ක්ලීන් ෂේව් ලංකා


ත්‍රීවීල් සහ බස් මත අලවා එල්වා ඇති විච්චූරණ ගලවා පිරිසිදු කිරීමට ජනාධිපති අනුර කුමාර සිය කලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ගන්නා උත්සාහය වැදගත්ය. ඔහුව ජනාධිපති කරවීම සඳහා ගෝඨාභය ගෙදර යැවීමට කෝටි ගණන් මුදල් වියදම් කළ ලංකාවේ ධනපති ප්‍රභූන්ට ඔය ත්‍රීවීල් සහ බස් යනු බලන්න අප්‍රිය දසුනකි. විශේෂයෙන්ම අනුරට අනුග්‍රහය දක්වන කොළඹ ව්‍යාපාරිකයන් ඒවා හඳුන්වන්නේ රෝද තුනේ හුචක්කු සහ ලදරන් ලේලන්ඩ් කියාය. එබැවින් ඔය ත්‍රීවීල් සහ බස් ක්ලීන් කිරීම අනුර කුමාරගේ යුතුකමය.

මා යෝජනා කරන්නේ NPP නායකයන්ටත් ඔය ගමන්ම තමන්ව ක්ලීන් කර ගන්නා ලෙසටය. මුහුණ පුරා රැවුල වවාගෙන පිළිවෙලකට හිසකෙස් නොපීරා සිටිනා විට පෙනෙන්නේ මහා අපිරිසිදු මිනිහෙක් හැටියටය. ත්‍රීවීල් එකේ මුහුණේ ඇති දෑ ගලවා ඉවත් කරන්නාක් මෙන් දිනපතා උදෑසන අවදි වී හොඳ රේසර් එකකින් රැවුල කපා මුහුණ ක්ලීන් කර ගත යුතුය. ඉන් අනතුරුව සබන් යොදා දෙවරක්වත් හොඳින් අතුල්ලා මුහුණ සේදිය යුතුය. ජාත වෛරයේ අඳුර යවන්නට බැරි වුණාට බොහෝ NPP කාරයන්ගේ මුහුණේ තිබෙන මුස්පේන්තු කළු පැහැය සෝදා ඉවත් කළ හැකි විය යුතුය.


බස් රථ මත ඇති දෑ ගලවන්නාක් මෙන් මුහුණේ ඇති බ්ලැක් හෙඩ්ස් සහ ඉන්නන් ආදිය ගලවා ඉවත් කළ යුතුය. දැන් ඉතින් ජනතා බදු මුදලින් හොඳ වැටුපක් ලැබෙන නිසා මාසයකට සැරයක් ෆේෂල් එකක් කිරීම අපහසු නැත. විශේෂයෙන්ම දිනපතා දෙවරක් හොඳ දත් බුරුසුවකින් දත් මැදිය යුතුය. NPP කාරයන් නිතරම බොරු කියන නිසා ඔවුන්ගේ මුඛ සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුය. බුලත් විට කෑමෙන් වැළකී සිටිය යුතුය. කෑවොත් කෑ වහාම දත් මැදිය යුතුය.

එමෙන්ම තමන් අඳින ඇඳුම හෝදා වේලා ඇඳිය යුතුය. දැන් හැමතැනටම කෝට් බෑ සාරි ඇඳගෙන යන නිසා ඒවා සතියකට සැරයක්වත් ඩ්‍රයි ක්ලීන් කළ යුතුය. පසුගිය කාලයේ රටේ තාප්ප සහ ලයිට් කණු දිගේ බඩගාමින් පෝස්ටර් ඇලවූ NPP කාන්තාවන්ට අනුර කුමාරගේ ක්ලීන් ශ්‍රී ලංකා යනු වැදගත් ව්‍යාපෘතියකි. අනුන්ගේ ගෙවල්වල තාප්ප කාණු අස්සේ රිංගන්නේ නැතිව තමන්ගේ නිවස පිරිසිදුව තබා ගත යුතු බව රටේ ජනාධිපති කියන නිසා හෝ එක මිටට හිතට ගත යුතුය. 

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා