Posts

Showing posts from February, 2025

රාජපක්ෂ නැගිටීම

Image
දැන් ලංකාවේ නිල නොලත් විපක්ෂ නායකයා නාමල් රාජපක්ෂ ය. අනුර කුමාර ඇතුළු ආණ්ඩුව අසාමාන්‍ය ලෙස පහර දෙන්නේ මහින්ද සහ නාමල් ට මිස සජිත් ට නොවේ. මහින්දගේ නිල නිවස සහ ආරක්ෂාව අල්ලා ගෙන රටේ ජනාධිපති ම ආවේගයෙන් පහර දීම අසාමාන්‍ය නොවේ ද? ව්‍යවහාර බසින් කිව හොත් “ඕවර් ඇක්ටින්” නොවේ ද? දැන් ලංකාවේ ජනමාධ්‍යය තුළ වැඩිපුරම කථා වෙන්නේ රාජපක්ෂලා ගැන ය. ඕනෑම ප්‍රවෘත්තියක් අවසන් වන්නේ රාජපක්ෂලා ගෙනි. ඒ ඇයි? ඕනෑම අයෙකු ඕනෑම තැනකින් ඉවත් කළ යුතු නම් කළ යුත්තේ ඔහු/ඇය පිළිබඳව වචනයක් හෝ කථා නොකර සිටීම ය. දේශපාලනයේ දී එය ඉතා ප්‍රබල උපක්‍රමයකි. රාජපක්ෂලා සැබැවින්ම ජන විඥානයෙන් විතැන් වෙමින් තිබිණි. ජනපතිවරණ සමයේ අපට තිබුණු ලොකුම ගැටලුව නාමල් ගැන මාධ්‍ය තුළ කථා නොකිරීම යි. නමුත් අනුර කුමාරගේ සූක්ෂ්ම මෙහෙයුමෙන් නැවතත් රාජපක්ෂලා කරළියට ගෙනැවිත් තිබේ. එය පැහැදිලිව ම සැලසුමකි.  අනුර කුමාරට ඇති සැබෑ අභියෝගය සමගි ජන බලවේගය යි. හරිනි ප්‍රමුඛ කොළඹ ප්‍රභූ ධනේශ්වර පිල ඉදිරියේ දී සජබ හා එකතු වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය අහිමි වේ. නලින් හේවගේ වැනි ජවිපෙ නූගත් ගංකබරයන්ට එරෙහිව ආචාර්ය කෞෂල්‍යලා යුධ ප්‍රකාශ කරමින් සජබ...

අපරාධ සංස්කෘතිය

Image
කොටහේනේ ඝාතනය සිදු කළේ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු අල්වා දෑත දෙපය බැඳ පහර දෙන වීඩියෝවක් සංසරණය වේ. ඒ දුටු මට මතක් වූයේ කළු මැයි 9 වැනිදා ම්ලේච්ඡ අරගලකාරයන් විසින් පොහොට්ටුවේ මිනිසුන්ට මහමග පහර දුන් ආකාරය සිරස සහ අනෙකුත් චැනල් ලයිව් දීමයි. එදා එම සාහසික පහර දීම් සිදු කළ උන් සහ ඒවාට හුරේ දමමින් share කළ උන් අද කොටහේනේ පහර කෑ පුද්ගලයන්ගේ අයිතිය වෙනුවෙන් කථා කරනු පෙනේ. ඒ දිව දෙකේ මිනිසුන්ය. කොටහේනේ ඝාතනය සැබැවින්ම කළේ එම පුද්ගලයන් දෙදෙනාද කියා මා දන්නේ නැත. දැන් එය දැන ගැනීමට ක්‍රමයක්ද නැත. ඒ ඔවුන් පොලිස් වෙඩි පහරින් ඝාතනය කර ඇති බැවිනි. එසේ ඝාතනය කළේද අර වීඩියෝවේ සිටින අයමද කියා නිසැකවම දන්නේද නැත. අපරාධයක වැරදිකරුවන් විනිශ්චය කළ යුත්තේ අධිකරණයෙන් මිස හන්දියේ චණ්ඩි නොවේ. නමුත් NPP ය බලයට එන්නේ අධිකරණ බලය ගමට දෙනවා කියා ගෙනය. නූගත් 68 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඒ සඳහාය. ජවිපෙ විසින් දියත් කළ 88-89 සන්නද්ධ අරගලයේ පසුකම්පන තුළ මෙරට බිහිසුණු පාතාලයක් නිර්මාණය විය. නීතියේ ආධිපත්‍යය මෙන්ම සමාජ සාරධර්ම බිඳ වැටුණු විට එහි වැළැක්විය නොහැකි ඊළඟ අදියර අපරාධ සංස්කෘතියයි. 90 දශකය පුරා හොල්මන් කළ එම අපරාධ ස...

Letter to President Donald Trump

Image
Mr. Donald J. Trump The President The White House 1600 Pennsylvania Avenue NW Washington, DC 20500 United States of America Your Excellency, Warm congratulations on your successful return to leadership! The American people are fortunate to have a leader who loves his country and is proud of its cultural values. We too had a national leader who sought to preserve Sri Lankan values, protect our borders, and rebuild our economy independently. However, as we knew and is now being divulged, the Biden-Kamala administration played a key role in the removal of our president and the toppling of the government through an undemocratic and violent regime change in 2022. Your Excellency would have seen the murder, assault, burning of private and public property, and the sheer destruction caused by leftist political groups in Sri Lanka. We believe that this would not have happened if you had been in power in the USA. As a result, we now have a socialist and former terrorist organization in pow...

ඩොලර් අරගලය

Image
ඊනියා අරගලය කළේ ඇමරිකානු ඩොලර්වලින් බව දැන් ඇමරිකාවෙන්ම ඔප්පු කර තිබේ. මැද පෙරදිග සහ යුක්රේනය ඇතුළු රටවල ඇමරිකාව විසින් මුදලට ගත් කුලීකරුවන් ලවා සිද්ධ කළ රෙජීම් චේන්ජ් හෙවත් ආණ්ඩු පෙරළීම, ලංකාවේ කළේ “අරගලය” නමින් බව දැන් කුඩා දරුවන් පවා දනී. එහි සන්නාමය නිර්මාණය කිරීමේ පටන් එහි අවසාන අරමුණ වූ බෞද්ධ සිංහල නායකයා ඉවත් කර ඇමරිකාවේ රූකඩයක් ජනාධිපති පුටුවේ වාඩි කරවීම දක්වා වූ සියල්ලට වියදම් කළේ ඇමරිකාවේ මිලියන ගණන් ඩොලර් බව දැන් තහවුරු වී අවසානය. දැන් ම්ලේච්ඡ අරගලකාරයන්ට මොකද හිතෙන්නේ? පපුව ඇඹරෙනවා වගේ නේද? ඔළුව ගිනි ගන්නවා වගේ නේද? තමන්ගේ රටේ නීත්‍යානුකූල නායකයාව එළවන්න ඇමරිකන් ඩොලර්වලින් කාපු පිළිණු බුරියානිවල පිළීගඳ උඹලගේ පරගැති පරම්පරාවල අශුද්ධ රුධිරයට එකතු වෙලා තිබෙනවා කියලා හිතෙන කොට කොහොමද?  ඔය බලපල්ලා… ඇමරිකන් ඩොලර්වලින් මරපු තමන්ගේ මිනිස්සුන්ගේ ලේ උඹලගේ අත්වල ගෑවිලා… ඔය බලපල්ලා… ඇමරිකන් ඩොලර්වලින් ගිනි තියපු ගෙවල්වල අළු උඹලගේ දරුවන්ගේ මූණේ ගෑවිලා… ඔය බලපල්ලා… බලපල්ලා! තමන්ගේ මව්බිමට එරෙහිව ඇමරිකානු ඩොලර්වලට උඹලගේ කාලකන්නි පුංචි ආත්මයත් විකිණුනා කියලා දැනෙන කොට කොහොමද? රනිල් වික...

යක්දෙස්සියගේ පාපොච්චාරණය

Image
USAID කෝටි 240 ආණ්ඩු පෙරළීමට විරෝධය දැක්වූයේ දේශප්‍රේමීන්ය. එය කිසිදු පක්ෂයක ක්‍රියාවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ සිංහල රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙන ප්‍රතිපත්තිගරුක අහිංසක මිනිසුන්ම එහි විය. එබැවින් එහි මාගේ සම්බන්ධය ගැන කියා මාගේ කර ගැනීමට මා අකමැතිය. එය පොදු ව්‍යායාමයකි. එයට සහභාගී වූද සහාය දැක්වූද සියලු දෙනා කෙරෙහි මා තුළ ඇත්තේ හදපිරි ගෞරවයකි. ඔවුන්ගේ පළමු ව්‍යායාමය සාර්ථකය. මෙය ආරම්භය පමණී. තව විශාල විරෝධතාවයන් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත. ජූලී චන්ග් ඊයේ පොහොට්ටු කාර්යාලයට පැමිණ පාපොච්චාරණයක් කර තිබේ. තමා ඇමරිකානු රජයේ සේවකයෙක් පමණක් බවත්, පසුගිය කාලයේ කළ කී දෑ කළේ එවක ඇමරිකානු ආණ්ඩුවේ උපදෙස් අනුව මිස පුද්ගලිකව හිතාමතා නොවන බවත්, දැන් වැඩ කරන්නේ අලුත් ආණ්ඩුවේ උපදෙස් අනුව බවත්, දැන් ඇය වෙනස් වී ඇති බවත්, ඉදිරියේදී ඇයගේ සම්පූර්ණ සහාය පොහොට්ටුවට දෙන බවත් මුහුණ ඇස් රතු කරගෙන තමා හට පැවසූ බව නාමල් රාජපක්ෂ කීවේය. වෙනත් වචනයෙන් කිවහොත් “වැරදි කළේ හිතාමතා නෙවෙයි, ආයෙත් එහෙම කරන්නේ නැහැ” වැනි චාපල්‍ය ගැහැණියකගේ කථාවකි. නාමල් රාජපක්ෂට ජූලී බැරිනම් ජූලීගේ මව හෝ මුණගැසිය හැකිය. එ...

ආලෝක වර්ෂ විප්ලවය

Image
බොත්තම් කාස වරද්දවා ගැනීමට අනුකම්පා කොට සමාව දිය හැකි වුවත් අනුර කුමාරගේ “ආලෝක වර්ෂ වේගය” කථාවට නම් කිසිදු සමාවක් දිය නොහැකිය. භෞතික විද්‍යා තබා සාමාන්‍ය විද්‍යා උපාධියක් ගත් අයෙකුට වුවත් කිසිසේත්ම එවැනි අවිද්‍යාත්මක කථාවක් කියවෙන්නේ නැත. “අට පාස්” යැයි කියමින් මාලිමාකාරයන් අපහාස කළ අයෙකු වුවත් ආලෝක වර්ෂ යනු දුර මනින ඒකකයක් මිස වේගය මනින ඒකකයක් නොවන බව දනී. එනම් වර්ෂයක කාලයකදී රික්තකයක් තුළ ආලෝකය ගමන් කරන දුරයි. එසේ ආලෝකය ගමන් කරන වේගයට කියන්නේ “ආලෝකයේ වේගය” කියාය. මෙය කට වැරදීමක් ලෙස ගත නොහැක්කේ “ආලෝක වර්ෂ ගණනාවක වේගයෙන් එන ග්‍රහයකට…” කියා කියන නිසාය. වචනය *ග්‍රහකයකට ලෙස නිවැරදි විය යුතු වුවත් එයටත් සමාව දෙමු. විහිළුව එය නොවේ. කිසිදු ග්‍රහකයකට ආලෝකයේ වේග ගණනාවකින් තබා ආලෝකයේ වේගයෙන්වත් ගමන් කළ නොහැකි නිසාය. ආලෝකයේ වේගයෙන් වුවත් යා හැක්කේ ස්කන්ධයක් නැති ආලෝකය වැන්නකට පමණී. ග්‍රහකයකට ස්කන්ධයක් තිබේ. ඔහුගේ කථාවේ මෙවැනි බොහෝ විකාර තිබේ. විදෙස් නායකයන්ගේ සමුළුවක කළ එම කථාව ඉතාම බොළඳ ටිපිටිප් කථාවකි.  මෙයින් පෙනී යන්නේ අනුර කුමාර විද්‍යා දැනුමෙන් ඉතාම දුර්වල බවය. ඔහුට ඉගැන්වූ ආචාර්යයන්ට...

මීටරෙන් ඉන්න පුතා

Image
සිහියෙන් කටයුතු කිරීමේ වැදගත්කම පේනවා නේද? තමන්ගේ කමිසයේ බොත්තම් ටික හරියට දාගන්න තරම් සිහියක් නැත්නම් ඔබට රාජ්‍යයක් පාලනය කරන්න කිසිසේත්ම බැහැ. ඔන්න ඕක තමයි මිනිහෙකුට නිවැරදි ශික්ෂණයක් අවශ්‍යයි කියන්නේ. පාසල් යන කාලයේ මේ සිහියෙන් වැඩ කිරීම අපට උගන්වනවා. නිල ඇඳුම පිළිවෙලට අඳින්න උගන්වනවා. කොණ්ඩය පීරන්න උගන්වනවා. රැවුල කපන්න උගන්වනවා. දත් මැදලා නියපොතු කපලා නාලා පිරිසිදු වෙන හැටි උගන්වනවා. වැසිකිළියට ගිහිල්ලා හෝදලා වතුර යොදන හැටි උගන්වනවා. පන්තියක පිළිවෙලට වාඩි වෙලා ඉන්න උගන්වනවා. ගාණක් හදන කොට රචනාවක් ලියන කොට සිහියෙන් කරන හැටි උගන්වනවා. විනය කියන්නේ සිහියෙන් කටයුතු කිරීම. බාලදක්ෂ හෝ ශිෂ්‍යභට වගේ කටයුතු කළා නම් ඒවා තවත් හොඳට ලැබෙනවා. ක්‍රීඩාවක් කළා නම් ජයග්‍රහණයේදී සහ පරාජයේදී හැසිරිය යුතු ආකාරය ඉගෙන ගන්නවා. මා මිත්‍ර මහේෂ් හපුගොඩ ලියලා තිබුණා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඔහොම තමයි කියලා. ඒක ඉතාම ප්‍රතිගාමී නොදියුණු මධ්‍යමාන කථාවක්. ඇමරිකානු කළු මිනිසුන්ගේ සටනට නායකත්වය දුන්න මාර්ටින් ලූතර් කිංග් ෆුල් සූට් එක ඇන්දේ අකුරට පිළිවෙලට. යුද්ධයට යන සෙබළා නිල ඇඳුම අඳින්නේ ඉතාම පිළිවෙලට. මොකද තමන්ග...

කෝටි 240 ආණ්ඩු පෙරළිය

Image
ලංකාවේ මාධ්‍යකරුවන් ස්ත්‍රී හා පුරුෂ ලිංග පද භාවිතා නොකරවීම සඳහා ඩොලර් මිලියන 8 ක් හෙවත් රුපියල් කෝටි 240 ක අතිවිශාල මුදලක් කුප්‍රකට USAID ආයතනය විසින් වියදම් කර ඇති බව අලුතෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව විසින් හෙළිදරව් කොට තිබේ. මේ දිනවල අන්තර්ජාතික ජනමාධ්‍යයේ ප්‍රධාන සිරස්තලය මෙයයි. මෙය ලංකාවේ ජනමාධ්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්න රාශියක් මතු කරයි. විශේෂයෙන්ම 2019 සිට හතු පිපෙන්නාක් මෙන් බිහි වූ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධී යූටියුබ් මාධ්‍ය මාෆියාව මෙයින් පැහදිලි කළ හැකිය.  කුප්‍රකට මාධ්‍ය මුදලාලියෙකු වන දිලිත් ජයවීර නමැත්තා පසුගියදා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකින් කියවුණේ ඔහුට අයිති “Pulse” (පලස්) නමැති මාධ්‍ය නාලිකාවේ මෙම ලිංග දිශානති හුටපටය ප්‍රවර්ධනය සඳහා අගමැති හරිනි අමරසූරියට අවස්ථාව දීම නිසා එය ඇයට හොඳ වූ බවය. Pulse යනු මෙරට සම, සංක්‍රාන්ති සහ වෙනත් ලිංගික අනන්‍යතාවයන් ප්‍රවර්ධනය කරන ප්‍රධාන වෙළඳ ව්‍යාපාරයකි. USAID ව්‍යාපෘතිය සහ දිලිත්ගේ ඉහත ජනමාධ්‍ය ව්‍යාපෘතිය අතර ඇති සමානත්වය අහම්බයක්ද? දෙරණ වැඩසටහන් සඳහා USAID ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයා තිබෙන්නේ කුමන අරමුණින්ද? රටක ජනමාධ්‍...

මෝඩ ජනතාව යනු

Image
මෝඩ, මූඪ, මොඝ, මෝහ, මුග්ධ ආදී වචනයෙන් අදහස් කරන්නේ සත්‍යය නොදන්නාකමය. මා බොහෝ විට ලංකාවේ ජනතාව “මෝඩයන්” ලෙස හඳුන්වන්නේ එම අර්ථයෙනි. එයට සාක්ෂි ඕනෑ තරම් තිබේ. ආසන්නතම උදාහරණය වන්නේ මෙරට ජනතාව විසින් 2022 කළු මැයි දිනයදා නිවාස සහ වාහන ඇතුළු බොහෝ දේපළ කොල්ල කා ගිනි තබා විනාශ කිරීමත්, එම ජනතාවගේම බදු මුදලින් එම දේපළ වෙනුවෙන් මුදලින් වන්දි ගෙවීමත්ය. උඹලට මෝඩයෝ කියන්නේ නැත්නම් වෙන මොකක්ද කියන්න පුළුවන්? මෙය ජනරජයකි. එනම් මෙම රාජ්‍යයේ අයිතිය සහ පාලනය ජනතාව සතුය. එයට පිටස්තර කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. මේ රාජ්‍යය තුළ සෑම සියලු කර්මයක්ම කරන්නේත් නොකරන්නේත් ජනතාවමය. ඒවායේ කුසල අකුසල විපාක විඳින්නෙත් ජනතාවමය. වෙන කවුරුවත් නොවේ. ජනරජයක හැටි එහෙමය. ජනතාව හොඳ දෙයක් කළොත් - හොඳ ප්‍රතිඵල ලැබේ. නරක දෙයක් කළොත් - නරක ප්‍රතිඵල ලැබේ. අනුන්ගේ ගෙවල් ගිනි තිබ්බොත් - අනිවාර්යෙන්ම වන්දි ගෙවන්නට වේ. ඔය සිදු වී ඇත්තේ එයයි. මෝඩ ජනතාව එම සාහසික අපරාධය කරවීමට උල්පන්දම් දුන් මෝඩයන්ද සිටී. ‘ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය’ කියා ප්‍රචණ්ඩත්වයට ජනතාව යොමු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් දේවසිරි යනු එවැනි මෝඩයෙකි...

