හරිනිගේ ඉස්ලාම්වාදය
| කෝවිඩ් සමයේ දිල්ලියේ දර්ශනයක් |
කතානායකගේ අපකීර්තිමත් සිද්ධියෙන් NPP යට බොහෝ රිදී ඇත. ඊයේ පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ වියරු හැසිරීමෙන් ඒ බව මනාව පෙනිණි. එය කෙතරම් බරපතලද යත් වසංගතයෙන් මළ මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ පවා ගොඩගන්නට හරිනිට සිදු විය. අනුර කුමාර බුද්ධගයාව වැඳ පුදා ගනිද්දී ඔහුගේ සහචරයන් දියවන්නාව වතුර මැද්දේ පිස්සු බල්ලන් මෙන් බිරුවේය. ඔවුන්ගේ වේදනාව අප තේරුම් ගත යුතුය. අප කළ යුත්තේ ඔවුන්ගේ එම සැබෑ සාහසික පාට ජනතාවට නැවත නැවත දකින්නට සැලැස්වීමය.
තමන් විසින් උල් පිහියෙන් ඇන මරා දැමූ දහස් ගණනක් අහිංසක සිංහල වැසියන්ගේ දේහයන්ට අවසන් ගෞරව දක්වන්නට ඉඩ නොදුන් NPP ත්‍රස්තයන් අද මුස්ලිම් ජාතිකයන්ගේ මරණ චාරිත්‍ර ගැන කිඹුල් කඳුළු හෙළීම සිත් ගන්නා සුලුය. කිසිදු සදාචාරාත්මක බවක් නැති වුවත් එය ඉතාම සාර්ථක දේශපාලන උප්පරවැට්ටියකි. ලංකාවේ බොහෝ මුස්ලිම් ජාතිකයන් කෙතරම් අධ්‍යාපනය ලැබුවත් ඔවුන් මෙවැනි කාරණාවලින් පහසුවෙන් ආවේගයට පත් කළ හැකිය. එයට හේතුව ඔවුන්ගේ දැඩි ආගමික විශ්වාසයයි.
NPP ආණ්ඩුවේ කැබිනට් එකට එකදු මුස්ලිම් ජාතිකයෙක් හෝ වැද්ද නොගත්තේ රාජ්‍ය පාලනය සඳහා “ජාතිය” සලකන්නේ නැතය යන ඔවුන්ගේ තර්කයෙනි. එය සාධාරණය. ඒ තර්කය අනුව බෙහෙතක් නැති ගෝලීය මාරාන්තික වසංගතයක් තුළ රාජ්‍ය පාලනය කිරීමේදීද “ජාතිය” සැලකිය යුතු නැත. නමුත් කොහොමත් පරස්පර ප්‍රකාශ කරන හරිනිට තමන්ට ඕන ඕන විදිහට තර්ක නැවිය හැකිය.
තමන් වෙත එල්ල වෙන චෝදනා සියල්ල, මුස්ලිම් ජාතිකයන් තුළ මරණීය වෛරය ඇවිස්සීමෙන් වැසිය හැකි බව හරිනි දනී. හිටපු ජනාධිපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සහ මේ ආකාරයට වෛරය ඇවිස්සීම හරහා කිසියම් විනාශයක් සිදු වුවහොත් හරිනි අමරසූරිය එයට වගකිව යුතු වනු ඇත.
මුස්ලිම් ජාතිකයන් හරිනිගෙන් ප්‍රයෝජන ගත යුතුය. මෘතදේහ අරබයා හරිනිගේ තර්කය පදනම් වන්නේ ඉස්ලාම් විශ්වාසය මතය. ගැහැණු ළමයින් විවාහ කර ගැනීම ඇතුළු පිරිමියාට වාසි ආකාරයෙන් දික්කසාද කිරීමට මුස්ලිම් ජාතිකයන්ට ඇති අයිතිය පදනම් වන්නේද ඉස්ලාම් විශ්වාසය මතය. ඒ අනුව එම නීති වෙනස් කිරීමට කොළඹ කාන්තා විමුක්තිකාමීන් ගන්නා උත්සාහයන් පරාජය කිරීමට මුස්ලිම් ජාතිකයන්ට හරිනිගේ ඉස්ලාම්වාදය ප්‍රයෝජනයට ගත හැකිය. ධර්මය ඔබට මග වේවා!