රංවල ව්‍යාපෘතිය

රංවලගේ ඉල්ලා අස්වීම සිදු වූයේ විරුද්ධ පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හදිස්සි වූ නිසා බව පැහැදිලිය. 17 වැනිදා ප්‍රකාශයක් කරන බවට කියා තිබියදී අද හදිසියේ ඉල්ලා අස්වීම අස්වාභාවිකය. නමුත් මෙම සිදුවීමෙන් අපට ඉතා වැදගත් කරුණු කිහිපයක් කියවා ගත හැකිය.

රංවලට එල්ල වූයේ ඉතාම සැලසුම් සහගත ප්‍රහාරයකි. එහි ඉලක්කය වූයේ රංවල නොවේ. කතානායක පුටුවය. ඊළඟට කතානායක වන පුද්ගලයාගෙන් එම ව්‍යාපෘතිය කළේ කවුදැයි නිශ්චිතව හඳුනා ගත හැකිය. මෝඩ වැසියන් හිතන්නේ රංවලව ඉවත් කළේ ඔවුන් කියාය. නැත. රංවලව ඉවත් කිරීම සිදු වුනේ වෙනත් පාර්ශවයක් විසිනි. සුපුරුදු පරිදි බොළඳ වැසියන් එම ප්‍රොපගැන්ඩාවට රැවටිණි. NPP ය මට්ටු කළා කියා චූන් වීමත්, දැන් හරිදේ කළා කියා අනෙක් පැත්ත චූන් වීමත් දේශපාලනිකව නොවැදගත්ය.

රංවලට ඉල්ලා අස්වෙන්න කියන්න තරමේ විශාල පීඩනයක් අනුර කුමාරට පැමිණ තිබේ. අනුර කුමාර ඉතාම නිවට ලෙස එම පීඩනයට යටත් වී තිබේ. එය මුළු ආණ්ඩුවම පමණක් නොව සමස්ත විධායකයම බියට පත් කරවන තත්ත්වයකි. ඕනෑම සංවිධානයක් පවත්වා ගැනීමට නම් එම සංවිධානයේ නායකයා විසින් එහි සාමාජිකයන් ආරක්ෂා කරන බවට ඔවුන් තුළ විශ්වාසයක් තිබිය යුතුය.

රංවලට කළ දෙයින් මුළු ආණ්ඩුවම හෙල්ලුම් කා ගොස් තිබේ. ඔය ලොකු ලොකු රාජ්‍ය ආයතනවල තනතුරු ගත් අන්කල්ලා ඇන්ටිලාට වෙන්නෙත් මේ ටිකමය. කිසියම් හෝ ප්‍රශ්නයක් පැමිණියහොත් අනුර කුමාර හෝ පක්ෂය හෝ කිසිවෙකු හෝ ඔවුන්ව ආරක්ෂා නොකරන බව දැන් පැහැදිලිය. ට්‍රැක් රෙකෝඩ් ප්‍රශ්න තියෙන අය දැන්මම ඉල්ලා අස්වීම වීම නුවණට හුරුය.

අනෙක් පැත්තෙන් මෙය ජවිපෙ පාර්ශවයට NPP පාර්ශවය විසින් ගැසූ මරු පහරකි. එය සැබැවින්ම පන්ති ප්‍රශ්නයකි. ජවිපෙහි ඉන්නේ ගොඩේ නිර්ධන පාන්තිකයන්ය. NPP යෙහි ඉන්නේ නව ධනේශ්වර ප්‍රභූන්ය. රංවල යනු අහිංසක ගොඩයෙකි. නිර්ධනයෙකු වූ ඔහු ප්‍රභූවරයෙකු වීමට සිතුවේය. ඔහු කළ වරද එයයි. PhD පට්ටම් ගහ ගෙන ආවත් ගොඩයාගේ ගොඩේකම නැති කළ නොහැකි බව අර බොරු කොණ්ඩය යටින් එකතු කිරීමෙන් ඔප්පු විය. NPP ය බලයට ගෙන ආ කොළඹ ප්‍රභූන්ට එය ලැජ්ජාවක් විය. රංවල ඉවත් කිරීමට ඔවුන්ටද උවමනා විය. X සමාජ මාධ්‍යයේ සෙවලයන් දැඩි ලෙස රංවලට ගැසුවේය.

මොරටුවේ පෙට්ටිකඩේ දෙමළ මුදලාලිගේ සිට කිතලන්ගමුවේ මර්තේලිස් දක්වා නිර්ධනයන්ව විකුණා ගෙන කෑ කොළඹ ප්‍රභූන්ගේ කකුල් ලෙවකන ඊනියා ඇකඩමිකයාට දැන් නින්ද යනවා ඇති. නව කතානායක පත් වූ සැනින් හාල් පොල් වැනි සිල්ලර ප්‍රශ්න විසඳෙනු ඇත. උඹේ පක්ෂය උඹව බිල්ලට දුන්නා, රංවල. ලැජ්ජාවක් කියලා නාමයක් තියෙනවා නම් තවත් ඔය පාර්ලිමේන්තුවේ නෝන්ඩි වෙන්නේ නැතුව මන්ත්‍රීකමිනුත් ඉල්ලා අස්වෙන්න. උඹලා වගේ ඇස්පිරේෂනල් ප්‍රභූන්ට එතන තැනක් නැහැ. ධර්මය ඔබට මග වේවා!


ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා