කුහක ස්ත්‍රීවාදීන්

වසන්තා හඳපාන්ගොඩ මහත්මියගේ ප්‍රාණය නිරුද්ධ දේහය මිහිදන් කිරීමට පෙර මෙය ලියමි. ලංකාවේ ස්ත්‍රීවාදීන් යැයි කියාගන්නා කොළඹ නෝනලාගේ කුහකකම මතක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එදා ම්ලේච්ඡ අරගලයකුන් සහ අරලගයකිනියන් විසින් අමානුෂික ලෙස පහර දුන් දහසකුත් අහිංසක කාන්තාවන් වෙනුවෙන් ඔය ඊනියා ස්ත්‍රීවාදීන් අදටත් එක වචනයක් හෝ ප්‍රකාශ කර නැත. කුහකකම යනු එයයි.


මහලොකුවට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පම්පෝරි ගහන ඔවුන් එදා පොදුජන පෙරමුණේ කාන්තාවන් බේරේ වැවේ ගිල්වන විට වියරුවෙන් උඩ පනිමින් අත්පුඩි ගැසුවේය. අහිංසක කාන්තාවන් හට අඩම්තේට්ටම් කළ වනචර අන්තවාදීන්ට ඔවුන් “තැනක් යූ” කීවේය. ලංකාවේ ස්ත්‍රීවාදීන් යනු එවැනි නරුමයන් පිරිසකි. අමන පිරිමින් විසින් මහමග විසිල් ගහනවාට විරුද්ධව කැම්පේන් කරන ඔවුන්ට කාන්තාවන්ට මහමග පහර දී වතුරේ ගිල්වා දැමීම පෙනුණේ නැත. කුහකකම යනු එයයි.

ලංකාවේ කාන්තාවගේ දේශපාලන අයිතිවාසිකම් මහ දවල් ප්‍රසිද්ධියේ අපහරණයට ලක් කළ දිනය කළු මැයි 9 වැනිදාය. තමන් කැමති දේශපාලන මතයක් දැරීම නිසා සාහසික දණ්ඩනයට ලක් වූ පොදුජන පෙරමුණ කාන්තාවන් වෙනුවෙන් පොදුජන පෙරමුණවත් තවම යුක්ති ප්‍රමාණ සාධාරණයක් ඉෂ්ට කර නැත. හරි නම් පොදුජන පෙරමුණ විසින් සිය පාක්ෂිකයන්ගේ දේශපාලන නිදහස වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියට යා යුතුය. නමුත් එවැන්නක් කිරීමටවත් ධෛර්යක් නැති වෙන තරමට ප්‍රජාතන්ත්‍ර විරෝධී ම්ලේච්ඡයන් විසින් අපගේ කඳවුර මර්දනය කර ඇත. 

හරිනි අමරසූරිය වැන්නවුන් මහලොකුවට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා කීවාට පොදුජන පෙරමුණේ කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නේ නැත. ඔවුන්ගේ ඇති කුහකකම එයයි. ඔවුන් සැබැවින්ම ස්ත්‍රීවාදීන් නොවේ. ඔවුන් සැබැවින්ම මානවවාදීන් නොවේ. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීන් නොවේ. ඔවුන් කුහක හිස් අවස්ථාවාදීන්ය.

අපගේ පක්ෂයේ තරුණ ක්‍රියාකාරිනියක හට NPP ඇමතියෙකුගේ ත්‍රාඩ හෙන්චයියෙක් පෙරේදා දුරකථනයෙන් අමතා තර්ජනය කර තිබේ. එවැන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ. NPP යේ නූගත් අශිෂ්ට වනචර දුර්ජනයන් විසින් ලංකාවේ සමාජ මාධ්‍යය තුළ සිදු කළ මර්දනයට එරෙහිව කිසිවෙකු කිසිදු පියවරක් ගත්තේ නැත. අපගේ කඳවුර කෙරෙහි පාක්ෂිකයන් බිඳීමට එය ප්‍රධාන හේතුවක් විය. මෙම සිද්ධියට එරෙහිව පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකයන් අද යම් හඬක් නැගීම සතුටට කරුණකි. නමුත් එය ප්‍රමාණවත් නැත. පක්ෂයේ නීතිඥ සංගමය වහාම ක්‍රියාත්මක වී සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. 

හඳපාන්ගොඩලා අනුරාගිකව දේශපාලනය කළ කාන්තාවන්ය. ඔවුහු සිය දේශපාලන මතය, කඳවුර සහ නායකයන් කෙරෙහි මහත් ගෞරවයකින් සහ විශ්වාසයකින් කටයුතු කළෝය. හඳපාන්ගොඩ මහත්මිය මා හට මතක තිබෙන්නේ තමන්ගේ දේශපාලනය පිළිබඳව අභිමානයෙන් සිටි කාන්තාවක් ලෙසටය. නමුත් පක්ෂයේ කාන්තා සංවිධානය බදාගෙන සිටි ස්ත්‍රීන් විසින් ඔවුන්ට සහ තවත් බොහෝ කාන්තාවන්ට ඉදිරියට ඒමට අවස්ථාවක් දුන්නේ නැත. එසේ බදාගෙන සිටි ඔවුන් අවසානයේ පක්ෂය හැර ගොස් සතුරාට එකතු විය.

හඳපාන්ගොඩ මහත්මිය අවසන් ගමන් යන්නේ ඇය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට නොවූ චරිතයක් ලෙසටය. දේශපාලනය කරන සියලුම කාන්තාවන්ට මෙය හොඳ පාඩමකි. කුමන පක්ෂයේ වුවත් කාන්තාවන් සංවිධානය විය යුතුය. සමගි විය යුතුය. එකිනෙකා කෙරෙහි කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය. නියම ස්ත්‍රීවාදය යනු එයයි. සෑම කාන්තාවකටම තමන් කැමති දේශපාලන මතයක් දැරීමට අයිතිය තිබේ. එම මතය විවේචනය කිරීමට ඕනෑම අයෙකුට අයිතිය තිබේ. වරදක් කර තිබේ නම් එයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද අයිතිය තිබේ. නමුත් එම මතය දැරූ නිසා ඇයට පහර දීමට කිසිවෙකුට අයිතියක් නැත. ධර්මය ඔබට මග වේවා!

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා