තෝමස්ගේ ලිංගික අසහනය සහ කුරුසය

ණය ගෙවාගන්න බැරිව හිඟන රටේ වසරකට වරක් කොළඹ උන්ගේ බේබදු වනචරකම පෙන්වන බිග්මැච් දැන් පැවැත්වේ. ඒ අස්සේ රෝයල් එකේ නාටු කොල්ලො ටිකක් කුරුසයක් උඩ දදා ගියා කියා කතෝලික පුද්ගලික පාසල් බලාගන්න ගැමුණු ඩයස් නමැති පේද්‍රෝ කෙනෙක් ආඩපාලි ලිපියක් ලියා සමාජ මාධ්‍යයට දමා තිබේ. මාර ලොකු ප්‍රශ්නයක්.



ඒ අතර S. තෝමස් එකේ කොල්ලො සෙට් එකක් විශාඛා විද්‍යාලයේ ගේට්ටුව උඩට බඩ ගා එය විවර කර ගෙන බලහත්කාරයෙන් ඇතුළු වන වීඩියෝවක් ද සංසරණය වේ. ඩයස්ට තාම ඒ ලිංගික අසහනකාරයන්ගේ විනය ගැන ලියුමක් ලියන්න බැරි වෙලා වෙන්න ඇති…


කාන්තා පාසලකට බලහත්කාරයෙන් පැනලා ඒක ඇතුළේ පිස්සු හැදිලා වගේ දුවන්න නම් S. තෝමස්ලාට කොච්චර ලිංගික අසහනයක් තිබිය යුතු ද? උන්ගේ විනය ගැන බලන්න කලින් මා ඩයස්ට යෝජනා කරන්නේ ඒ ලෙඩ කොල්ලන්ගේ මානසික ආතතිය සමනය කිරීමට බෙහෙත් ටිකක් දෙන ලෙස ය. නැත්නම් උන් තමයි ඔය ලොකු වෙලා ආයතන ඇතුළේ කාන්තාවන්ට ලිංගික හිංසන කරන්නේ.

රෝයල් කොල්ලන් කුරුසය වනන්නේ S. තෝමස්ලාගේ කොඩියේ කුරුසය තිබෙන නිසා විය හැකිය. එහෙනම් ඉතින් කුරුසය සහිත කොඩිය වැනීමත් නිගරුවකි. කුරුසය සහිත කොඩිය පිටේ දමාගෙන නැටීමත් නිගරුවකි. කුරුසය සහිත කොඩිය ඔළුවේ බැඳ ගැනීමත් නිගරුවකි. කුරුසය ආගමික සංකේතයක් පමණක් නම් එය ඔය පාසල් ධජ සහ ලාංඡනවලින් ඉවත් කළ යුතු ය. එක් පිරිසක් පෙන්නුවම හොඳ වෙන්නයි, වෙනත් පිරිසක් පෙන්නුවම නරක වෙන්නයි බැරි ය.

කුරුසය අවභාවිතා කරමින් අරගලය හරහා ලංකාවේ ප්‍රජාතන්ත්‍රය උල්ලංඝනය කළ ලෝගුකාරයන් මේ පඟර කොල්ලො ටිකක් කුරුසයක් උස්සා ගෙන යන කොට සිත රිදෙනවා යැයි ආඩපාලි කීම විහිළුවකි. කුරුසය උස්සලා පෙන්නුවා කියලා කතෝලිකයන්ගේ සිත රිදෙනවා නම් මෝඩාභිමානයේ කළ විහිළුවලින් බෞද්ධයන්ගේ සිත කොහොම රිදෙන්න ඕනා ද? මාවනැල්ලේ බුදු පිළිම කඩලා දැම්ම ම කොහොම රිදෙන්න ඕනා ද? ප්‍රජාතාන්ත්‍රිකව තෝරා ගත් රාජ්‍ය නායකයා ට ගෙදර යන්න කියලා කාඩිනල් බුරියානි කාලා අරගල කොට කොහොම රිදෙන්න ඕනා ද? අනේ නිකම් පලයන් ඩයස් යන්න.



මේවා ඇවිල්ලා කොළඹ ගොඩයන්ගේ ගොන් ආතල්. මේ රටේ අධ්‍යාපනය වළපල්ලට ගිහිල්ලා ඉවරයි. ලක්ෂ ගණනක් දරුවන්ට පාසල් නිල ඇඳුම් ගන්න බැරිව ඉන්නවා. ලක්ෂ ගණනක් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර නැතුව ඉන්නවා. පාසල්වල පහසුකම් නැතුව ඉන්නවා. බිමල් රත්නායකත් අවුරුදු ගාණක් තිස්සේ හීන මවපු මැච් එකට ගිහිල්ලා බැච් එකේ උන් එක්ක පින්තූරයක් අරගෙන දානවා. තඹුත්තේගම විද්‍යාලයේ දරුවන් ඒ පින්තූරය දැකලා හරිම සතුටු වෙන්න ඇති. උඹලා මේ අරක්කු බීගෙන ගංජා ගහගෙන බිග්මැච් නටන ගමන් කුරුසයක් දැකලා ලියුම් ලියනවා. ජේසු හිටියා නම් උඹලට ගහන්නේ එදා අර දෙව්මැදුරේ උන්ට ගැහුවා වගේ. ධර්මය ඔබට මග වේවා!

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා