68 ලක්ෂයේ දණ්ඩාසාව
තරුණ ත්‍රීවීල්කාරයන් සිය වාහනයේ කෑලි ගැලවීමෙන් කිසියම් වින්දනයක් ලබන බව ඔබට නිරීක්ෂණය නොවේද? ඒ අමුතු චර්යාව කුමක්ද?
නූතන ලාංකික තරුණයා පීතෘ චරිතයකින් දඬුවම් විඳීමට කැමතිය. ගෝඨාභයගෙන් පවා තරුණයන් බලාපොරොත්තු වූයේ එවැන්නකි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් බියට පත් කරවන නායකත්වයකි. ඔවුන්ට තරවටු කරන අධිපතියෙකි. හැමදාම කරන වැරැද්ද නොකර සිටීමට ඔවුන්ට කිසියම් පීතෘ ආඥාවක් ලැබිය යුතුය. දඩ කොළයක් කෑ යුතුය. අන්තරේ තරුණයන් පොලීසියෙන් ගුටි කෑමට කැමතිය. එයින් ඔවුන් කිසියම් ලිංගික තෘප්තියක් ලබයි.
මෙයට හේතුව විය හැක්කේ ඔවුන්ට කුඩා කල ශක්තිමත් පීතෘ චරිතයක් නැති වීම විය හැකිය. ගෝඨාභයගෙන් තමාට අවශ්‍ය තරවටුව නොලැබෙන බව දුටු තරුණයා, උවමනාවෙන්ම දඟ වැඩ කර දඬුවම් ලැබීමට අරගල කළේය. මෙය කිසියම් ස්වයංපීඩක මානසිකත්වයකි. සීනියර්ලා විසින් තමන් හට නවක වධය දෙනු ලබනවාට ඇතැම් තරුණ තරුණියන් කැමතිය. නැතිනම් ඔවුන් එම පරපීඩනයට විරුද්ධ විය යුතුය.
මෙය වහල් මානසිකත්වයකි. අනුර කුමාරගෙන් ලාංකික තරුණයා බලාපොරොත්තු වන්නේත් එම දඬුවමය. 68 ලක්ෂයක් ඉල්ලන්නේ passive aggressive දණ්ඩනයකි. වහල් හිමියා විසින් දඬුවම් කරනු ලැබීමට කැමති වහලුන් මෙන් ඔවුන් සිය වාහන clean කරයි. පාරවල් සුද්ද කරයි. වැඩි මිලට හාල් පොල් ගනියි. ගෝඨාභය ජනපති වූ විටත් ඔය ආකාරයටම පාරවල් සුද්ද කර චිත්‍ර ඇන්දේය.
සාමාන්‍ය මනුෂ්‍යයා දණ්ඩනයට කැමති නැත. දණ්ඩනයට බිය වේ. නමුත් ලාංකික මධ්‍යම පාන්තිකයා තමාට මෙන්ම අනුන්ටත් දඬුවම් දෙනු බැලීමට කැමතිය. CID එක ඉස්සරහා ඉන්න මාධ්‍යවේදීන් දෙන්නේ ඒ තෘප්තියයි. මෙය අතිශය විකෘතික සමාජයකි.
නමුත් මෙවැනි ස්වයංපීඩක මනෝභාවයේ ප්‍රශ්නය වන්නේ මතට ඇබ්බැහි වූවන් මෙන් ඔවුන් වැඩි වැඩියෙන් දඬුවම් ලැබීමට කැමති වීමයි. ත්‍රීවීල් එකේ කෑලි ගැලවූ පසු ඒ තෘප්තිය නැති වේ. ඊට වඩා තෘප්තියක් අවශ්‍ය වේ. අනුර කුමාරට වඩාත් නිර්මාණශීලී පීඩක ව්‍යාපෘති හැදීමට සිදු වනු ඇත. දිස් ඉස් බැට් ෂිට් ක්‍රේසි ලංකන් පොලිටික්ස්.
