අනුරගේ ප්‍රවේශම
ජනාධිපති වී මාස 3 ක් ගත වී ඇතත් අනුර තවමත් ගෙන යන්නේ රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළය. ඒ ඇයි?
අනුරට සිදු වී ඇත්තේ මහත් අකරතැබ්බයකි. ඔහුට රාජ්‍ය පාලනයේ අත්දැකීම් නැත. ගොඩ ඉඳගෙන පීනන හැටි ගැන උපදෙස් දුන් එකාව අල්ලා මුහුදට තල්ලු කළාක් වැනි වැඩක් තමයි ඇත්තටම වුණේ. ඔබේ ආයතනයේ සේල්ස්රෙප් කෙනෙකුව එක වර ප්‍රධාන විධායක නිලධාරියාගේ පුටුවේ වාඩි කළොත් මොන වගේ තියේවිද! දොරටුපාලයා රජ වුණා වගේ කියා අපේ පැරැන්නන් කියා තිබෙන්නේ මෙන්න මෙවැනි අවස්ථා සඳහාය.
ඒ මදිවාට රාජ්‍ය පාලනය තබා තමන්ගේ හැකර කටවත් පාලනය කර ගන්න බැරි බබ්බු 159 ක් පාර්ලිමේන්තුවට එවීමෙන් රාජ්‍යයේ සමස්ත වගකීමම අනුර මත පටවා තිබේ. පාර්ලිමේන්තුව හරියට මොන්ටිසෝරියක් වැනිය. අනුරගේ පැත්තෙන් ගත් විට මෙය අතිශය බරපතල තත්ත්වයකි. තමන්ට 2/3 ක් එපා කියා ඔවුන් කීවේ මේ ප්‍රශ්නය ඔවුන්ට එන බව ඔවුන් දැන සිටි නිසාය.
මෙවැනි අවස්ථාවක තමන් විසින් දෙඩවූ පණ්ඩිතකම් කරන්නට ගිය හොත් කබලෙන් ලිපට වැටිය හැකි බව අනුර දනී. තමන්ගේ නොහැකියාව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් ඔහුට තිබේ. එය හොඳ දෙයකි. ඒ අනුව මෙවැනි තත්ත්වයක ඔහු කරන්නේ පවතින තත්ත්වය (status quo) හැකි තාක් කාලයක් පවත්වා ගැනීමයි. රනිල්ගේ IMF වැඩපිළිවෙළ දිගටම කර ගෙන යන්නේ ඒ නිසාය. ඔහුගේ පැත්තෙන් ගත් කල එය ඔහුට ගත හැකි බුද්ධිමත්ම තීරණයයි.
මුදල් අමාත්‍යංශය ඔහු යටතේ තබා ගත්තේ ඒ නිසාය. එය වෙනත් ඇමතිවරයෙකුට දුන්නොත් වැඩේ වර්චස් විය හැකි බව ඔහු දනී. ඉස්සර ජනපතිවරුන් යටතේ අමාත්‍යංශ තියා ගන්නවාට පොළොවේ පස් කමින් විරුද්ධ වූ අනුර තමන්ගේ වචන ගිල ගෙන ලැජ්ජාව දරා ගෙන මේ කරන්නේ ඉතාම අපහසු දෙයකි. ඔහුගේ පැත්තෙන් එය සාධාරණය.
මේ සියල්ලට උපදෙස් දෙන්නේ රනිල් බව දේශපාලනය ගැන කියවීමක් තිබෙන කාට වුවත් පැහැදිලි විය යුතුය. සැබැවින්ම අනුරට වෙන කරන්නට දෙයක් නැත. ඔවුන් දෙදෙනා එකිනෙකාට විරුද්ධ බවට එළියේ කරන ඕවර්ඇක්ටින් බොළඳ කවර්අප් කතාවලට රැවටුණා සේ අප සිටිය යුතුය. දිස් ඉස් පොලිටික්ස්.