නායක්කාර නිරාවරණය
අර්බුද ඇති වීම වැළැක්විය නොහැකිය. නමුත් ඕනෑම අර්බුදයක් තම වාසියට යොදා ගැනීම දේශපාලනිකය.
අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගේ ආචාර්ය පට්ටම් ප්‍රශ්නය ඇති කර තිබෙන්නේ ජවිපෙ අභ්‍යන්තර සැලසුමක් ලෙස බව දැන් පැහැදිලි වෙමින් තිබේ. Dr කෑල්ල දමා ලිඛිතව පාර්ලිමේන්තුවට නම දී ඇත්තේ ඔහුගේම පක්ෂය විසින් බව මාධ්‍ය වාර්තා කරයි. මේ සිදුවන්නේ කුමක්ද?
සිරස සටන වැඩසටහනකදී හර්ෂණ හැසිරෙන්නේ නූගත් මෝඩයෙකු ලෙසටය. “... ගහන්නේ මොන බ්‍රෑන්ඩ් එකද… මමත් කැමතියි ඒකෙන් ටිකක් බොන්න… ගහන එක ඇට පිටින් ගහන්න එපා… බම්බුව...” වැනි වාසු පන්නයේ ගොඩේ ප්‍රකාශ කරන ඔහු අවසානයේ කරන ප්‍රකාශය වඩාත්ම වැදගත්ය. “විජේවීර ඔහුගේ නායකයා නොවන බවත්, ඔහු NPP” බවත් හර්ෂණ එහිදී කියයි. හර්ෂණට ෂොට් එක දීමට හේතුව පැහැදිලිය.
ඔහුගේ එම ප්‍රකාශය JVP-NPP ගැටුම “ඇට පිටින්” එළියට ආ අවස්ථාවකි. හර්ෂණ යනු ජවිපෙට නොගැලපෙන අයෙකි. ඔහු කතා කරන්නේ මෝඩ අහංකාර හාමු මහත්තයෙකු මෙනි. ටිල්වින් ඇතුළු ජවිපෙ නායකයන්ට හර්ෂණගේ පම්පෝරිය දිරවන්නේ නැත්නම් එය ඉතාම සාධාරණය. නියම ජේවීපීකාරයා කතා කරන්නේ ටිල්වින් හෝ බිමල් හෝ කතා කරන ආකාරයටය. එය ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයකි.
ඉවත් කර ගත යුතු එකාට ලොකු තනතුරක් දී ප්‍රශ්නයක් ඇති කර කිච කර නැවත එන්න බැරි වෙන්නම ඔහුටම ඉවත් වෙන්නට සැලසීම දේශපාලන උපක්‍රමයකි. මට හිතෙන්නේ රංවලට කළේ එයයි. එය කළේ NPP පාර්ශවය විසින් විය හැකිය. ජවිපෙට හර්ෂණ වැන්නවුන් දිරවන්නේ නැතිවාක් මෙන්, හරිනිගේ NPP යට රංවල වැනි ගොඩයන්ව දිරවන්නේ නැත (පන්ති අරගලය).
හර්ෂණට දැන් දියත් වෙමින් තිබෙන්නේත් එවැනි අභ්‍යන්තර ප්‍රහාරයකි. රටක ප්‍රධාන ඇමති ධුරයට කිසිසේත්ම නොගැලපෙන විහිළුකාරයෙකු පත් කර ඔහුගේ ළාමකකම නිරාවරණය (expose) කරන්නේ සැලසුමක් ඇතිවය. නමුත් හර්ෂණද සටන අත් හරින පාටක් නැත.
ඔහු CID යට ගියේ තමාට එල්ල වෙන අභ්‍යන්තර ප්‍රහාරය තමන්ගේ ඉල්ලා අස්වීම දක්වා යන්නට පෙර මෙල්ල කර ගැනීමටය. නමුත් එම අවස්ථාවේ ඔහු නැවත මෝඩ කතාවක් කියයි. “බල්ලා එලෙව්වාට, කිනිතුල්ලෝ ඉන්නවා” යනුවෙන් ඔහු කියන්නේ රාජ්‍ය සේවකයන් ගැනය. රටක අධිකරණ ඇමති විසින් විධායක රාජ්‍ය සේවය ගැන එවැනි කතාවක් කීම අශිෂ්ටය. මෙවැනි දේශපාලන ප්‍රශ්නයක් CID හරහා විසඳා ගැනීමට යාම විහිළුවකි. දැන් එය ඔහුට නැවත කැරකෙමින් තිබේ.
නමුත් මේ සිදුවීම් දේශපාලනිකව විමසන විට පෙනෙන්නේ “බල්ලා” යැයි කියා තිබෙන්නේ විජේවීර සහෝදරයාට විය හැකි බවය. එතකොට කිනිතුල්ලන් කීවේ කාටද! NPP-JVP අර්බුදය ඇත්තේ ඒ සා දරුණු තැනකය. දිස් ඉස් පොලිටික්ස්.