සෙල්ලම් ආණ්ඩු

ඔබට දැන් පෙනෙනවාද රටක ආණ්ඩුවක් කරන්න හැමෝටම බැරි බව? ගෝලීය වසංගත රෝග, ත්‍රස්තවාදී යුද්ධ, ආර්ථික අවපාත නැතිව තිබියදීත් අනුර කුමාරගේ ආණ්ඩුවට කන්න හාල් ටිකවත් දීගන්න බැහැ නේද? පෙට්‍රල් ඩීසල් පැත්තකින් තියමු. නමුත් අඩුම ගානේ පොල් ටිකවත් දීගන්න බැහැ නේද? බදු අඩු කිරීම පැත්තකින් තියමු. නමුත් අඩුම ගානේ ලුණු ටිකවත් දීගන්න බැහැ නේද? තව ආර්ථික අවපාත එහෙම තිබුණා නම් කොහොමද! හැබැයි කයිවාරුව නම් තියෙනවා…


අනුර කුමාර කියන හැටියට හාල් හිඟ වෙන්නේ ගෙදර ඇති කරන බල්ලෝ පූසෝ වගේ සුරතල් සතුන් වැඩි වීම නිසාලු. පොල් හිඟ වීමට හේතුව රිලව් පොල් කෑමය කියා ලාල් කාන්ත මුලින් කීවා. නමුත් ඊයේ චතුරංග අබේසිංහ දත්ත විද්‍යාඥයා කියනවා පොල් නැත්තේ ලංකාවේ ගෘහණියන් පොල් සම්බෝල හදලා පොල් නාස්ති කරන නිසාලු. අපි අබේසිංහට යෝජනා කරනවා එක මිටට මාලිමාවට ඡන්දය දුන්නු ලංකාවේ ගැහැණුන්ට නාස්ති නොකර කිරි මිරිකන හැටියි සම්බෝල කරන හැටියි උගන්වන පන්තියක් සිරස සටන වැඩසටහනේ කරන්න කියලා…

සතොස හරහා හාල් ගෙන්වන්න වසන්ත සමරසිංහ හදපු ටෙන්ඩර් ඔක්කොම ප්‍රතික්ෂේපිතයි. ආචාර්ය මහාචාර්ය පට්ටම් ඔක්කොම බොරු වුණා. අවදානම් සහගත කන්ටේනර් හොරෙන් එළියට යනවා. පොහොර සහනාධාරය දීගන්න බැහැ. වැව් බැමි කැඩිලා යන කල් උඩ බලාගෙන ඉන්නවා. Clean Sri Lanka කියලා ත්‍රීවීල් සහ බස්වල සතියක් විතර කෑලි ගැලෙව්වා. ඉන්දියාවට ගිහිල්ලා කිසිම ගිවිසුමක් අත්සන් කළේ නැහැ කියලා කියන්නේ ඔවුන්මයි. කොපමණ මුදල් නාස්තියක්ද? චීනයට ගිහිල්ලා අත්සන් කරලා තියෙන්නේ පරණ ආණ්ඩුවල දූෂිත ගිවිසුම් ටිකමයි. අලුතෙන් කළ කිසිම දෙයක් නැහැ. IMF එක කියන විදිහට ඔහේ රට යනවා. මේවට තමයි “සෙල්ලම් ආණ්ඩු” කියන්නේ.

ඒ නිසා තමයි මිත්‍රවරුනි, අපි කිව්වේ බස් ගිනි තියලා, බැංකු මංකොල්ල කාලා, මිනීමරලා, වැඩවර්ජන කරලා රටක් විනාශ කළ ත්‍රස්තවාදීන්ට ආණ්ඩු බලය දෙන්න එපා කියලා.

ලෝකයේ මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා. සමහරුන්ට අනතුර කල් තියා පෙන්වූ විට ඔවුන් එය තේරුම් ගෙන ඒ වරද නොකර ඉන්නවා. අනෙක් අයට කොච්චර කිව්වත්, තේරුම් කරලා දුන්නත් වැඩක් නැහැ. ඔවුන් පාඩම ඉගෙන ගන්නේ වැරැද්ද කරලමයි. අනුර කුමාරට ඡන්දය දුන්නු මිනිස්සු අයිති වෙන්නේ ඔය දෙවැනි වර්ගයට. ඔවුන් තීරණ ගන්නේ ආවේගයෙන්. කෝපයෙන්. වෛරයෙන්. ඔවුන්ට සිහිය පවත්වා ගන්න බැහැ. සන්සුන්ව නැවතිලා කල්පනා කරලා, හරි වැරැද්ද තෝරා ගන්න තරම් බුද්ධිමය විභවයක් ඔවුන්ට නැහැ. සොක්‍රටීස් කිව්වා වගේ එවැනි දුර්වල සමාජයක ප්‍රජාතන්ත්‍රය විහිළුවක් බවට පත් වෙනවා.


මෙහෙම කියන කොට මාලිමාවට ඡන්දය දුන්නු උදවිය අහනවා එතකොට වසර 76 ක් තිස්සේ හිටපු උන් කළාද? කියලා. ඔවුන්ට පිළිතුරු දීම අනුවණකමක්. මොකද වසර 76 ක් තිස්සේ කරපු දේ ඔවුන් දන්නේ නැත්නම් එයින් ඔප්පු වෙන්නේ ඔවුන්ට ඉතිහාස දැනුම නැති බවයි. අඩුම ගානේ පොතක්පතක් කියවා හෝ මේ රටේ සිද්ධ වුණු සහ කළ දේ හැදෑරීමට තරම් කපාල ධාරිතාවයක් ඔවුන්ට නැහැ. ඔවුන් හරියට සෙල්ලම් ගෙවල්වල සෙල්ලම් බත් උයන කුඩා දරුවන් වගේ ළාමකයි.

අපි සතුටු විය යුතුයි 30 වසරක යුද්ධය තිබූ කාලයේ මෙවැනි සෙල්ලම් ආණ්ඩුවක් නොතිබීම ගැන. කෝවිඩ් වසංගත කාලයේ මෙවැනි සෙල්ලම් ආණ්ඩුවක් නොතිබීම ගැන. 2009 මහින්දට සහ සහ නැවත 2021 ගෝඨාභයට මුහුණ දෙන්න වුණු ගෝලීය ආර්ථික අවපාත මේ ආණ්ඩුවට නොතිබීම ගැන. මොකද එහෙම වුණා නම් සෙල්ලම ලෙල්ලම වෙනවා.

සෙල්ලම් ආණ්ඩුවේ සෙල්ලම් ජනාධිපතිට තමන්ගේ රාජ්‍ය කාර්යය ඉෂ්ට කරන්න බැරි වුණාම මයික් ඉස්සරහට ඇවිල්ලා මහින්දට ගෙදරින් යන්න කියනවා… වැරදි පෙන්වන මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා… රිළවුන්ට බනිනවා… බල්ලන්ට පූසන්ට බනිනවා… පොල් නාස්ති කරන ගැහැණුන්ට බනිනවා… සෙල්ලම් ආණ්ඩු වෙන මොනවා කරන්නද? ඔවුන්ගේ ශක්‍යතාවයේ සීමාව තමයි ඒ. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ


සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග 
සමාජ ව්‍යවසායකයන්ගේ අත්පොත

නිවසටම ගෙන්වා ගැනීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න.

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා