Posts

අන්තරේ අන්දරේ

Image
ඇත්තටම “අන්දරේ” කිව යුත්තේ අනුරට නොවේ. අන්තරේ හෙවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අයියලාට ය. සම-සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන තරග විභාගයකට අයැදුම් කළ උපාධිධාරීන්ගේ විස්තර මාලිමවේ මැතිවරණ අපේක්ෂකයන් අතට දී එය මැතිවරණ තොණ්ඩුවක් ලෙස අවභාවිත කිරීම පිළිබඳව අන්තරේ අයියලා උරණ වී සිටී. එය විහිළුවකි. රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේදී ඉතිහාසය පුරාවටම එය සිද්ධ වූයේ මැතිවරණ සහ දේශපාලන පාක්ෂිකයන් මුල් කොට ගෙන ය. එම සම්ප්‍රදාය පළමු වරට බිඳ දැමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනපති ය. උපාධිධාරීන් මෙන් ම සාමාන්‍ය පෙළ සමතුන් පවා බඳවා ගැනීම ඔහු දේශපාලන නියෝජිතයන්ගෙන් සපුරා වෙන් කළේ ය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගෝඨාභය සමග දෙවනුව උරණ වීමට හේතුව එයයි. (පළමුව උරණ වූයේ වාහන පර්මිට් එක නොදුන් නිසා ය.) ලංකාවේ මිනිස්සු දේශපාලන නියෝජිතයාගෙන් වැඩිපුරම බලාපොරොත්තු වන්නේ රස්සා ය. එය අතීතයේ සිට ම එන දෙයකි. මහින්ද රාජපක්ෂ මහතා ළඟදී මුණ ගැසුණු අවස්ථාවක ඔහු අතීත කථාවක් මතක් කළේ ය. මහින්දගේ ඥාති භාතරයෙකු වූ ලක්ෂ්මන් රාජපක්ෂ මැතිවරණය දිනා සිය කාර්යාලයේ සිටිනා විට ඔහුට ඡන්දය දුන් ගැමියන් පිරිසක් එහි පැමිණ තිබ...

ඝෙටෝවේ ගොසපලය

Image
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය ඇසුණු සැනින් මාගේ මතකයට නැඟුනේ මාගේ ප්‍රියතම ඉංග්‍රීසි ගීතයකි. විප්ලවීය ඇමරිකානු රැප් ගායකයෙකු වූ 2PAC ගේ හඬින් ගැයෙන Ghetto Gospel නමැති එම අතිවිශිෂ්ට ගීතය සහ එහි වීඩියෝව මාගේ මතකයේ රඟ දැක්විණි. ඝෙටෝව යනු දරිද්‍ර මිනිසුන් ජීවත් වෙන දුප්පත් ප්‍රදේශයකි. ඇමරිකාවේ කළු ජාතිකයන් ජීවත් වෙන ඇතැම් නාගරික ප්‍රදේශ ඒ නමින් හැඳින්වේ. ඩෑන් ප්‍රියසාද් ජීවත් වූ කොලොන්නාව ද ඒ අර්ථයෙන් ඝෙටෝවකි. ගොසපලය යනු බයිබලයේ අලුත් තෙස්තමේන්තුවේ එන ජේසුස්ගේ ජීවිත කථා ය. ඩෑන් ප්‍රියසාද් මරණයට පත් වන්නේ පාස්කු සමයේ වීම විශේෂත්වයකි. පාස්කුව යනු ජේසුස් මරණයට පත් වීම සහ නැවත නැගිටීම ය. ඩෑන් ප්‍රියසාද් ද පළමුව මරණයට පත් වූ බවත්, නැවත ඔහු ජීවත් වන බවත් ප්‍රකාශ වීම සහසිද්ධියකි. Ghetto Gospel ගීතයේ කියැවෙන්නේ කළු ජාතික තරුණයෙකු සිය පීඩිත සමාජය දෙසත් තමාගේ ජීවිතය දෙසත් සමයාන්තරව අවලෝකනය කිරීමකි. එය එක්තරා ආකාරයකට 2PAC ගේ ජීවිත කථාව ය. නමුත් ගැඹුරින් බලන කළ එය ජේසුගේ ද ජීවිත කථාව ය. දැන් එය ඩෑන් ප්‍රියසාද්ගේත් ජීවිත කථාව ය. ඩෑන් ප්‍රියසාද් යනු තමන්ගේ ප්‍රජාවගේ නිදහස වෙනුවෙන් බාහිර සහ අභ්‍යන්තර අධිකාරිය...

මගේ ලෝකයේ අවසානය

Image
නලින් ද සිල්වාගේ හොඳම ගෝලයන් යැයි කියා ගන්නා අය අතරින් ප්‍රධාන තැනක් ගන්නා තමළු පියදිගම සහ බටහිර ඉවුරේ වංගීස සුමනසේකර අතර පසුගිය සතියේ නලින් ද සිල්වාගේ දෘෂ්ටිවාදය පිළිබඳව විවාදයක් පවත්වා තිබේ. පැය තුනකට වඩා පැවති එම විවාදයේ වීඩියෝව මම සම්පූර්ණයෙන්ම නැරඹුවෙමි. මේ ලිපිය එම විවාදය පිළිබඳව ය. එහිදී වංගීස නැවත වතාවක් නලින් ද සිල්වාගේ මගේ ලෝකය කෘතියේ ඇති අභ්‍යන්තර පරස්පරය ඉතා දක්ෂ ලෙස පැහැදිලි කරන ලදී. සරලව කිවහොත් ද සිල්වාගේ පළමු පදනම වන මනසින් තොරව කිසිවක් සත්‍ය වශයෙන් දැන ගත නොහැකි නම්, එහි දෙවන පදනම වන ලෝකයේ වෙනස් වන ස්වභාවය පවා සත්‍ය වශයෙන් දැන ගත නොහැකි බව යි.  ඔහු තවදුරටත් පැහැදිලි කළේ තමාගේ දෘෂ්ටිවාදයේ ඇති මෙම අභ්‍යන්තර පරස්පරය පසුව හඳුනා ගත් නලින් ද සිල්වා ඒ අනුව සිය දෘෂ්ටිවාදය වෙනස් කර ගත් බවත්, නමුත් එමගින් බුදු සමයේ ත්‍රිලක්ෂණය වැනි පදනම් පවා බරපතල ප්‍රශ්න කිරීමකට ලක් වන බවත් ය. උදාහරණයක් ලෙස නලින් ද සිල්වාගේ දෘෂ්ටියට අනුව ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය සත්‍යදැයි දැන ගත නොහැකි වේ. වංගීස පෙන්වා දුන්නේ එයට පිළියමක් වශයෙන් ද සිල්වා ඉතා පහසු ලෙස බුද්ධ ධර්මයේ සත්‍යයන් අවබෝධ කළ...

දුප්පත් අනුර සහ පෝසත් හරිනි

Image
‘ජවිපෙ ඉන්නේ බුද්ධිමය, අදහස්මය සහ සංස්කෘතික “දුප්පතුන්” ය’ කියා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් දේවසිරි පවසනවා. නිර්මාල් ඉහත ප්‍රකාශය කරන්නේ නලින් හේවගේ සහ සමන්ත විද්‍යාරත්න වැන්නවුන් හුවා දක්වමින්. ඔහු සරලව කියන්නේ ජවිපෙ ඉන්නේ සහ ජවිපෙ ආමන්ත්‍රණය කරන්නේ නූගත් මෝඩ අශිෂ්ටයින් කියා ය. මේ මොහොතේ ඔහු එහෙම කියන්නේ ඇයි? මේ වන විට නිර්මාල් වැන්නවුන්ට ඔහු ලොල් කරන කොළඹ ධනේශ්වර ප්‍රභූ තන්ත්‍රයේ ඇනුම් බැනුම් ඇසීමට සිදු වී තිබේ. මාලිමාවට ඡන්දය දුන් එම ඊනියා ප්‍රභූන්ට දැන් හේවගේ වැන්නවුන්ගේ ප්‍රකාශ ලැජ්ජාවට හේතුවක් වී තිබේ. එම ලැජ්ජාව පිට කරන්නේ නිර්මාල් වැනි සිය බූට් ලොවින්නන්ට දොස් කීමෙනි. එබැවින් නිර්මාල් මේ කියන්නේ, ඒවා හුදෙක් ජවිපෙ මෝඩයන් විසින් කරන ප්‍රකාශ බව ය. එයින් ඔහු නොකියා කියන්නේ ජවිපෙ නොවන මාලිමාවුන් එසේ නොවන බව ය. නමුත් එය සත්‍යයක් ද? රෝයල් ආනන්දේ පමණක් නොව, CIS Asian ආදියෙන් උගෙන උපාධියක් හදාරා කොළඹ ආයතනයක විධායක ශ්‍රේණියේ වැඩ කරන එකා පවා ‘රාජපක්ෂලා උගන්ඩාවට ඩොලර් ගෙන ගිය’ නිලන්තිගේ මෝඩ කථාව විශ්වාස නොකළේ ද? කළේ ය. බ්‍රිජට් බිෂොප් මියුසියස් ගිය කොළඹ ළමාතැනීලා එකයි බිංදු පනහ...

දිලිත්ගේ වත්කම

Image
තමා පයින් එන විට තැපැල් නයින්ටියෙන් නීති පීඨයට පැමිණි දිලිත් ජයවීර අද වන විට ලංකාවේ මහා ධන කුවේරයෙකු බවට පත් ව ඇත්තේ කෙසේද කියා සෙවිය යුතු බව අද පාර්ලිමේන්තුවේ සුනිල් වටගල පැවසුවා. ඒ සඳහා ඔවුන් අලුත් පනතක් ගෙන එනවා.  මා දන්නා දිලිත් නම් යස ව්‍යාපාරිකයෙකි (ව්‍යවසායකයෙකු නොවේ.) ඔහුට ධනවතෙකු වීමේ නොතිත් ආසාවක් තිබේ. එය වැරදි නැත. ධනවතුන් වෙන්නේ එසේ ආසාව ඇත්තන් ම ය. වටගල නම් බැලූ බැල්මට කුසීතයෙකි. ඔහුගේ දැනුම අල්ප ය. එවැන්නවුන්ට කිසිදා ධනවතුන් විය නොහැකිය. දිලිත් යනු සෑම මොහොතක ම මුදල් සොයන හැටි ගැන හිතන, ඒ වෙනුවෙන් දිනකට පැය දොළහකට වැඩිය වෙහෙසෙන කාර්යශූරයෙකි. ධනවත් ව්‍යාපාරිකයෙකු වීමට නම් එම කැපවීම අනිවාර්ය වේ. ධනවතෙකු වීමට නම් වත්කම් (assets) එකතු කළ යුතුය. ඔබට ජීවත් වීම සඳහා ඉදි කර ගන්නා නිවස වත්කමක් නොවේ. ඔබ රැකියාවට යන්න එන්න ගන්නා මිලාධික වාහනය වත්කමක් නොවේ. ඔබ මිලට ගන්නා ස්මාර්ට් ෆෝන් එක වත්කමක් නොවේ. ඒවා වගකීම් ය (liabilities). වත්කමක් යනු ඔබට ධනය උත්පාදනය කර දෙන වස්තුවකි. ඔබට අයත් නිවසක් බදු කුලියට දෙනවා නම් එය වත්කමකි. ඔබේ වත්තේ වැවෙන එළවළු පළතුරු විකිණීමෙන් ආදායමක් එනවා නම් ...

“Trump’s MAGA is racist” - Sri Lankan Government Minister

Image
Sri Lankan Minister of Industries, Sunil Handunnetti, a key ally of President Anura Kumara Dissanayake, has sharply criticized U.S. President Donald J. Trump's "Make America Great Again" (MAGA), labeling it "racist propaganda akin to that of some leaders in Sri Lanka," potentially referencing their political rivals, the Rajapaksas. Minister Handunnetti, a prominent figure in the ruling NPP party, expressed concern over the recently imposed 44% tariff hike on Sri Lankan goods. He warned that while the tariff is currently impacting Sri Lanka, the shock will ultimately fall on the American people. In a similar threat made by Volodymyr Zelenskyy, Mr. Sunil warned that, "The American middle class, which is not as wealthy as Donald Trump, will feel the pain of losing essential Sri Lankan imports," he stated, implying that Americans rely heavily on Sri Lankan-made apparel. He further attributed the Trump administration's unfair trade policies to the absen...

ප්‍රභූන්ගේ කවටයා

Image
මේ කතාවේ වඩාත් ම ඛේදනීය කොටස තමයි හරිනි අමරසූරිය විසින් නිර්මාල් දේවසිරිට කරන අපහරණය. නිර්මාල් ස්වයං ප්‍රකාශිත නිර්ප්‍රභූවෙක්. හරිනි කියන්නේ ප්‍රභූ තන්ත්‍රයේ සල්ලාල ම වර්ෂන් එක. ප්‍රභූ පැලැන්තියේ තෙල වැඩිකමට ලෙෆ්ටිස්ට් දේශපාලනය කරන එහි තක්කඩි ම ප්‍රවර්ගය. සර්ව කාලීන ව වන්නාක් මෙන් ප්‍රභූ සල්ලාලයා අතින් නිර්ප්‍රභූ මෝඩයා රැවටීමට ලක් වෙනවා. නිර්ප්‍රභූගේ ස්වභාවය තමයි ප්‍රභූව අහේතුවෙන් විශ්වාස කිරීම. ඒක ජන්ම සහ පූර්ව ළමා විය පාරිසරික බලපෑම ඇසුරෙන් එන ගතියක්. නිර්මාල් මේ ආණ්ඩුව කෙරෙහි කප්පරක් සිහින මවා ගත්තේ හරිනි නිසා. මේ දවස්වල නැවත සංසරණය වෙන වීඩියෝවක හරිනිව ඉස්සරහා තියාගෙන නිර්මාල් එයාගෙන් අහනවා “ඔයා බලයට ආවට පස්සේ අන්තරේ පෙළපාලිවලට ගහන්නේ නැහැ නේද?” කියලා. හරිනි ඇඹරි ඇඹරි වටේ යනවා. නිශ්චිත පිළිතුරක් දෙන්නේ නැහැ. නමුත් සීනිබෝලවලට රවට්ට ගත්ත පොඩි එකෙක් වගේ නිර්මාල් ඒ ප්‍රභූ චාටුවට අහු වෙනවා. ඒක පන්තිමය බල ධූරාවලිය පිළිබඳ ප්‍රශ්නයක්. රැජිණ අත්මේස් ගලවලා අතට අත දුන්නා කියලා සිරිසේන පාරම් බාපු හැටි මතක ද? ඒක තමයි පුද්ගලයන් දෙදෙනෙකු අතර තිබෙන බලය පිළිබඳ නිසැක ඉඟිය. Power is the ability to con...

ගෝඨාභය සහ බැසිල්

Image
මෑත යුගයේ වඩාත් ම අසාධාරණයට ලක් වූ දේශපාලන චරිත දෙකක් වන්නේ ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ දෙදෙනා ය. දේශපාලන නායකයන් යනු ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා තත්ත්වයක් නොවේ. එම නාමරූප නිර්මාණය කරන්නේ පොදු ජන සමාජය විසිනි. ගෝඨාභය සහ බැසිල් යන මහත්වරුන් මම කලක සිට හඳුනමි. ඔවුන් සාමාන්‍ය මිනිසුන් ය. යහපත් පවුල් ජීවිත ගෙවන ආදරණීය පියවරුන් ය. දෙදෙනා ම හොඳ බෞද්ධයන් ය. නමුත් බාහිර සමාජය ඔවුන් දකින්නේ වෙනත් ආකාරයකිනි. එය වෙනස් කළ නොහැකි වුවත් රටේ දේශපාලන අර්බුදය තේරුම් ගැනීමෙහි ලා මෙය ප්‍රයෝජනවත් වේ. වාමාංශික කඳවුර (ජවිපෙ නොවේ) තුළ පවතින ඊනියා ජාතිකවාදී නමැති ස්වයං ප්‍රකාශිත උපකුලකයේ තෝරාගත් වැරදිකරුවා බැසිල් ය. බැසිල් සැබැවින් ම වැරදිකරුවෙකු නොවේ. සිය දරුවන්ගේ ගෞරවයට හානියක් වනවාට බැසිල් බය ය. එබැවින් ඔහු බොහෝ විට දේශපාලනය කරන්නේ සීමාවන් තුළ ය. ඔහුට සමීප පුද්ගලයන් ඔහුට දැඩිව පක්ෂපාතී වීමට එම ගුණය එක් හේතුවකි. බැසිල් සමාන කළ හැක්කේ අපට ඉහළ පරම්පරාවේ ආයතන ප්‍රධානියෙකුට ය. ඔහුට ප්‍රබල ආයතන සංවිධාන ශක්තියක් තිබේ. දේශපාලනය කිරීම සහ දේශපාලන ව්‍යාපාරයක් සංවිධානය කිරීම යනු දෙකකි. මහින්ද ජනතාව අතර ජනප්‍රිය දේශපාල...

දන්ත ධාතු වන්දනා - 1

Image
“දන්ත” ධාතුන් වහන්සේ පිළිබඳව කථා කිරීමට බොහෝ දේ තිබේ. එහි වචන මූලයෙන් ඇරඹීම මැනවි. මාගධී (පාලි) භාෂාවේ එන “දන්ත” යන වදන සංස්කෘතයේත් ඒ ආකාරයෙන් ම යෙදේ. නූතන සිංහලයට “දත/දත්” ලෙස එය විකාශය වී තිබේ. මේ වනාහි ඉන්දු-යුරෝපියානු (IE) භාෂා පවුල පුරාම එතරම් වෙනස් වීමකින් තොරව දැක ගත හැකි විශේෂ වචනයකි. උදාහරණ ලෙස ලතින් dens, ඉතාලි dente, ස්පාඤ්ඤ diente, ප්‍රංශ dent, පෘතුගීසි dente, රොමේනියානු dinte සජාතීය පද දැක්විය හැකි ය. ලතින් සම්බන්ධ විභක්තිය dentis යන්නෙන් නූතන ඉංග්‍රීසියේ dental සෑදේ. Dentistry යනු දන්ත වෛද්‍ය ක්‍රමය යි.  නමුත් දතට ඉංග්‍රීසියෙන් tooth යනුවෙන් ද වචනයක් තිබේ. එය හැදෙන්නේ ජර්මානු භාෂා අත්තෙනි. ග්‍රිම්ගේ නීතිය (Grimm’s Law) අනුව “ඩ” ශබ්දය කාලයාගේ ඇවෑමෙන් “ට” වේ. ඒ අනුව ගොතික් tunþus, පැරණි ඉංග්‍රීසි tōþ, නූතන ඉංග්‍රීසි tooth, පැරණි නොර්ස් tönn, ස්වීඩන් සහ ලන්දේසි tand සෑදේ. ජර්මානු වචන හැදෙන විට “ට” ශබ්දය බොහෝ විට “Z” වේ. ඒ අනුව දත් සඳහා ජර්මානු වචනය වන්නේ Zahn. මෙහි විශේෂත්වය වන්නේ dent(al) සහ tooth ඇතුළු මේ සියලු වචන පැවත එන්නේ එක ම පූර්වජ වචනයකින් වීම ය. එනම් වාග් විද්‍...

වෛද්‍ය ජනපති

Image
වෛද්‍යයෙකුට ඕනෑම සමාජයක විශේෂ ගෞරවයක් තිබේ. අදටත් ගමේ වෙද මහත්මයාට ගැමියෝ ගරු කරති. එයට ප්‍රධාන හේතුව වන්නේ ඕනෑම මනුෂ්‍යයෙකුට හෝ වෙනත් සත්ත්වයෙකුට හෝ පිහිට වන්නේ වෛද්‍යයා හෙවත් වෙදා වීම ය. වෛද්‍ය යනු ම විද්‍යාත්මක බව ය. බටහිර දොස්තරවරු පවා ජීවය සහ රසායනය පිළිබඳ ගැඹුරින් උගත්තෝ ය. එබැවින් ජාති ජරා මරණ ලෝක විෂය පිළිබඳ ව අන්‍යයන් ට නොමැති අවබෝධයක් වෛද්‍යයන් සතු ය. රෝගීන්ගේ සෙම් සැරව ලේ මළ මුත්‍ර ආදිය ඉවසමින් ඔවුන් ට අනුකම්පාවෙන් උවැටන් කිරීම මහත් අසීරු කාර්යයකි. මේ සියලු කාරණා නිසා ඕනෑම සමාජයක වෛද්‍යයන් විශේෂ වේ. නමුත් අද ලක් සමාජයේ වෛද්‍යයන් කෙරෙහි ඇති ගෞරවය බොහෝ හීන වී තිබේ. එයට ද විවිධ හේතු තිබේ. වෛද්‍ය සේවය අද වන විට බොහෝ සේ වාණිජකරණය වී තිබේ. පෞද්ගලික රෝහල් සහ චැනල් කිරීම් තුළ විනාඩියක් හෝ රෝගියා පරීක්ෂා නොකරන වෛද්‍යයන් සිටී. රජයේ රෝහල් තුළ රෝගීන්ට අකාරුණික ව සලකන වෛද්‍යයන් ද සිටී. නමුත් සියලු වෛද්‍යයන් එසේ නොවේ. වාණිජ ලෝකය තුළ පවා රෝගීන් මැනවින් පරීක්ෂා කර නිවැරදි ඖෂධයෙන් ගත සනසා, කාරුණික වදනින් සිත සනසන වෛද්‍යයන් බොහෝ සිටී. නමුත් සමස්තයක් ලෙස ලංකාවේ වෛද්‍යයන් පමණක් නොව සමාජයට වැදගත...

අනුරගේ නැගිටීම

Image
ගරු අනුර කුමාර දිසානායක මහතා නිවැරදි මාර්ගයට අවතීර්ණ වී තිබේ. එනම් එතුමා ලක්දිව බෞද්ධ ශාසනයේ ප්‍රධාන ආරක්ෂකයාගේ භූමිකාවට අවතීර්ණ වී තිබේ. අද පැවති අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයේ දී ජනපති ඉතා ශ්‍රද්ධාවෙන් පසඟ පිහිටුවා එය සිදු කරනු දැකීම අප හට ඉමහත් සතුටකි. විවිධ පක්ෂවලට අයත් හිටපු ජනපතිවරුන් ද සහභාගී වූ එම උත්සවය අපට පෙන්වන්නේ සිංහලයා සමගි කිරීමට බෞද්ධ සම්ප්‍රදායට ඇති ඒකාන්ත සහ අනන්‍ය හැකියාව ය. ලංකාවේ රාජ්‍ය කරවීම යනු මෙය යි. මේ වනාහි වැළැක්විය නොහැකි ප්‍රපංචයකි. ජනපති ඔහුගේ කථාවේ කීවේ රටේ තිබෙන ආර්ථික, සමාජ දේශපාලන ගැටලු සියල්ලට විසඳුම ඇත්තේ බෞද්ධ ධර්මය තුළ බව ය. බොරුවෙන් හෝ ඇත්තෙන් හෝ රාජ්‍යය බාර ගත් පසු එහි මහා භාරය ජනපතිගේ දෙඋර මත පැටවේ. රාජ්‍ය පාලනයේ සැබෑ අභියෝගය දැනෙන්නේ එවිට ය. එය මහා දුක්ඛය කි. මහත් අපහසුවකි. නොනවතින නොසන්සුන්තාවයකි.  අනුර කුමාර මෙතෙක් කල් ගත කළේ සුවපහසු දිවියකි. ඔහුට මිලමුදල් යානවාහන වාසස්ථාන දැසිදස්සන් සියල්ල පහසුවෙන් ලැබිණි. එවැනි ජීවිතයක් ගත කිරීමේ දී අපහසුව එක වර නොදැනේ. නමුත් දැන් රාජ්‍යයේ නායකයා වූ පසු ඔහුට මුළු රටේම දුක්ඛය එක වර පැවරී තිබේ. එවැනි තත...

තෝමස්ගේ ලිංගික අසහනය සහ කුරුසය

Image
ණය ගෙවාගන්න බැරිව හිඟන රටේ වසරකට වරක් කොළඹ උන්ගේ බේබදු වනචරකම පෙන්වන බිග්මැච් දැන් පැවැත්වේ. ඒ අස්සේ රෝයල් එකේ නාටු කොල්ලො ටිකක් කුරුසයක් උඩ දදා ගියා කියා කතෝලික පුද්ගලික පාසල් බලාගන්න ගැමුණු ඩයස් නමැති පේද්‍රෝ කෙනෙක් ආඩපාලි ලිපියක් ලියා සමාජ මාධ්‍යයට දමා තිබේ. මාර ලොකු ප්‍රශ්නයක්. ඒ අතර S. තෝමස් එකේ කොල්ලො සෙට් එකක් විශාඛා විද්‍යාලයේ ගේට්ටුව උඩට බඩ ගා එය විවර කර ගෙන බලහත්කාරයෙන් ඇතුළු වන වීඩියෝවක් ද සංසරණය වේ. ඩයස්ට තාම ඒ ලිංගික අසහනකාරයන්ගේ විනය ගැන ලියුමක් ලියන්න බැරි වෙලා වෙන්න ඇති… කාන්තා පාසලකට බලහත්කාරයෙන් පැනලා ඒක ඇතුළේ පිස්සු හැදිලා වගේ දුවන්න නම් S. තෝමස්ලාට කොච්චර ලිංගික අසහනයක් තිබිය යුතු ද? උන්ගේ විනය ගැන බලන්න කලින් මා ඩයස්ට යෝජනා කරන්නේ ඒ ලෙඩ කොල්ලන්ගේ මානසික ආතතිය සමනය කිරීමට බෙහෙත් ටිකක් දෙන ලෙස ය. නැත්නම් උන් තමයි ඔය ලොකු වෙලා ආයතන ඇතුළේ කාන්තාවන්ට ලිංගික හිංසන කරන්නේ. රෝයල් කොල්ලන් කුරුසය වනන්නේ S. තෝමස්ලාගේ කොඩියේ කුරුසය තිබෙන නිසා විය හැකිය. එහෙනම් ඉතින් කුරුසය සහිත කොඩිය වැනීමත් නිගරුවකි. කුරුසය සහිත කොඩිය පිටේ දමාගෙන නැටීමත් නිගරුවකි. කුරුසය සහිත කොඩිය ඔළුවේ බැඳ ...

ස්තුතියි ජනාධිපතිතුමනි

Image
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස ගත් පළමු වැදගත්ම තීරණය වූයේ පත් වූ වහා ම දළදා වහන්සේ වැඳ ආශීර්වාද ගැනීම ය. ඔහු ගත් දෙවන වැදගත් ම තීරණය වනුයේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම ය. එයින් එතුමා පෙන්වන්නේ රාජ්‍ය නායකයා ලෙස බෞද්ධ ආගමට මුල් තැන දෙමින් එය පෝෂණය කිරීම ය.  ලක්දිව රාජ්‍යය පදනම් වී ඇත්තේ බෞද්ධ ශාසනය මතය. ලක්දිව රාජ්‍යයේ පරමාර්ථය ම බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම ය. සිංහල ජාතියේ ඓතිහාසික යුතුකම වන්නේ පොහොසත් රටක් වීමවත්, සෞභාග්‍යමත් දේශයක් වීමවත්, ආසියාවේ ආශ්චර්ය වීමවත් නොවේ. සිංහලයා මුල සිටම කරන්නේත් කළ යුත්තේත් ශ්‍රී ලංකාව තුළ බෞද්ධ ධර්මය ආරක්ෂා කිරීම ය. එවිට ඉබේම රට පොහොසත් වේ. සෞභාග්‍යමත් වේ. ආශ්චර්යයක් වේ. මා හිතන්නේ ජනාධිපතිතුමා එය අවබෝධ කර ගෙන ඇති බව ය. දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම යනු අතිශය වැදගත් කර්තව්‍යයකි. මුළු මහත් ලක්දිව පුරා විසිර සිටින සියලු ම බෞද්ධ බැතිමතුන් හට සහභාගී විය හැකි ජාතික මහෝත්සවයකි. එයින් රාජ්‍යයට සහ රාජ්‍ය නායකයාට ලැබෙන ආශීර්වාදය අති මහත් ය. එය කිසියම් පාරභෞතික බලයක් හෝ ශක්තියක් හෝ නොවේ. එයින් සිද්ධ වන්නේ රටේම ජනතාව උතුම් කෘත්‍යයක් සඳහා පිළිවෙතින් සැරසී ස...

වෙල් ඩන් වික්‍රමසිංහ

Image
අල් ජසීරා එකේ කොටි ඩයස්පෝරාව ඉදිරියේ ඔළුව ඉදිමුණු හසන් සමග රනිල් කළ සාකච්ඡාව සම්පූර්ණයෙන් ම නැරඹුවෙමි. සමස්තයක් හැටියට ඔහුට එල්ල කළ ප්‍රහාරයට දෙන්න ඕනා style එකේ ප්‍රතිප්‍රහාරයක් රනිල් දුන්නා. එහෙම කරන්න පුළුවන් දේශපාලන නායකයෙකුට අපට ඉතුරු වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි. සමහර විට නාමල් රාජපක්ෂ අනාගතයේ ඒ තැනට එයි. ඒත් රනිල්-මහින්ද පරම්පරාවේ කශේරුකා අද ඉන්න කාටවත් නැහැ. අනුර කුමාර වගේ කෙනෙකුට කිසිසේත් ම ඔහොම අන්තර්ජාතික මාධ්‍යයේ හරි හරියට කථා කරන්න බැහැ. අනෙකා ව පහත් කරලා ප්‍රශ්න අහන කොට ඒ විදිහටම පහත් කරලා පිළිතුරු දෙන්න හැමෝට ම බැහැ. විශේෂයෙන් ම තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට හදනවා නම් ඔහොම කථා කරන්න බැහැ. රනිල්ගේ හැසිරීම authentic. එතන බොරු රඟපෑමක් තිබුණේ නැහැ. මම හිතන්නේ නායකත්වයේ ප්‍රබල ම ආකෘතිය තමයි authentic leadership කියන්නේ. රනිල්ගේ දේශපාලන ප්‍රතිපත්තිවලට මම කිසිසේත් ම එකඟ නැහැ. ඒ වගේම මම විශ්වාස කරනවා ඊනියා අරගලය පිටුපස ඔහුත් සිටියා කියා. නමුත් දරුණුම ප්‍රතිවාදියාගේ වුණත් හැකියාවට මා ගරු කරනවා. එකක් තමයි රනිල්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය. අනෙක තමයි ලෝක දේශපාලනය ගැන ඔ...

අන්ධයන් සමග වාද කිරීම

වරක් අපේ පාසල සහ රත්මලානේ අඳ ගොළු බිහිරි දරුවන් සඳහා වූ පාසල අතර සුහද විවාදයක් පැවැත්විණි. අපේ කණ්ඩායම් නායකයාව සිටියේ මාගේ කල්‍යාණ මිත්‍ර රවින්ද්‍ර මනෝජ් ගමගේ ය. මා හැමදාම මෙන් කරුණු බිඳින හතරවැනියා ය.  විවාදයට සූදානම් වන විට අප එකඟ වූයේ ප්‍රතිවාදී පිළේ අන්ධ කථිකයන් හට සිත් නොරිදෙන ලෙස කථා කළ යුතුය කියා ය. ඒ අනුව සාමාන්‍යයෙන් විවාදයක භාවිතා කරන “ඇස් පෙනෙන කෙනෙකු නම් ඔහොම කියන්නේ නැහැ…”, “ඇස් ඇරලා බලන්න…”, “ඇස් දෙක හොඳට තියාගෙන වැරදි පාරේ යනවා…” වැනි සරදම් නොකර සිටීමට අපි එකඟ වීමු. කොටින් ම කිසිදු ශාරීරික ඉන්ද්‍රියානුබද්ධ හැඟවීමක් නොකර සිටීමටත් සාමානයෙන් අප දක්වන දැඩි වාග් ප්‍රහාර ශෛලිය නොකර සිටීමටත් අපි සිතා ගත්තෙමු. විවාදය පැවැත්වුණේ ඔවුන්ගේ පාසලේ ප්‍රධාන ශාලාවේ ය. අප සතර දෙනා එහි යන විටත් ඔවුන් සියල්ල සූදානම් කර තිබිණි. වේදිකාව මත දෙපස මේස සහ පුටු හතර බැගින් තබා තිබිණි. ඔවුන්ගේ පාසලේ ශිෂ්‍යශිෂ්‍යාවෝ ශාලාවේ අසුන් ගෙන සිටියෝ ය. මෙයට පෙර එම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා ස්වේච්ඡාවෙන් සහාය වීමට බාලදක්ෂයෙකු ලෙස මම එහි ගොස් තිබූ හෙයින් එම පරිශ්‍රය තරමක් හුරුව තිබිණි. විවාදයේ මාතෘකා...

රාජපක්ෂ නැගිටීම

Image
දැන් ලංකාවේ නිල නොලත් විපක්ෂ නායකයා නාමල් රාජපක්ෂ ය. අනුර කුමාර ඇතුළු ආණ්ඩුව අසාමාන්‍ය ලෙස පහර දෙන්නේ මහින්ද සහ නාමල් ට මිස සජිත් ට නොවේ. මහින්දගේ නිල නිවස සහ ආරක්ෂාව අල්ලා ගෙන රටේ ජනාධිපති ම ආවේගයෙන් පහර දීම අසාමාන්‍ය නොවේ ද? ව්‍යවහාර බසින් කිව හොත් “ඕවර් ඇක්ටින්” නොවේ ද? දැන් ලංකාවේ ජනමාධ්‍යය තුළ වැඩිපුරම කථා වෙන්නේ රාජපක්ෂලා ගැන ය. ඕනෑම ප්‍රවෘත්තියක් අවසන් වන්නේ රාජපක්ෂලා ගෙනි. ඒ ඇයි? ඕනෑම අයෙකු ඕනෑම තැනකින් ඉවත් කළ යුතු නම් කළ යුත්තේ ඔහු/ඇය පිළිබඳව වචනයක් හෝ කථා නොකර සිටීම ය. දේශපාලනයේ දී එය ඉතා ප්‍රබල උපක්‍රමයකි. රාජපක්ෂලා සැබැවින්ම ජන විඥානයෙන් විතැන් වෙමින් තිබිණි. ජනපතිවරණ සමයේ අපට තිබුණු ලොකුම ගැටලුව නාමල් ගැන මාධ්‍ය තුළ කථා නොකිරීම යි. නමුත් අනුර කුමාරගේ සූක්ෂ්ම මෙහෙයුමෙන් නැවතත් රාජපක්ෂලා කරළියට ගෙනැවිත් තිබේ. එය පැහැදිලිව ම සැලසුමකි.  අනුර කුමාරට ඇති සැබෑ අභියෝගය සමගි ජන බලවේගය යි. හරිනි ප්‍රමුඛ කොළඹ ප්‍රභූ ධනේශ්වර පිල ඉදිරියේ දී සජබ හා එකතු වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය අහිමි වේ. නලින් හේවගේ වැනි ජවිපෙ නූගත් ගංකබරයන්ට එරෙහිව ආචාර්ය කෞෂල්‍යලා යුධ ප්‍රකාශ කරමින් සජබ...

අපරාධ සංස්කෘතිය

Image
කොටහේනේ ඝාතනය සිදු කළේ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු අල්වා දෑත දෙපය බැඳ පහර දෙන වීඩියෝවක් සංසරණය වේ. ඒ දුටු මට මතක් වූයේ කළු මැයි 9 වැනිදා ම්ලේච්ඡ අරගලකාරයන් විසින් පොහොට්ටුවේ මිනිසුන්ට මහමග පහර දුන් ආකාරය සිරස සහ අනෙකුත් චැනල් ලයිව් දීමයි. එදා එම සාහසික පහර දීම් සිදු කළ උන් සහ ඒවාට හුරේ දමමින් share කළ උන් අද කොටහේනේ පහර කෑ පුද්ගලයන්ගේ අයිතිය වෙනුවෙන් කථා කරනු පෙනේ. ඒ දිව දෙකේ මිනිසුන්ය. කොටහේනේ ඝාතනය සැබැවින්ම කළේ එම පුද්ගලයන් දෙදෙනාද කියා මා දන්නේ නැත. දැන් එය දැන ගැනීමට ක්‍රමයක්ද නැත. ඒ ඔවුන් පොලිස් වෙඩි පහරින් ඝාතනය කර ඇති බැවිනි. එසේ ඝාතනය කළේද අර වීඩියෝවේ සිටින අයමද කියා නිසැකවම දන්නේද නැත. අපරාධයක වැරදිකරුවන් විනිශ්චය කළ යුත්තේ අධිකරණයෙන් මිස හන්දියේ චණ්ඩි නොවේ. නමුත් NPP ය බලයට එන්නේ අධිකරණ බලය ගමට දෙනවා කියා ගෙනය. නූගත් 68 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඒ සඳහාය. ජවිපෙ විසින් දියත් කළ 88-89 සන්නද්ධ අරගලයේ පසුකම්පන තුළ මෙරට බිහිසුණු පාතාලයක් නිර්මාණය විය. නීතියේ ආධිපත්‍යය මෙන්ම සමාජ සාරධර්ම බිඳ වැටුණු විට එහි වැළැක්විය නොහැකි ඊළඟ අදියර අපරාධ සංස්කෘතියයි. 90 දශකය පුරා හොල්මන් කළ එම අපරාධ ස...