USAID Corruptions

Image
USAID is the soft weapon of the military-industrial complex of the United States. Their so-called “aid” is often used to buy the cheap souls of corrupt locals who will then be used to destabilise foreign countries from within. For example, USAID has been training, resourcing and funding desperate wannabes in Sri Lanka to become so-called “social media influencers” who played a key role in the 2022 Regime Change mission a.k.a Aragalaya. However, karma has come full circle because the USAID is under heavy scrutiny from the re-elected Trump administration. No more USD for the woke. Camera as a weapon The USAID website is no more. It has been shut down by DOGE - Department of Government Efficiency headed by Elon Musk. According to Elon , USAID will be shut down altogether because “USAID is not an apple with a worm inside, but a ball of worm”. It’s great to see both Julie Chung and the USAID staff Going Home together.  The USAID also funds the website of the Sri Lanka Judges’ Institute...

අලුත් ගැලවුම්කාරයෙක්

Image
දෙමළ ජනතාවට නව ගැලවුම්කරුවෙකු ලැබී තිබේ. මෙතෙක් කාලයක් දෙමළ ජනතාවගේ නීත්‍යනුකූල ගැලවුම්කාරයා ලෙස ඔවුන් පිළිගත්තේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. මහාවීර් ලෙස ඔවුන් සැබැවින්ම සමරන්නේ ඔවුන්ගේ ගැලවුම්කාරයාය. නමුත් ජාතික ජන බලවේගය හුවා දක්වන ආකාරයට කොටි නායකයා පරයා අනුර කුමාර දිසානායක අද එම ස්ථානය ගෙන තිබේ. වෙනත් වචනයෙන් කිවහොත් දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා බවට නොදෙමළෙකු පත්ව තිබේ. මෙය අතිශය සිත් ගන්නා සුලු තත්ත්වයකි. විය හැකි තත්ත්වයන් දෙකකි: දෙමළ ජනතාව විසින් අනුර කුමාරව ගොනාට අන්දවා තමන්ගේ දේශපාලන අරමුණ සාක්ෂාත් කරගැනීම;  දෙමළ ජනතාව විසින් සත්‍ය වශයෙන්ම අනුර කුමාර සිය ගැලවුම්කාරයා ලෙස පිළිගැනීම.  NPP ය විසින් පළමුවැන්න ප්‍රතික්ෂේප කරයි. එසේ නම් ඔවුන්ට අනුව විය හැක්කේ දෙවැන්නයි. එසේ නම් සිදුව ඇත්තේ දෙමළ ජාතිවාදය නැවත වාරයක් පරාජය වීමයි. එක්තරා ආකාරයකට එය යුධ පරාජය වැනිම දරුණු පරාජයකි. යුද්ධයෙන් පසුවත් දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස සැලකුණේ ප්‍රභාකරන්ය. නමුත් දැන් එම ස්ථානය දෙමළ නොවන අයෙකු විසින් ඩැහැ ගෙන තිබේ. මෙය සාහසික මානසික ආක්‍රමණයකි. යාපනයේ පිහිටි ජනාධිපති නිල නිවස දෙමළ ජනතාවට දෙන්නේ අ...

Friendly Note to Hanif Yusoof

Image
Dear Hanif,  The last time you contacted me was during the height of the COVID-19 pandemic regarding your concern about cremating all dead bodies. As you would remember I was sympathetic to your religious belief. The last message I sent you was my deepest condolences on your beloved daughter’s untimely death. The three of us met sometime back and I very well remember your daughter’s passion for sustainability. We lost a fellow fighter. I must say that I wasn’t surprised when I saw you become the representative governor of the leader of a former terrorist group which was responsible for tens of thousands of deaths, much higher than the number of COVID deaths, and unmeasurable destruction and obstruction of economic growth; all second only to that of the LTTE. I can understand your anger which would have led to such irrational measures. Great personal losses make us do even the unthinkable. But what surprised me is seeing you complaining against the social media accusations related t...