පිරිමි ඔබට පාඩමක්
“හැට්ටෙට කටු ගහන්නත් නාවික හමුදාවේ නිලධාරි හිටියා” යනුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා ඔබ ජනමාධ්‍යයෙන් දකින්න ඇති. ඔබ පිරිමියෙකු නම් කවදාවත් එවැනි බාල කතා කියන්න එපා. පිරිමියෙක් වුණාම අනුන්ගේ ගැහැණුන් ගැනවත්, ගැහැණුන්ගේ හැට්ට ගැනවත්, හැට්ටෙට කටු ගැසීම ගැනවත් කතා කරන්න එපා. ඒවා පිරිමින්ට නොගැලපෙන අශීලාචාර නූගතුන් කියන තිරශ්චීන කතා.
![]() |
| අනුන්ගේ ගැහැණුන්ගේ හැට්ට කටු ගැන කියවන ජනාධිපති සහ ඔහුගේ උපදේශක |
ඔබ පිරිමියෙකු නම් ඔබේ මනස නිතරම සිතිය යුත්තේ ඊට වඩා බොහෝ වැදගත් සහ උසස් කාරණා පිළිබඳවයි. ගැහැණුන්ගේ හැට්ට කටු ගැන කතා කිරීම පිරිමියෙකුට කිසිසේත්ම තරම් නොවේ. විශේෂයෙන්ම රටක ජනාධිපති කෙනෙක්, අනුන්ගේ ගැහැණුන්ගේ හැට්ට කටු ගැසීම පිළිබඳව සෙවීම මෙන්ම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමත් ඉතාම ග්‍රාම්‍ය අවර නීච ගතියක් බව ඔබ මතක තබා ගන්න. තමන්ගේ රටේ හමුදාවටම නින්දාවක් නේද තමා කරන්නේ කියාවත් අවබෝධයක් ඔහුට තිබුණේ නැහැ.
මෙතනදී මූලික වෙන්නේ පුරුද්දයි. අනුන්ගේ ගැහැණුන්ගේ හැට්ට කටු ගැන සොයන්න පුරුදු වුණොත්, රටේ ජනාධිපති වුණත් ඔබේ මනස ක්‍රියාකරන්නේ ඒ පහත් මට්ටමේ. ඒක ඉතාම සෝචනීයයි. ඒ නිසා එවැනි වසල ගති පුරුදු වෙන්න එපා. මෙතනදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනා ඔබ ආශ්‍රය කරන මිතුරන් පිළිබඳව. මොකද ඔබ ආශ්‍රය කරන සමාජය අනුව තමයි ඔබේ පුරුදු හැදෙන්නේ. මාලිමාවට ඡන්දය දුන්නු බොහෝ දෙනා මෙවැනි දේම සොයන, මෙවැනි දේ ගැනම කතා කරන අය. ඔවුන් සමග සිටීමෙන් ඔබටත් ඒ පිරිමිකමට නොගැලපෙන ජඩකම් පුරුදු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔවුන්ගෙන් මිදෙන්න.
දේශපාලනය, විද්‍යාව, කලාව, සාහිත්‍යය, දර්ශනය වැනි උසස් විෂය කාරණා පිළිබඳව සිතන, ලියන, කතා කරන ගෞරවනීය පවුල් පසුබිමක් ඇති, උසස් අධ්‍යාපනයක් සහ ගෞරවනීය වෘත්තීය අත්දැකීම් ඇති, වැදගත් ගැහැණු සහ පිරිමි පමණක් ආශ්‍රය කරන්න. ඔබේ මනස නිතරම උසස්ව සහ ගැඹුරුව තබා ගන්න. එවිට ඔබ කවදා හෝ ජනාධිපති වුණොත් ඔබට පුළුවන් රටක් සමාජයක් සැබැවින්ම උසස් කරන්න. ශිෂ්ටත්වයෙන් බබළවන්න. ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
| සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග සමාජ ව්‍යවසායකයන්ගේ අත්පොත |
නිවසටම ගෙන්වා ගැනීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න.