Letter to President Donald Trump

Image
Mr. Donald J. Trump The President The White House 1600 Pennsylvania Avenue NW Washington, DC 20500 United States of America Your Excellency, Warm congratulations on your successful return to leadership! The American people are fortunate to have a leader who loves his country and is proud of its cultural values. We too had a national leader who sought to preserve Sri Lankan values, protect our borders, and rebuild our economy independently. However, as we knew and is now being divulged, the Biden-Kamala administration played a key role in the removal of our president and the toppling of the government through an undemocratic and violent regime change in 2022. Your Excellency would have seen the murder, assault, burning of private and public property, and the sheer destruction caused by leftist political groups in Sri Lanka. We believe that this would not have happened if you had been in power in the USA. As a result, we now have a socialist and former terrorist organization in pow...

ඩොලර් අරගලය

Image
ඊනියා අරගලය කළේ ඇමරිකානු ඩොලර්වලින් බව දැන් ඇමරිකාවෙන්ම ඔප්පු කර තිබේ. මැද පෙරදිග සහ යුක්රේනය ඇතුළු රටවල ඇමරිකාව විසින් මුදලට ගත් කුලීකරුවන් ලවා සිද්ධ කළ රෙජීම් චේන්ජ් හෙවත් ආණ්ඩු පෙරළීම, ලංකාවේ කළේ “අරගලය” නමින් බව දැන් කුඩා දරුවන් පවා දනී. එහි සන්නාමය නිර්මාණය කිරීමේ පටන් එහි අවසාන අරමුණ වූ බෞද්ධ සිංහල නායකයා ඉවත් කර ඇමරිකාවේ රූකඩයක් ජනාධිපති පුටුවේ වාඩි කරවීම දක්වා වූ සියල්ලට වියදම් කළේ ඇමරිකාවේ මිලියන ගණන් ඩොලර් බව දැන් තහවුරු වී අවසානය. දැන් ම්ලේච්ඡ අරගලකාරයන්ට මොකද හිතෙන්නේ? පපුව ඇඹරෙනවා වගේ නේද? ඔළුව ගිනි ගන්නවා වගේ නේද? තමන්ගේ රටේ නීත්‍යානුකූල නායකයාව එළවන්න ඇමරිකන් ඩොලර්වලින් කාපු පිළිණු බුරියානිවල පිළීගඳ උඹලගේ පරගැති පරම්පරාවල අශුද්ධ රුධිරයට එකතු වෙලා තිබෙනවා කියලා හිතෙන කොට කොහොමද?  ඔය බලපල්ලා… ඇමරිකන් ඩොලර්වලින් මරපු තමන්ගේ මිනිස්සුන්ගේ ලේ උඹලගේ අත්වල ගෑවිලා… ඔය බලපල්ලා… ඇමරිකන් ඩොලර්වලින් ගිනි තියපු ගෙවල්වල අළු උඹලගේ දරුවන්ගේ මූණේ ගෑවිලා… ඔය බලපල්ලා… බලපල්ලා! තමන්ගේ මව්බිමට එරෙහිව ඇමරිකානු ඩොලර්වලට උඹලගේ කාලකන්නි පුංචි ආත්මයත් විකිණුනා කියලා දැනෙන කොට කොහොමද? රනිල් වික...

යක්දෙස්සියගේ පාපොච්චාරණය

Image
USAID කෝටි 240 ආණ්ඩු පෙරළීමට විරෝධය දැක්වූයේ දේශප්‍රේමීන්ය. එය කිසිදු පක්ෂයක ක්‍රියාවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ සිංහල රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙන ප්‍රතිපත්තිගරුක අහිංසක මිනිසුන්ම එහි විය. එබැවින් එහි මාගේ සම්බන්ධය ගැන කියා මාගේ කර ගැනීමට මා අකමැතිය. එය පොදු ව්‍යායාමයකි. එයට සහභාගී වූද සහාය දැක්වූද සියලු දෙනා කෙරෙහි මා තුළ ඇත්තේ හදපිරි ගෞරවයකි. ඔවුන්ගේ පළමු ව්‍යායාමය සාර්ථකය. මෙය ආරම්භය පමණී. තව විශාල විරෝධතාවයන් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත. ජූලී චන්ග් ඊයේ පොහොට්ටු කාර්යාලයට පැමිණ පාපොච්චාරණයක් කර තිබේ. තමා ඇමරිකානු රජයේ සේවකයෙක් පමණක් බවත්, පසුගිය කාලයේ කළ කී දෑ කළේ එවක ඇමරිකානු ආණ්ඩුවේ උපදෙස් අනුව මිස පුද්ගලිකව හිතාමතා නොවන බවත්, දැන් වැඩ කරන්නේ අලුත් ආණ්ඩුවේ උපදෙස් අනුව බවත්, දැන් ඇය වෙනස් වී ඇති බවත්, ඉදිරියේදී ඇයගේ සම්පූර්ණ සහාය පොහොට්ටුවට දෙන බවත් මුහුණ ඇස් රතු කරගෙන තමා හට පැවසූ බව නාමල් රාජපක්ෂ කීවේය. වෙනත් වචනයෙන් කිවහොත් “වැරදි කළේ හිතාමතා නෙවෙයි, ආයෙත් එහෙම කරන්නේ නැහැ” වැනි චාපල්‍ය ගැහැණියකගේ කථාවකි. නාමල් රාජපක්ෂට ජූලී බැරිනම් ජූලීගේ මව හෝ මුණගැසිය හැකිය. එ...