රනිල්ගේ හොඳම පුතා

රනිල්ගේ පුත්තු අතරින් රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම මහන්සියක් වුණේ නිර්මාල් දේවසිරිය. කාංචන වැන්නවුන් රනිල් වෙනුවෙන් වැඩ කළේ 2022 න් පසුවය. රනිල් අනුප්‍රාප්තික ජනාධිපති කිරීම සඳහා සැබැවින්ම ඔවුන් පළමුව දැඩි ලෙස විරුද්ධ විය. රනිල් වෙනුවෙන් ඡන්දය දීමට ඔවුන් කැමති කරවා ගත්තේ මහත් අමාරුවෙන්ය. එබැවින් ඔවුන් රනිල්ගේ පුත්තු වුණේ මෑතකදීය. නමුත් නිර්මාල් දේවසිරි එසේ නොවේ. ඔහු මුල සිටම රනිල්ගේ සුජාත පුතෙකි. 

2015 ඊනියා යහපාලනය හරහා රනිල්ට රාජ්‍ය බලය අල්ලා දීමට නිර්මාල් දේවසිරි FUTA එක පවා කඩේ යැව්වේය. එමෙන්ම 2022 නැවතත් රනිල්ට රාජ්‍ය බලය අල්ලා දීම වෙනුවෙන් නිර්මාල් ගෝල්ෆේස් එකේ කූඩාරම් ඇතුළේ නොකළ දෙයක් නොමැත. නැවතත් 2024 ජනපතිවරණයෙන් රනිල් දිනවීම සඳහා නිර්මාල් මාලිමාව වෙනුවෙන් කඩේ ගියේය. වෙනකක් තබා පෙසපට හේත්තු වී සිටි දර්ශනයක් නැති විදර්ශන කන්නන්ගර වැන්නවුන් උදේ හවහා බ්‍රේන්වොෂ් කර ගැලෙව්වේය.

නමුත් 2024 දිනුවේ අනුර නේද? කියා ඔබ අසනු ඇත. ඒ ඔබේ දේශපාලන කියවීමේ සීමාවයි. ලංකාවේ ජනතාවට මෙම ව්‍යුහාත්මක දේශපාලන දැනුම නැත. 2024 දිනුවේත් රනිල්මය. අද ක්‍රියාත්මක වෙන්නේ කාගෙ IMF වැඩසටහනද? කාගෙ ආර්ථික වැඩපිළිවෙළද? කාගෙ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියද? පුටුවේ ඉන්නේ අනුර වුණාට ඔහු ක්‍රියාත්මක කරන්නේ රනිල්ගේ ප්‍රතිපත්තියයි. ඔය “රනිල්ගේ පුත්තු” යනුවෙන් මා සරදමට ලියන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති හෙවත් බටහිර ගැති, නව ලිබරල්, ප්‍රභූත්ව, වෝක් සංස්කෘතික, බෙදුම්වාදී, ෆැසිස්ට් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ය. “රනිල් ගිහිල්ලා රනිල් ඇවිල්ලා” කියන්නේ ඒකය. 

එබැවින් රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නොවෙනස්ව අඛණ්ඩව නිශ්චිතව කටයුතු කළ අය අතරින් අග්‍ර ස්ථානය ලැබිය යුත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් දේවසිරිටය. X කණ්ඩායමේ දීප්ති කුමාර, රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ෆේක් නාමල් කෙනෙකුව සිය සමබිම පක්ෂයේ අපේක්ෂක කිරීම වැනි ගොන් ආතල් සිඟිති වැඩ කරන විට නිර්මාල් දේවසිරි ඉතාම බුද්ධිමත්ව රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත ව්‍යාපාරයක් මෙහෙයවුයේය. චින්තන ධර්මදාසලා අජිත් පැරකුම්ලා බොළඳ ෆේස්බුක් කැම්පේන් කරන විට රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාල් ඉතාම උපාය මාර්ගිකව කටයුතු කළේය. එබැවින් ඔහුගේ සියලු පුතුන් අතරින් රනිල්ගේ හොඳම පුතා වන්නේ නිර්මාල් දේවසිරිය. දිස් ඉස් පොලිටික්ස්.


Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා