දඩයක්කරුවා දඩයම වීම
දේශපාලනයේදී දේවල් සිද්ධ වන්නේ විරුද්ධාභාසයටය. නෙල්සන් මැන්ඩෙලාව හිරේ දැමීමෙන් එදා අධිරාජ්‍යවාදීන් බලාපොරොත්තු වූයේ ඔහුගේ නිදහස් සටන අවසන් කිරීමටය. නමුත් එයින් සිදු වූයේ ලෝක ඉතිහාසයේ අමරණීය ජනතා නායකයෙකු බවට මැන්ඩෙලා පත් වීමය. මේ අවස්ථාවේ සිය ආණ්ඩුවේ අන්ත අසාර්ථකත්වය වසා ගැනීමට අනුර කුමාර සහ ඔහුගේ ඇමතිලා ටික කරගෙන යන “රාජපක්ෂලා හිරේ දාන නාඩගම” අවසන් වන්නේ දඩයක්කරු දඩයම බවට පත් වීමෙනි. මහින්දගේ ජීවිත කතාව යම්තම් හෝ දන්නා කෙනෙකු මහින්දට ඔය අනුර දාන ගොන්පාට් දාන්නේ නැත. මහින්ද යනු අමුතුම මිනිසෙකි. ඔහු කුඩා කල සිටම පොදු ජනතාව ඇසුරේ හැදුණු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම “ජන නායකයෙකි”. ඔහු කිසිම දිනෙක කිසිදු ප්‍රතිවාදියෙකුට භය නොවුණු අයෙකු බව ඉතිහාසය දන්නෝ දනිති. අනුර කුමාර වැනි ප්ලාස්ටික් බෝනික්කන් නොව, ජේ ආර් සහ ආර් ප්‍රේමදාස වැනි දරුණු මිනිසුන් සමග සිය තරුණ අවධියේම මුහුණට මුහුණ ගැටුණු දඩබ්බරයෙකි. සිය මවගේ අවමංගල්‍යයට මහින්ද පැමිණියේ වැලිකඩ ඉඳලා අත් දෙකේ මාංචු දාගෙන බව ටික්ටොක් මල්ලිලා දන්නේ නැතුව ඇති… එජාප ආණ්ඩුවේ සාහසික තරුණ මර්දනයට එරෙහිව අභීතව උසාවි ගිය මිනිසා මහින්දය. ලෝකයේ ත්‍රස්තවාදී ...