Clean Sri Lanka අසාර්ථක වූයේ ඇයි?
Clean Sri Lanka ආරම්භක උත්සවයටම ලක්ෂ 70 ක් වියදම් කර ඇති බව අද පාර්ලිමේන්තුවේ කියවුණා. එහි සත්‍යතාවය කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය අද අසාර්ථක වී තිබෙනවා. එහෙම වෙන්නේ ඇයි?
ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ඉතා හොඳින් එය සැලසුම් කළ යුතුයි. වැඩිපුර කාලයක් සැලසුම් කර අවම කාලයකින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ විෂය දැනුම සහ අත්දැකීම් ඇති ව්‍යාපෘති කළමණාකාරවරයෙක්/ අධ්‍යක්ෂවරයෙක් පත් කළ යුතුයි. එය ජනාධිපතිට කළ හැකි දෙයක් නොවෙයි.
Project Management කිරීමේදී Scope (ව්‍යාපෘතියේ සීමාව), Time (කාල රාමුව), Cost (පිරිවැය), Stakeholders (පාර්ශවකරුවන්), Quality (ප්‍රමිතිය), Risk (අවදානම්), Procurement (ප්‍රසම්පාදන,) Human Resources (මානව සම්පත), Communications (සන්නිවේදනය) සහ මේ සියල්ල සහසම්බන්ධ කරන Integration Management යන අංශ 10 යම ඉතා හොඳින් සැලසුම් කළ යුතුයි.
උදාහරණයක් ලෙස අපට පේනවා අනුරගේ ව්‍යාපෘතියේ අරමුණ සහ වැඩපිළිවෙළ පිළිබඳව නිසි සන්නිවේදනයක් වුණේ නැහැ. Branding ඉතාම දුර්වලයි. Clean Sri Lanka කියන නමම වැරදියි. එය සෘණාත්මකයි. මෙහි මූලික පාර්ශවකරුවන් විය යුතු ලංකාවේ සාමාන්‍ය වැසියන් ඒකාත්මික වන වචනයක් නොවෙයි. Logo එක හරිම generic. පාට වැරදියි. මේක නිකම් ඉස්කෝලෙක හරි විශ්වවිද්‍යාලයක හරි ළමයි ටිකක් කරන project එකක් වගේ තමයි පේන්නේ. රාජ්‍ය මට්ටමේ ව්‍යාපෘතියක් කරන කොට ඒ සඳහා ප්‍රබල Brand එකක් සහ සන්නිවේදන සැලසුමක් හදාගන්න ඕනා. ඒවා කරන්න දක්ෂ කණ්ඩායමක් ඉන්න ඕනා.
ආරම්භක උත්සවයම අසාර්ථකයි. එහි හිටියේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන් සහ කුප්‍රකට චරිත ටිකක්. ඔවුන් තමයි ලංකාවේ සමාජය සහ පරිසරය වැඩියෙන්ම දූෂණය කරපු පිරිස. අනුර හිතන්න ඇති ඔවුන්ගෙන් මුදල් අනුග්‍රහාය ලබා ගන්න. හරියට CSR project එකක් වගේ. නමුත් ඒ ක්‍රමය පරණයි. ඒ යුගය ඉවර වෙලා බොහෝ කල්.
ගෝඨාභයගේ කාබනික ව්‍යාපෘතියටත් වුණේ මෙයට සමාන දෙයක්. ඒකට “කාබනික” කියන නම යෙදීමම වැරදියි. එහි අරමුණ හරියට ජනතාවට සන්නිවේදනය වුණේ නැහැ. අවදානම් කළමනාකරණ සැලසුමක් තිබුණේ නැහැ. අපි ව්‍යාපෘතියක් කරන්න කලින් එහි මූලික පාර්ශවකරුවන්ගේ සහාය ඒ වෙත ලබා ගෙන තමයි වැඩේ පටන් ගන්න ඕනා. ලංකාව වගේ නූගත් සාහසික ජනතාවක් ඉන්න සමාජයක ඒක ලේසි නැහැ. ඒ නිසා අපි නිර්මාණශීලී උපක්‍රම භාවිතා කළ යුතුයි. විශේෂයෙන්ම වෙනස්කමට භාජනය කරන පාර්ශවකරුවන්ට ඒ වෙනස්වීම සඳහා ඔවුන් අපේක්ෂා කරන incentives ව්‍යාපෘතියටම එකතු කළ යුතුයි.
ජනාධිපති සහ ඇමතිවරු මෙවැනි වැඩ කිරීමේදී ඉතාම බුද්ධිමත් විය යුතුයි. “කොහොම හරි පටන් අර ගමු… ඊට පස්සේ බලමු…” වගේ හිතලා මේ වැඩ කරන්න බැහැ. බාගෙට තම්බපු කේක් ගෙඩියක් එළියට දාලා හරියන්නේ නැහැ. මේ වගේ විශාල ව්‍යාපෘතියක් සැලසුම් කරන්න අඩුම තරමින් වසරක හෝ කාලයක් ගත යුතුයි. ව්‍යාපෘතියේ සෑම පරිච්ඡේදයක්ම අකුරට සැලසුම් කරලා මිසක් ආරම්භ කරන්න නරකයි. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන funds හොයාගෙන මිසක් වැඩේ පටන් ගන්න නරකයි. එහෙම නැත්නම් income generation ආකෘතියක් ව්‍යාපෘතිය ඇතුළටම එබ්බවිය යුතුයි.
මට නම් මේ ව්‍යාපෘතියේ වැදගත්කමක් පේනවා. ඒක ඔය වාහනවල කෑලි ගලවනවා වගේ බාල දෙයින් එහාට ගිය දැක්මක්. නමුත් ඒක දැන් කරන්න වෙන්නේ නැහැ, පටන් ගන්න කොටම ලද අසාර්ථකත්වය නිසා. අනුරට දැන් කරන්න තියෙන්නේ ඕක ඔහොමම යට යන්න ඇරලා, හරියට සැලසුම් කරලා අලුත් ව්‍යාපෘතියක් හැටියට අලුත් නමකින් මේක ගේන එකයි.
මේ වගේ Sustainability (දීර්ඝකාලීන පැවැත්ම) පැත්තේ වැඩ කරන කොට සැලසුම් කරන හැටි ගැන සරලව මේ පොතේ පැහැදිලි කර තිබෙනවා. දෙවන මුද්‍රණයේ පිටපත් සීමිත සංඛ්‍යාවක් ඉතුරු වෙලා තිබෙනවා. නිවසට ගෙන්වා ගන්න කැමති අය Whatsapp හරහා ඇණවුම් කරන්න. ස්තුතියි.
එරන්ද ගිනිගේ
Master of Project Management (Sp. in Business Administration), University of Southern Queensland, Australia
Former Head of Partnerships and Innovation, British Council Sri Lanka
