අන්තරේ අන්දරේ
ඇත්තටම “අන්දරේ” කිව යුත්තේ අනුරට නොවේ. අන්තරේ හෙවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අයියලාට ය. සම-සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන තරග විභාගයකට අයැදුම් කළ උපාධිධාරීන්ගේ විස්තර මාලිමවේ මැතිවරණ අපේක්ෂකයන් අතට දී එය මැතිවරණ තොණ්ඩුවක් ලෙස අවභාවිත කිරීම පිළිබඳව අන්තරේ අයියලා උරණ වී සිටී. එය විහිළුවකි. රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේදී ඉතිහාසය පුරාවටම එය සිද්ධ වූයේ මැතිවරණ සහ දේශපාලන පාක්ෂිකයන් මුල් කොට ගෙන ය. එම සම්ප්‍රදාය පළමු වරට බිඳ දැමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනපති ය. උපාධිධාරීන් මෙන් ම සාමාන්‍ය පෙළ සමතුන් පවා බඳවා ගැනීම ඔහු දේශපාලන නියෝජිතයන්ගෙන් සපුරා වෙන් කළේ ය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගෝඨාභය සමග දෙවනුව උරණ වීමට හේතුව එයයි. (පළමුව උරණ වූයේ වාහන පර්මිට් එක නොදුන් නිසා ය.) ලංකාවේ මිනිස්සු දේශපාලන නියෝජිතයාගෙන් වැඩිපුරම බලාපොරොත්තු වන්නේ රස්සා ය. එය අතීතයේ සිට ම එන දෙයකි. මහින්ද රාජපක්ෂ මහතා ළඟදී මුණ ගැසුණු අවස්ථාවක ඔහු අතීත කථාවක් මතක් කළේ ය. මහින්දගේ ඥාති භාතරයෙකු වූ ලක්ෂ්මන් රාජපක්ෂ මැතිවරණය දිනා සිය කාර්යාලයේ සිටිනා විට ඔහුට ඡන්දය දුන් ගැමියන් පිරිසක් එහි පැමිණ තිබ...