හඳට ගල් ගැසූ කොළුවා
එක ගමක හිටියලු හඳට වෛර කළ කොළුවෙක්. තමන්ට වඩා ඉහළින් පායන හඳට ඊර්ෂ්‍යා කළ මේ කොල්ලා හඳට බැන බැන ගල් ගහනවලු. ඔහොම ගහන කොට එක පාරටම කළුවර වුණාලු. මිනිහා හිතුවලු එයාගේ ගල් පහරින් හඳ වැටුණා කියලා. සතුටින් උඩ පැනලා අඳුරේ බිම අතපත ගාමින් වැටුණ හඳ හෙව්වලු. හඳේ ප්‍රමාණයට රවුම් දෙයක් අතට අහු වුණාලු. හඳත් එක්ක තිබුණු වෛරයට මේ කොල්ලා අතට අහු වුණ දේ කටින් හපලා කෑවලු. “සුදුවට හිටියට හඳ ඇඹුල් රහයිනේ…” කියලා කිව්වලු. ඔන්න එතකොටම නැවත එළිය වුණාලු. වලාකුළකට වැහිලා තිබුණු සුපුන් සඳ අහසේ නැවත පායලා. අර මෝඩ කොල්ලා එතකොට දැක්කලු තමන් කාලා තියෙන්නේ වේලිච්ච ගොම වැටියක් කියලා…
තඹුත්තේගම අනුර කුමාර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිට එරෙහිව කරන වෛරී සහගත දුප්පත් කතාව ඇහුවාම මට ඔය ජනකතාව මතක් වුණා. අනුර විතරක් නොවෙයි, NPP එකට ඡන්දය දුන්නු බොහෝ අය ඔය මෝඩ කොල්ලා වගේ තමයි. ඔවුන්ගේ ජීවිත හරිම කුඩායි.
නමුත් මෙයින් ඔබේ ජීවිතයට වටිනා පාඩමක් උගත හැකියි
අනුර කුමාරට හැමදාම උවමනා වුණේ මහින්ද රාජපක්ෂ වගේ වෙන්න. මොකද මහින්ද තමයි මේ රටේ මේ යුගයේ බිහි වූ අසහාය මිනිසා. නමුත් මහින්දට උපතින් ලැබුණු පෞරුෂය අනුරට නැහැ. මහින්ද යුද්ධය ඉවර කළා. අනුරට ඉවර කරන්න යුද්ධයක් නැහැ. අනුර හිතුවා මහින්දට “හොරා” කියලා අපහාස කරලා බැනලා වට්ටන්න. එහෙම වට්ටලා රටේ ජනාධිපති වුණාම තමන්ට මහින්ද වගේ වෙන්න පුළුවන් කියලා අනුර හිතුවා.
නමුත් අද මොකද වෙලා තියෙන්නේ? රටේ ජනාධිපති වුණාට පස්සෙත් අනුරට සිද්ධ වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂගේ නිවාසය, වාහනය, ආරක්ෂාව වගේ සරල දේ ගැන කිය කිය වෛරයෙන් බනින්න. ඒකෙන් මොකක්ද තේරෙන්නේ? ජනාධිපති වුණත් අනුරට මහින්ද වගේ වෙන්න බැරි වෙලා නේද... අහෝ! තාමත් මහින්ද ඉන්නේ අනුරට බොහෝ උඩින් පායන චන්ද්‍රයා වගේ…
ඔබට ජීවිතයේ කිසියම් අරමුණක් තිබෙනවා නම් කවදාවත් වෙනත් කෙනෙකු වගේ වෙන්න උත්සාහ කරන්න එපා.
අනුර රටේ ජනාධිපති වුණත් එයා සිහින දැකපු මහින්ද රාජපක්ෂ වගේ වෙන්න කවදාවත් බැහැ. ඔබ උත්සාහ කළ යුත්තේ ඔබම වෙන්නයි. අනෙක් අයගේ සාර්ථකත්වයන් හඹා යන්න එපා. අනෙක් අයගේ ජීවිත කොපි කරන්න යන්න එපා. ඒකට කියන්නේ ඊර්ෂ්‍යාව කියලයි. එහෙම ගියාම අවසානයේ ඔබට වෙන්නේ අනුර කුමාර වගේ අසහනයෙන් වෛරයෙන් ද්වේශයෙන් තැම්බි තැම්බි ඉන්න. ධර්මය ඔබට මග වේවා!
