදය වැනි වචනවලින්ද ඇතැමුන් හඳුන්වන “ජනතාවාදය” යනු රටක ජනතාව සාමාන්‍ය (ordinary) සහ ප්‍රභූන් (elite) ලෙස පන්තිමය වර්ගීකරණයකට ලක් කර ඒ හරහා සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමයි. අනුර කුමාරගේ සමස්ත දේශපාලන ආඛ්‍යානයම එම ජනතාවාදයයි. සාමාන්‍ය ජනතාව දුක් විඳින බවත්, එම දුක්ඛයට හේතුව සැප විඳින ප්‍රභූන් බවත් කියමින් දේශපාලනය කිරීම ජනතාවාදයයි. ට්‍රම්ප්ගේ දේශපාලනයත් එයයි. සාමාන්‍ය ඇමරිකානුවන් දුක් විඳින්නේ ඇමරිකානු එලීට් එක නිසා බව ඔහු කීවේය. ට්‍රම්ප් කීවේ “වගුර හිස් කරනවා” කියාය (drain the swamp). අනුර කියන්නේ “දියවන්නා වගුර පිරිසිදු කරනවා” කියාය. අනුර යනු ලංකාවේ ට්‍රම්ප්ය. ලංකාවේ ඊනියා ප්‍රභූ පන්තිය සංකේතවත් කිරීමට ජවිපෙ විසින් නිර්මාණය කළ සන්නාමය “රාජපක්ෂ” යන්නයි. රාජපක්ෂලා සැබැවින්ම ප්‍...