දණහිසෙන් පහළ දේශපාලනය
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින් සිදු කළ ආවර්ජනය අපූරුය. ලක් ඉතිහාසයේ කෲරතම චාරිත්‍රය දෙරණ 360 දී ඔහු ඉතා සියුම් ලෙස ජනතාවට සිහිපත් කළේය. 88-89 අවිචාර යුගයේ ජවිපෙ විසින් ඝාතනය කළ වැසියන්ගේ මෘතදේහ දණහිසෙන් ඉහළට එසවීම ඔවුන් තහනම් කළේය. මරා දැමූ පසුව එම මෘත දේහයට පවා අවමන් කළ එකම ත්‍රස්ත සංවිධානය ජවිපෙය. නමුත් මා සිතන්නේ එම තර්ජනයේ ඉලක්කය වූයේ නිර්මාල් දේවසිරි සහ මහින්ද දේශප්‍රිය බවයි.
නලින්ද එම ප්‍රකාශය කරන්නේ රංවලගේ උපාධි අවුල අරබයාය. ඔහු කියන්නේ එම ප්‍රශ්නය ඔවුන් “දණහිසෙන් ඉහළට නොගන්නා” බවයි. එනම් එය ඔවුන් වැදගත් කාරණයක් ලෙස නොසලකන බවයි. හරියට එදා ජවිපෙ ප්‍රතිවාදීන්ගේ මරණය වැනි නොවැදගත් දෙයක් බවයි. ජවිපෙ සාමාජිකයෙක් විසින්ම එම දණහිසෙන් පහළ කතාව ප්‍රසිද්ධ මාධ්‍යයේ නැවත ප්‍රකාශ කිරීම දෛවෝපගතය. රංවලගේ ප්‍රශ්නය වැඩිපුරම ඇද්දේ නිර්මාල් දේවසිරි සහ මහින්ද දේශප්‍රියයි.
ඒ අනුව නලින්දගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ දේවසිරි සහ දේශප්‍රිය යනු දණහිසෙන් පහළ තබා සැලකිය යුතු චරිත බවයි. මා එයට එකඟ නොවූවත් නලින්ද එසේ සිතන්නේ නම් එය මාලිමා ආණ්ඩුව පැත්තෙන් නිවැරදිය. රංවලගේ උපාධි ප්‍රශ්නය ඇද්ද අනෙකා වන්නේ ලක් වැසියන්ට “දණහිසෙන් පහළට වෙඩි තබන්න” අණ දුන් මහින්ද දේශප්‍රියයි. එම මුග්ධ ප්‍රකාශය කළ දේශප්‍රියටත් නලින්දගේ ප්‍රකාශය කදිම කර්ම විපාකයකි.
මාලිමා ආණ්ඩුවේ මා කැමතිම චරිතය නලින්ද ජයතිස්සයි. ඔහු කතා කරන්නේ සිහි බුද්ධියෙනි. ඉවසීමෙනි. වසන්ත හෝ හඳුන්නෙත්ති හෝ මා මිත්‍ර චතුරංග මෙන් කටට එන ඕනෑම මෝඩ කතාවක් ඔහු කියන්නේ නැත. නලින්දගේ ප්‍රකාශය අතිශය බැරෑරුම් වන්නේම ඒ නිසාය. තර්ජනය වුවත් ඉතාම සියුම් ලෙස කරන ආකාරය ඔහු දනී. මාගේ යෝජනාව නම් ඔය මාලිමාවේ අනෙක් මැති ඇමතිවරුන් ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම දැන් නවත්වා දැමිය යුතු බවයි. මාලිමා ආණ්ඩුවේ ඕනෑම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුත්තේ නලින්ද ජයතිස්ස පමණී. ඒ සඳහා සුදුසුම පුද්ගලයා ඔහුයි.
විපක්ෂය විසින් ආණ්ඩුව විවේචනය කිරීම ගැටලුවක් නොමැත. ආණ්ඩු බලය පවත්වා ගැනීම සඳහා සැබැවින්ම එය අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් මාලිමාව බලයට ගෙන ඒමට වැඩ කළ නිර්මාල් සහ විදර්ශන වැන්නවුන් මේ කරමින් සිටින දෙය නම් වහාම පාලනය කළ යුතුය. එය ඔඩුදුවා යාමට දුන්නොත් ආණ්ඩුවේ ප්‍රතිරූපී බලය දුර්වල වේ. එබැවින් නිර්මාල් වැන්නවුන් දණහිසෙන් පහළ තැබීම නිවැරදි තීරණයකි. 88-89 හොඳටම මතක තිබෙන දේවසිරිටත් දේශප්‍රියටත් නලින්දගේ පණිවිඩය ලෙසටම අවබෝධ වූවාට සැක නැත. විශේෂයෙන්ම නලින්ද සිය ප්‍රකාශය අවසානයේ කට කොණින් දාන සිනහාව ඔවුන්ට වැටහුණු බව මට විශ්වාසය.
නමුත් නලින්දගේ ප්‍රකාශය පිළිබඳව මා වඩාත්ම කැමති වන්නේ ඉහත කාරණා නිසා නොවේ. මා එයට කැමති වන්නේ “මියගිය කොටි සාමාජිකයන් සැමරීම සඳහා එම ඥාතීන්ට සාධාරණ අයිතියක් තිබේය” යනුවෙන් මාලිමාවේ ඇතැමුන් පසුගිය දිනවල කළ සුචරිත සූචක ප්‍රකාශය නලින්දගේ ආවර්ජනයෙන් කුඩේ කුඩු වන නිසාය. ජවිපෙ විසින් ඝාතනය කළ ගමේ අහිංසක තාත්තාගේ දේහය බහා ලූ අඹ ලී පෙට්ටිය කරෙන් ගෙන යාමට අවසර නොදී දණහිසෙන් පහළ තබා කඹවලින් ඇද ගෙන යන්නට අණ දුන් මාලිමාවේ ත්‍රස්තයන් මෙකල “මළවුන් සැමරීම” ගැන කියන සියල්ල වැදි බන බව මතක් කිරීම වෙනුවෙන් නලින්ද ජයතිස්සට මාගේ ස්තුතිය. ධර්මය ඔබට මග වේවා!

Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b