විදුලි සැර


විදුලි බිල අඩු කිරීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොතිබූ බව පැහැදිලිය. 

NPP ඇමතිවරුන් දිගටම කීවේ පොරොන්දු වූ පරිදි බිල අඩු කිරීමට නොහැකි බවයි. අනුර කුමාර කියූ “ඉතාම කෙටි කාලය” වසර තුනක් බවට පත් වී විහිළුවක් විය. Solar බලාගාර අලුතෙන් හදා විදුලි බිල ⅓ ක් අඩු කරන බව මා මිත්‍ර චතුරංග අබේසිංහ කීවේය. එසේනම් ඊයේ සිදු වූ අලකලංචිය කුමක්ද? 

නියෝගය දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම මිස ආණ්ඩුව නොවේ. එය විපක්ෂය විසින් සිද්ධ කළ අපූරු දේශපාලන ප්‍රයෝගයකි. දැන් ආණ්ඩුව ද්විත්ව බන්ධනයකට (Double Bind) හසුව තිබේ. 

කොමිසම නියෝග කළ පරිදි බිල අඩු කළොත් ආණ්ඩුව ගෙන යන IMF වැඩපිළිවෙළ අවුල් වේ. එය පූර්වාදර්ශයට ගෙන අනෙකුත් උපයෝගිතා බිල්ද අඩු කිරීමට නියෝග දෙනු ඇත.

අඩු නොකළහොත් ජනතාව තවත් උරණ වේ. අඩු කරනවා කියා අපේක්ෂා නංවා අඩු නොකළ විට ආණ්ඩුව තවත් සවුත්තු වේ. මේ උප්පරවැට්ටිය කවුරු කළත් ඉතාම සූක්ෂම දේශපාලන ප්‍රහාරයකි. 

අනුර කුමාර රටේ නොසිටින අවස්ථාවේ මෙම නියෝගය දීම තවත් උපක්‍රමිකය. කවුරු කළත් විපක්ෂයේ මේ වැඩේ ඉතාම දක්ෂ ලෙස කර තිබේ. විදුලි බිල අඩු කළොත් එහි ගෞරවය ලැබෙන්නේ විපක්ෂයට මිස ආණ්ඩුවට නොවේ. දිස් ඉස් පොලිටික්ස්.

Comments

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා