වෙල් ඩන් සජිත්


අද සජිත් ප්‍රේමදාස කළේ නියම වැඩක්. කාලයක් තිස්සේ නූගත් ඉරිසියාකාර බොරු ආචාර්ය මාලිමාකාරයන් විසින් සජිත්ගේ අධ්‍යාපනය පිළිබඳව එල්ල කළ බොරු මඩ කතා සියල්ලට හරි ලස්සන පිළිතුරක් ඔහු අද දුන්නා. 

ඉතාම ඉවසීමෙන්, ආත්ම විශ්වාසයෙන් සහ සැහැල්ලුවෙන් තමන්ගේ සහතික පත්‍ර පෙන්වමින් ඔහු අවංකව ඔහුගේ අධ්‍යාපන පසුබිම පාර්ලිමේන්තුව ඇතුළෙම තහවුරු කළා. මම කැමතිම වුණේ ඔහුගේ වෙනදා තිබෙන පම්පෝරි ස්වරය නැතිව හරිම නිහතමානීව ඒක කරපු හැටියටයි. වෙල් ඩන් සජිත්! ආර්. ප්‍රේමදාස අද හිටියා නම් අනිවාර්යෙන්ම ඔහුගේ පුතා ගැන ඔහු ආඩම්බර වෙයි.

මම හිතන්නේ මේක මරු වැඩක්! පුරවැසියෙක් හැටියට මම යෝජනා කරනවා විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සජිත් කරපු වැඩේ පාර්ලිමේන්තුවේ කරන්න කියලා. හැමෝම විනාඩි දහයක් විතර අරගෙන තමන්ගේ අධ්‍යාපන සහතික පෙන්වලා, සභාගත කරලා, පාසලේ, විශ්ව විද්‍යාලයේ, ආයතනයේ ලද විශේෂ සම්මාන ගැන ලස්සනට වෘත්තියමය විදිහට කියන්න. 

ජනාධිපතිවරයෙක් වුණු මිනිහෙකුගේ පුතෙකු වීම සජිත්ගේ වරදක් නොවෙයි. ඒක සජිත්ගේ වාසනාව. ඒ නිසාම ඔහුට එයින් දුර්විපාකත් උරුම වුණා. බොහෝ කර්මවල හොඳ සහ නරක විපාක දෙකම තියෙනවා. සමහරු ඉන්නවා දුප්පත් පවුලක ඉපදිච්ච කරුමයට හැමදාම හිතින් විඳව විඳව අනුන්ගේ සැපතට වෛර කරන. තමන්ගේ ඇස් දෙකේ වපරයට  ජීවිත කාලයම අනුන්ගේ රූපයට ඉරිසියා කරන. තමන්ට බැරි වුණු නිසා අනුන්ගේ අධ්‍යාපනය ගැන බොරුවට මඩ ගහන. ඔවුන්ට දෙන්න පුළුවන් හොඳම පිළිතුර අද සජිත් දුන්නා. ධර්මය ඔබට මග වේවා!

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා