ප්‍රභූන්ගේ කවටයා

මේ කතාවේ වඩාත් ම ඛේදනීය කොටස තමයි හරිනි අමරසූරිය විසින් නිර්මාල් දේවසිරිට කරන අපහරණය. නිර්මාල් ස්වයං ප්‍රකාශිත නිර්ප්‍රභූවෙක්. හරිනි කියන්නේ ප්‍රභූ තන්ත්‍රයේ සල්ලාල ම වර්ෂන් එක. ප්‍රභූ පැලැන්තියේ තෙල වැඩිකමට ලෙෆ්ටිස්ට් දේශපාලනය කරන එහි තක්කඩි ම ප්‍රවර්ගය. සර්ව කාලීන ව වන්නාක් මෙන් ප්‍රභූ සල්ලාලයා අතින් නිර්ප්‍රභූ මෝඩයා රැවටීමට ලක් වෙනවා.



නිර්ප්‍රභූගේ ස්වභාවය තමයි ප්‍රභූව අහේතුවෙන් විශ්වාස කිරීම. ඒක ජන්ම සහ පූර්ව ළමා විය පාරිසරික බලපෑම ඇසුරෙන් එන ගතියක්. නිර්මාල් මේ ආණ්ඩුව කෙරෙහි කප්පරක් සිහින මවා ගත්තේ හරිනි නිසා. මේ දවස්වල නැවත සංසරණය වෙන වීඩියෝවක හරිනිව ඉස්සරහා තියාගෙන නිර්මාල් එයාගෙන් අහනවා “ඔයා බලයට ආවට පස්සේ අන්තරේ පෙළපාලිවලට ගහන්නේ නැහැ නේද?” කියලා. හරිනි ඇඹරි ඇඹරි වටේ යනවා. නිශ්චිත පිළිතුරක් දෙන්නේ නැහැ. නමුත් සීනිබෝලවලට රවට්ට ගත්ත පොඩි එකෙක් වගේ නිර්මාල් ඒ ප්‍රභූ චාටුවට අහු වෙනවා. ඒක පන්තිමය බල ධූරාවලිය පිළිබඳ ප්‍රශ්නයක්.

රැජිණ අත්මේස් ගලවලා අතට අත දුන්නා කියලා සිරිසේන පාරම් බාපු හැටි මතක ද? ඒක තමයි පුද්ගලයන් දෙදෙනෙකු අතර තිබෙන බලය පිළිබඳ නිසැක ඉඟිය. Power is the ability to control the other person. බලය යනු අනෙකාව පාලනය කිරීමේ හැකියාව ය. ප්‍රභූවෙක් ඉදිරියේ නිර්ප්‍රභූවෙක් නිතැතින් ම දුර්වල වෙනවා. ඔය හෙන පොරවල් වගේ ඉන්න උන් රනිල් හෝ චන්ද්‍රිකා ඉදිරියේ බලු වෙන හැටි දැකලා තිබෙනවා නේද? ඒක ඉතාම සිත් ගන්නා සුලු මානව චර්යාවක්. හරිනි ඉස්සරහා නිර්මාල් විළියෙන් ඇඹරෙනවා. කුමාරි ජයවර්ධනගේ ඉඳලා හරිනි අමරසූරිය දක්වා නිර්මාල්ට තිබෙනවා විශේෂයෙන්ම ප්‍රභූ කාන්තාවන් කෙරෙහි දැඩි පන්තිමය සරෙන්ඩර් වීමක්. එහි තිබෙන ලිංගික බලපෑම වෙන ම සාකච්ඡා කළ යුතුයි.

නිර්මාල් වගේ බොහෝ අය මට හමු වී තිබෙනවා මා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සේවය කරන කාලයේ. නාගරික ප්‍රභූ තන්ත්‍රයට විනෝදය සපයන චරිත තමයි නිර්මාල් වැන්නවුන්. ප්‍රභූන් හරිම කැමතියි නිර්මාල් වැන්නවුන් ලවා ඔවුන්ගේ සෙල්ලම කරවන්න. ඔවුන්ගේ බට්ටා පන්නගන්න. ප්‍රභූ තන්ත්‍රය ඉහළින් විශ්වාස කරන, එම සමූහයේ එකෙකු වීමට ආශා කරන, ප්‍රභූන්ගේ බොරු ඇගයීමෙන් සුරාන්තයට පත් වෙන නිර්ප්‍රභූන් ඉන්නවා. ඔවුන් ඒ වෙනුවෙන් ප්‍රභූන්ට කඩේ යනවා. කම්මැලි ජීවිත ගත කරන ප්‍රභූන්ගේ විනෝදය සඳහා නිර්මාල් වැන්නවුන් අවභාවිතා කෙරෙනවා.

සමහර ප්‍රභූන් ඉන්නවා ඔවුන් කම්මැලිකමට නිර්ප්‍රභූ වගේ හැසිරෙන. ඒක ඔවුන්ට රාගික විනෝදයක්. මොකද ඔවුන්ගේ පන්තියෙන් ඔවුන්ට ලැබෙන අවදානයත්, නිර්ප්‍රභූ පන්තියෙන් ඔවුන්ට ලැබෙන අවදානයත් දෙක ම එක වර ලැබෙන නිසා. නමුත් ඔවුන් කවදාවත් ඇත්තටම නිර්ප්‍රභූ වෙන්නේ නැහැ. තීරණාත්මක අවස්ථාවේ දී ඔවුන්ගේ ජානගත ප්‍රභූවා එළියට එනවාම යි. අර අට්ටාලයක් ගහගෙන විරෝධතා කරපු නිර්ප්‍රභූන්ට ලේ පනින්න ගහන කොට හරිනි ඉතාම සංවේගයෙන් ද මොකෙන්ද බලාගෙන හිටියා කිව්වා නේද? ඒ නිර්ප්‍රභූන්ට අනුර කුමාර වැනි හද්ද ගොඩේ නිර්ප්‍රභූවෙක්ගේ ආණ්ඩුවෙන් ගුටි ගස්සවන හැටි බැලීම තමයි ප්‍රභූගේ විනෝද ය. නිර්මාල් ව මුරුංගා අත්තේ උඩටම නග්ගවලා වැටෙන හැටිත්, ඒ වැටෙන කොට අඬන හැටිත් බලාගෙන ඉන්න එක තරම් හරිනිගේ පන්තියට වෙන ආතල් එකක් නැහැ. දිස් ඉස් පොලිටික්ස්.

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම