Posts

Showing posts from March, 2025

ප්‍රභූන්ගේ කවටයා

Image
මේ කතාවේ වඩාත් ම ඛේදනීය කොටස තමයි හරිනි අමරසූරිය විසින් නිර්මාල් දේවසිරිට කරන අපහරණය. නිර්මාල් ස්වයං ප්‍රකාශිත නිර්ප්‍රභූවෙක්. හරිනි කියන්නේ ප්‍රභූ තන්ත්‍රයේ සල්ලාල ම වර්ෂන් එක. ප්‍රභූ පැලැන්තියේ තෙල වැඩිකමට ලෙෆ්ටිස්ට් දේශපාලනය කරන එහි තක්කඩි ම ප්‍රවර්ගය. සර්ව කාලීන ව වන්නාක් මෙන් ප්‍රභූ සල්ලාලයා අතින් නිර්ප්‍රභූ මෝඩයා රැවටීමට ලක් වෙනවා. නිර්ප්‍රභූගේ ස්වභාවය තමයි ප්‍රභූව අහේතුවෙන් විශ්වාස කිරීම. ඒක ජන්ම සහ පූර්ව ළමා විය පාරිසරික බලපෑම ඇසුරෙන් එන ගතියක්. නිර්මාල් මේ ආණ්ඩුව කෙරෙහි කප්පරක් සිහින මවා ගත්තේ හරිනි නිසා. මේ දවස්වල නැවත සංසරණය වෙන වීඩියෝවක හරිනිව ඉස්සරහා තියාගෙන නිර්මාල් එයාගෙන් අහනවා “ඔයා බලයට ආවට පස්සේ අන්තරේ පෙළපාලිවලට ගහන්නේ නැහැ නේද?” කියලා. හරිනි ඇඹරි ඇඹරි වටේ යනවා. නිශ්චිත පිළිතුරක් දෙන්නේ නැහැ. නමුත් සීනිබෝලවලට රවට්ට ගත්ත පොඩි එකෙක් වගේ නිර්මාල් ඒ ප්‍රභූ චාටුවට අහු වෙනවා. ඒක පන්තිමය බල ධූරාවලිය පිළිබඳ ප්‍රශ්නයක්. රැජිණ අත්මේස් ගලවලා අතට අත දුන්නා කියලා සිරිසේන පාරම් බාපු හැටි මතක ද? ඒක තමයි පුද්ගලයන් දෙදෙනෙකු අතර තිබෙන බලය පිළිබඳ නිසැක ඉඟිය. Power is the ability to con...

ගෝඨාභය සහ බැසිල්

Image
මෑත යුගයේ වඩාත් ම අසාධාරණයට ලක් වූ දේශපාලන චරිත දෙකක් වන්නේ ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ දෙදෙනා ය. දේශපාලන නායකයන් යනු ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා තත්ත්වයක් නොවේ. එම නාමරූප නිර්මාණය කරන්නේ පොදු ජන සමාජය විසිනි. ගෝඨාභය සහ බැසිල් යන මහත්වරුන් මම කලක සිට හඳුනමි. ඔවුන් සාමාන්‍ය මිනිසුන් ය. යහපත් පවුල් ජීවිත ගෙවන ආදරණීය පියවරුන් ය. දෙදෙනා ම හොඳ බෞද්ධයන් ය. නමුත් බාහිර සමාජය ඔවුන් දකින්නේ වෙනත් ආකාරයකිනි. එය වෙනස් කළ නොහැකි වුවත් රටේ දේශපාලන අර්බුදය තේරුම් ගැනීමෙහි ලා මෙය ප්‍රයෝජනවත් වේ. වාමාංශික කඳවුර (ජවිපෙ නොවේ) තුළ පවතින ඊනියා ජාතිකවාදී නමැති ස්වයං ප්‍රකාශිත උපකුලකයේ තෝරාගත් වැරදිකරුවා බැසිල් ය. බැසිල් සැබැවින් ම වැරදිකරුවෙකු නොවේ. සිය දරුවන්ගේ ගෞරවයට හානියක් වනවාට බැසිල් බය ය. එබැවින් ඔහු බොහෝ විට දේශපාලනය කරන්නේ සීමාවන් තුළ ය. ඔහුට සමීප පුද්ගලයන් ඔහුට දැඩිව පක්ෂපාතී වීමට එම ගුණය එක් හේතුවකි. බැසිල් සමාන කළ හැක්කේ අපට ඉහළ පරම්පරාවේ ආයතන ප්‍රධානියෙකුට ය. ඔහුට ප්‍රබල ආයතන සංවිධාන ශක්තියක් තිබේ. දේශපාලනය කිරීම සහ දේශපාලන ව්‍යාපාරයක් සංවිධානය කිරීම යනු දෙකකි. මහින්ද ජනතාව අතර ජනප්‍රිය දේශපාල...

දන්ත ධාතු වන්දනා - 1

Image
“දන්ත” ධාතුන් වහන්සේ පිළිබඳව කථා කිරීමට බොහෝ දේ තිබේ. එහි වචන මූලයෙන් ඇරඹීම මැනවි. මාගධී (පාලි) භාෂාවේ එන “දන්ත” යන වදන සංස්කෘතයේත් ඒ ආකාරයෙන් ම යෙදේ. නූතන සිංහලයට “දත/දත්” ලෙස එය විකාශය වී තිබේ. මේ වනාහි ඉන්දු-යුරෝපියානු (IE) භාෂා පවුල පුරාම එතරම් වෙනස් වීමකින් තොරව දැක ගත හැකි විශේෂ වචනයකි. උදාහරණ ලෙස ලතින් dens, ඉතාලි dente, ස්පාඤ්ඤ diente, ප්‍රංශ dent, පෘතුගීසි dente, රොමේනියානු dinte සජාතීය පද දැක්විය හැකි ය. ලතින් සම්බන්ධ විභක්තිය dentis යන්නෙන් නූතන ඉංග්‍රීසියේ dental සෑදේ. Dentistry යනු දන්ත වෛද්‍ය ක්‍රමය යි.  නමුත් දතට ඉංග්‍රීසියෙන් tooth යනුවෙන් ද වචනයක් තිබේ. එය හැදෙන්නේ ජර්මානු භාෂා අත්තෙනි. ග්‍රිම්ගේ නීතිය (Grimm’s Law) අනුව “ඩ” ශබ්දය කාලයාගේ ඇවෑමෙන් “ට” වේ. ඒ අනුව ගොතික් tunþus, පැරණි ඉංග්‍රීසි tōþ, නූතන ඉංග්‍රීසි tooth, පැරණි නොර්ස් tönn, ස්වීඩන් සහ ලන්දේසි tand සෑදේ. ජර්මානු වචන හැදෙන විට “ට” ශබ්දය බොහෝ විට “Z” වේ. ඒ අනුව දත් සඳහා ජර්මානු වචනය වන්නේ Zahn. මෙහි විශේෂත්වය වන්නේ dent(al) සහ tooth ඇතුළු මේ සියලු වචන පැවත එන්නේ එක ම පූර්වජ වචනයකින් වීම ය. එනම් වාග් විද්‍...

වෛද්‍ය ජනපති

Image
වෛද්‍යයෙකුට ඕනෑම සමාජයක විශේෂ ගෞරවයක් තිබේ. අදටත් ගමේ වෙද මහත්මයාට ගැමියෝ ගරු කරති. එයට ප්‍රධාන හේතුව වන්නේ ඕනෑම මනුෂ්‍යයෙකුට හෝ වෙනත් සත්ත්වයෙකුට හෝ පිහිට වන්නේ වෛද්‍යයා හෙවත් වෙදා වීම ය. වෛද්‍ය යනු ම විද්‍යාත්මක බව ය. බටහිර දොස්තරවරු පවා ජීවය සහ රසායනය පිළිබඳ ගැඹුරින් උගත්තෝ ය. එබැවින් ජාති ජරා මරණ ලෝක විෂය පිළිබඳ ව අන්‍යයන් ට නොමැති අවබෝධයක් වෛද්‍යයන් සතු ය. රෝගීන්ගේ සෙම් සැරව ලේ මළ මුත්‍ර ආදිය ඉවසමින් ඔවුන් ට අනුකම්පාවෙන් උවැටන් කිරීම මහත් අසීරු කාර්යයකි. මේ සියලු කාරණා නිසා ඕනෑම සමාජයක වෛද්‍යයන් විශේෂ වේ. නමුත් අද ලක් සමාජයේ වෛද්‍යයන් කෙරෙහි ඇති ගෞරවය බොහෝ හීන වී තිබේ. එයට ද විවිධ හේතු තිබේ. වෛද්‍ය සේවය අද වන විට බොහෝ සේ වාණිජකරණය වී තිබේ. පෞද්ගලික රෝහල් සහ චැනල් කිරීම් තුළ විනාඩියක් හෝ රෝගියා පරීක්ෂා නොකරන වෛද්‍යයන් සිටී. රජයේ රෝහල් තුළ රෝගීන්ට අකාරුණික ව සලකන වෛද්‍යයන් ද සිටී. නමුත් සියලු වෛද්‍යයන් එසේ නොවේ. වාණිජ ලෝකය තුළ පවා රෝගීන් මැනවින් පරීක්ෂා කර නිවැරදි ඖෂධයෙන් ගත සනසා, කාරුණික වදනින් සිත සනසන වෛද්‍යයන් බොහෝ සිටී. නමුත් සමස්තයක් ලෙස ලංකාවේ වෛද්‍යයන් පමණක් නොව සමාජයට වැදගත...

අනුරගේ නැගිටීම

Image
ගරු අනුර කුමාර දිසානායක මහතා නිවැරදි මාර්ගයට අවතීර්ණ වී තිබේ. එනම් එතුමා ලක්දිව බෞද්ධ ශාසනයේ ප්‍රධාන ආරක්ෂකයාගේ භූමිකාවට අවතීර්ණ වී තිබේ. අද පැවති අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයේ දී ජනපති ඉතා ශ්‍රද්ධාවෙන් පසඟ පිහිටුවා එය සිදු කරනු දැකීම අප හට ඉමහත් සතුටකි. විවිධ පක්ෂවලට අයත් හිටපු ජනපතිවරුන් ද සහභාගී වූ එම උත්සවය අපට පෙන්වන්නේ සිංහලයා සමගි කිරීමට බෞද්ධ සම්ප්‍රදායට ඇති ඒකාන්ත සහ අනන්‍ය හැකියාව ය. ලංකාවේ රාජ්‍ය කරවීම යනු මෙය යි. මේ වනාහි වැළැක්විය නොහැකි ප්‍රපංචයකි. ජනපති ඔහුගේ කථාවේ කීවේ රටේ තිබෙන ආර්ථික, සමාජ දේශපාලන ගැටලු සියල්ලට විසඳුම ඇත්තේ බෞද්ධ ධර්මය තුළ බව ය. බොරුවෙන් හෝ ඇත්තෙන් හෝ රාජ්‍යය බාර ගත් පසු එහි මහා භාරය ජනපතිගේ දෙඋර මත පැටවේ. රාජ්‍ය පාලනයේ සැබෑ අභියෝගය දැනෙන්නේ එවිට ය. එය මහා දුක්ඛය කි. මහත් අපහසුවකි. නොනවතින නොසන්සුන්තාවයකි.  අනුර කුමාර මෙතෙක් කල් ගත කළේ සුවපහසු දිවියකි. ඔහුට මිලමුදල් යානවාහන වාසස්ථාන දැසිදස්සන් සියල්ල පහසුවෙන් ලැබිණි. එවැනි ජීවිතයක් ගත කිරීමේ දී අපහසුව එක වර නොදැනේ. නමුත් දැන් රාජ්‍යයේ නායකයා වූ පසු ඔහුට මුළු රටේම දුක්ඛය එක වර පැවරී තිබේ. එවැනි තත...

තෝමස්ගේ ලිංගික අසහනය සහ කුරුසය

Image
ණය ගෙවාගන්න බැරිව හිඟන රටේ වසරකට වරක් කොළඹ උන්ගේ බේබදු වනචරකම පෙන්වන බිග්මැච් දැන් පැවැත්වේ. ඒ අස්සේ රෝයල් එකේ නාටු කොල්ලො ටිකක් කුරුසයක් උඩ දදා ගියා කියා කතෝලික පුද්ගලික පාසල් බලාගන්න ගැමුණු ඩයස් නමැති පේද්‍රෝ කෙනෙක් ආඩපාලි ලිපියක් ලියා සමාජ මාධ්‍යයට දමා තිබේ. මාර ලොකු ප්‍රශ්නයක්. ඒ අතර S. තෝමස් එකේ කොල්ලො සෙට් එකක් විශාඛා විද්‍යාලයේ ගේට්ටුව උඩට බඩ ගා එය විවර කර ගෙන බලහත්කාරයෙන් ඇතුළු වන වීඩියෝවක් ද සංසරණය වේ. ඩයස්ට තාම ඒ ලිංගික අසහනකාරයන්ගේ විනය ගැන ලියුමක් ලියන්න බැරි වෙලා වෙන්න ඇති… කාන්තා පාසලකට බලහත්කාරයෙන් පැනලා ඒක ඇතුළේ පිස්සු හැදිලා වගේ දුවන්න නම් S. තෝමස්ලාට කොච්චර ලිංගික අසහනයක් තිබිය යුතු ද? උන්ගේ විනය ගැන බලන්න කලින් මා ඩයස්ට යෝජනා කරන්නේ ඒ ලෙඩ කොල්ලන්ගේ මානසික ආතතිය සමනය කිරීමට බෙහෙත් ටිකක් දෙන ලෙස ය. නැත්නම් උන් තමයි ඔය ලොකු වෙලා ආයතන ඇතුළේ කාන්තාවන්ට ලිංගික හිංසන කරන්නේ. රෝයල් කොල්ලන් කුරුසය වනන්නේ S. තෝමස්ලාගේ කොඩියේ කුරුසය තිබෙන නිසා විය හැකිය. එහෙනම් ඉතින් කුරුසය සහිත කොඩිය වැනීමත් නිගරුවකි. කුරුසය සහිත කොඩිය පිටේ දමාගෙන නැටීමත් නිගරුවකි. කුරුසය සහිත කොඩිය ඔළුවේ බැඳ ...

ස්තුතියි ජනාධිපතිතුමනි

Image
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස ගත් පළමු වැදගත්ම තීරණය වූයේ පත් වූ වහා ම දළදා වහන්සේ වැඳ ආශීර්වාද ගැනීම ය. ඔහු ගත් දෙවන වැදගත් ම තීරණය වනුයේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම ය. එයින් එතුමා පෙන්වන්නේ රාජ්‍ය නායකයා ලෙස බෞද්ධ ආගමට මුල් තැන දෙමින් එය පෝෂණය කිරීම ය.  ලක්දිව රාජ්‍යය පදනම් වී ඇත්තේ බෞද්ධ ශාසනය මතය. ලක්දිව රාජ්‍යයේ පරමාර්ථය ම බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම ය. සිංහල ජාතියේ ඓතිහාසික යුතුකම වන්නේ පොහොසත් රටක් වීමවත්, සෞභාග්‍යමත් දේශයක් වීමවත්, ආසියාවේ ආශ්චර්ය වීමවත් නොවේ. සිංහලයා මුල සිටම කරන්නේත් කළ යුත්තේත් ශ්‍රී ලංකාව තුළ බෞද්ධ ධර්මය ආරක්ෂා කිරීම ය. එවිට ඉබේම රට පොහොසත් වේ. සෞභාග්‍යමත් වේ. ආශ්චර්යයක් වේ. මා හිතන්නේ ජනාධිපතිතුමා එය අවබෝධ කර ගෙන ඇති බව ය. දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම යනු අතිශය වැදගත් කර්තව්‍යයකි. මුළු මහත් ලක්දිව පුරා විසිර සිටින සියලු ම බෞද්ධ බැතිමතුන් හට සහභාගී විය හැකි ජාතික මහෝත්සවයකි. එයින් රාජ්‍යයට සහ රාජ්‍ය නායකයාට ලැබෙන ආශීර්වාදය අති මහත් ය. එය කිසියම් පාරභෞතික බලයක් හෝ ශක්තියක් හෝ නොවේ. එයින් සිද්ධ වන්නේ රටේම ජනතාව උතුම් කෘත්‍යයක් සඳහා පිළිවෙතින් සැරසී ස...

වෙල් ඩන් වික්‍රමසිංහ

Image
අල් ජසීරා එකේ කොටි ඩයස්පෝරාව ඉදිරියේ ඔළුව ඉදිමුණු හසන් සමග රනිල් කළ සාකච්ඡාව සම්පූර්ණයෙන් ම නැරඹුවෙමි. සමස්තයක් හැටියට ඔහුට එල්ල කළ ප්‍රහාරයට දෙන්න ඕනා style එකේ ප්‍රතිප්‍රහාරයක් රනිල් දුන්නා. එහෙම කරන්න පුළුවන් දේශපාලන නායකයෙකුට අපට ඉතුරු වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි. සමහර විට නාමල් රාජපක්ෂ අනාගතයේ ඒ තැනට එයි. ඒත් රනිල්-මහින්ද පරම්පරාවේ කශේරුකා අද ඉන්න කාටවත් නැහැ. අනුර කුමාර වගේ කෙනෙකුට කිසිසේත් ම ඔහොම අන්තර්ජාතික මාධ්‍යයේ හරි හරියට කථා කරන්න බැහැ. අනෙකා ව පහත් කරලා ප්‍රශ්න අහන කොට ඒ විදිහටම පහත් කරලා පිළිතුරු දෙන්න හැමෝට ම බැහැ. විශේෂයෙන් ම තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට හදනවා නම් ඔහොම කථා කරන්න බැහැ. රනිල්ගේ හැසිරීම authentic. එතන බොරු රඟපෑමක් තිබුණේ නැහැ. මම හිතන්නේ නායකත්වයේ ප්‍රබල ම ආකෘතිය තමයි authentic leadership කියන්නේ. රනිල්ගේ දේශපාලන ප්‍රතිපත්තිවලට මම කිසිසේත් ම එකඟ නැහැ. ඒ වගේම මම විශ්වාස කරනවා ඊනියා අරගලය පිටුපස ඔහුත් සිටියා කියා. නමුත් දරුණුම ප්‍රතිවාදියාගේ වුණත් හැකියාවට මා ගරු කරනවා. එකක් තමයි රනිල්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය. අනෙක තමයි ලෝක දේශපාලනය ගැන ඔ...

අන්ධයන් සමග වාද කිරීම

වරක් අපේ පාසල සහ රත්මලානේ අඳ ගොළු බිහිරි දරුවන් සඳහා වූ පාසල අතර සුහද විවාදයක් පැවැත්විණි. අපේ කණ්ඩායම් නායකයාව සිටියේ මාගේ කල්‍යාණ මිත්‍ර රවින්ද්‍ර මනෝජ් ගමගේ ය. මා හැමදාම මෙන් කරුණු බිඳින හතරවැනියා ය.  විවාදයට සූදානම් වන විට අප එකඟ වූයේ ප්‍රතිවාදී පිළේ අන්ධ කථිකයන් හට සිත් නොරිදෙන ලෙස කථා කළ යුතුය කියා ය. ඒ අනුව සාමාන්‍යයෙන් විවාදයක භාවිතා කරන “ඇස් පෙනෙන කෙනෙකු නම් ඔහොම කියන්නේ නැහැ…”, “ඇස් ඇරලා බලන්න…”, “ඇස් දෙක හොඳට තියාගෙන වැරදි පාරේ යනවා…” වැනි සරදම් නොකර සිටීමට අපි එකඟ වීමු. කොටින් ම කිසිදු ශාරීරික ඉන්ද්‍රියානුබද්ධ හැඟවීමක් නොකර සිටීමටත් සාමානයෙන් අප දක්වන දැඩි වාග් ප්‍රහාර ශෛලිය නොකර සිටීමටත් අපි සිතා ගත්තෙමු. විවාදය පැවැත්වුණේ ඔවුන්ගේ පාසලේ ප්‍රධාන ශාලාවේ ය. අප සතර දෙනා එහි යන විටත් ඔවුන් සියල්ල සූදානම් කර තිබිණි. වේදිකාව මත දෙපස මේස සහ පුටු හතර බැගින් තබා තිබිණි. ඔවුන්ගේ පාසලේ ශිෂ්‍යශිෂ්‍යාවෝ ශාලාවේ අසුන් ගෙන සිටියෝ ය. මෙයට පෙර එම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා ස්වේච්ඡාවෙන් සහාය වීමට බාලදක්ෂයෙකු ලෙස මම එහි ගොස් තිබූ හෙයින් එම පරිශ්‍රය තරමක් හුරුව තිබිණි. විවාදයේ මාතෘකා...