ආණ්ඩුවේ කල්ල මරේ
මොනවා වුණත් අනුරගේ ආණ්ඩුව තමන්ගේ tax ආදායම එකතු කර ගත්තා. IMF එකේ ප්‍රධානම කොන්දේසිය තමයි එක් එක් වසරට පනවා තිබෙන බදු ආදායම කොහොම හරි එකතු කර ගැනීම. මිනිස්සුන්ට හෙන ගහලා ගියත් ආණ්ඩුවේ බදු ආදායම හෙව්වේ නැත්නම් IMF එකෙන් කුණු බැනුම් අහන්න වෙනවා. ඒ සඳහා අනුරගේ ආණ්ඩුව ගහපු ගේම මරු.
එක පාරටම වෙළඳපොළේ සහල් හිඟයක් හැදුණා. හාල් මෝල් හිමියන් සමග ලස්සන රඟපෑමක් කළා. හිඟය පිට දාලා පිටරටින් සහල් ගෙන්වන්න අවසර දුන්නා. ඒ ගෙන්වන හාල් ඇටයක් ඇටයක් ගානේ බදු ගැහුවා. ඒක නියම ගේමක්.
ආණ්ඩුව ඉතාම කපටි ලෙස මේ වැඩේ කළා. සතොස ටෙන්ඩර් අවලංගු වෙන විදිහටම දැම්මා. මොකද ආණ්ඩුවෙන් හාල් ගෙන්වුවොත් බදු ආදායම නැති වෙනවා. පුද්ගලික ව්‍යාපාරිකයන්ටම ගෙන්වන්න දුන්නා. ඔවුන්ගෙන් එක පාර බද්ද එකතු කරගත්තා. ව්‍යාපාරිකයා ඒ ගානට තව ලාබයකුත් තියලා විකුණගන්න විදිහට පාලන මිල වැඩි කරලා දුන්නා. ලංකාවේ ඉන්න බත් කන හරක් ටික පෝලිමේ ගිහිල්ලා වැඩි මිලට විකුණන සහල් මිලට අරගෙන ජනවාරි 1 වැනිදාට කිරිබත් කනවා.
මේකම තමයි ලුණුවලිනුත් කළේ. එක පාරටම ලුණු හිඟයක් හැදුණා. හාල් සහ ලුණු කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලිනුත් අනිවාර්යෙන්ම ගන්න වෙන දේ. ඒවා පිටරටින් ගෙන්වලා බදු එකතු කර ගත්තා. බදු අඩු කරලා, වී මිල වැඩි කරලා, හාල් මිල අඩු කරලා, කොරෝනා කාලේ ගෙදරට හාල් මිටි එවපු ගෝඨාභයව එළවා ගත්ත මූසල ජනතාවට ඔහොමම තමයි කරන්න ඕනා...
ඒ වගේම සියලුම තැන්පතුවලින් 10% ක රඳවා ගැනීමේ බද්දක් අය කිරීමත් මේ සෙල්ලමේම කොටසක්. ඒ අතින් අනුරගේ ආණ්ඩුව රනිල්ටත් වඩා සුපිරියට IMF ගේම ගහනවා. ජනතාවගේ විරෝධය ගැන ඔවුන් පයිසෙකට සලකන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා ඔහොම නෙවෙයි කොහොම බදු ගැහුවත් ලංකාවේ ඉන්න නූගත් හාල්පාරුවන්ව රවට්ටන්න හරි ලේසියි කියලා. මහින්දගේ ආරක්ෂාව අඩු කරන්න විතරයි තියෙන්නේ. දිස් ඉස් පොලිටික්ස් ඇට් ඉට්ස් බෙස්ට්!
