Posts

2024 ලොකුම පාඩම

Image
2024 න් කෙනෙකුට උගත හැකි වැදගත්ම පාඩම නම් බොරු නොකියා සිටීමේ වැදගත්කමයි. ඒ සඳහා මාලිමා ආණ්ඩුවේ ඕනෑම බොරුකාරයෙක් උපමාවට ගත හැකිය. නමුත් මේ දිනවල ප්‍රසිද්ධ බොරුකාරියකගේ කර්ම විභාගය මෙහි ලා කාලෝචිතය.  කෙනෙකු දැන හෝ නොදැන හෝ බොරුවක් කිව හොත් ඉක්මනින් හෝ කල් ගත වී හෝ එයට විපාක ලැබේ. “උගන්ඩාවට ඩොලර් ගෙන ගිය” බොරුව ලක්ෂ හැට අටක් පමණ වන මෝහාන්ධකාරයේ ගිලුණු පෘථග්ජනයා හෙවත් උපන්ගෙයි මෝඩ ජනතාව විශ්වාස කළේය. එය බොරුවක් බව බොරුකාරිය විසින්ම පිළිගත් පසු තමා රැවටුණු බව වැටහුණු මෝඩ ජනතාව බොරුකාරියට නින්දා අපහාස කරන්නට විය. කර්මය සහ විපාකය යනු එයයි. බොරුකාරිය විසින් රැවට්ටුවේ මෝඩයන් එකෙකු දෙන්නෙකු නොවේ. මුළු රටක්ම රැවටුණාය. එවිට විපාකය එයට සාපේක්ෂව දරුණු වේ. මන්ද එසේ රැවටීමට ලක් වූ සියලු දෙනා ඇයට එරෙහිව අවමන් කරන නිසාය. එබැවින් ඔබ යමක් පවසන විට එය සත්‍යයක්මදැයි හොඳින් විමසා බලන්න. සුළු හෝ සැකයක් ඇත්නම් එය පැවසීමෙන් වළකින්න. විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ කතා කරන විට සියපාරක් හිතන්න. තවද බොරුකාරිය පැවසුවේ කුඩා බොරුවක් නොවේ. රුපියල් ගණනක බොරුවක්ද නොවේ. ඇය පැවසුවේ ඇමරිකන් ඩොලර් බිලියන ගණනක මහා විශාල බොරුවකි....

ආණ්ඩුවේ කල්ල මරේ

Image
මොනවා වුණත් අනුරගේ ආණ්ඩුව තමන්ගේ tax ආදායම එකතු කර ගත්තා. IMF එකේ ප්‍රධානම කොන්දේසිය තමයි එක් එක් වසරට පනවා තිබෙන බදු ආදායම කොහොම හරි එකතු කර ගැනීම. මිනිස්සුන්ට හෙන ගහලා ගියත් ආණ්ඩුවේ බදු ආදායම හෙව්වේ නැත්නම් IMF එකෙන් කුණු බැනුම් අහන්න වෙනවා. ඒ සඳහා අනුරගේ ආණ්ඩුව ගහපු ගේම මරු. එක පාරටම වෙළඳපොළේ සහල් හිඟයක් හැදුණා. හාල් මෝල් හිමියන් සමග ලස්සන රඟපෑමක් කළා. හිඟය පිට දාලා පිටරටින් සහල් ගෙන්වන්න අවසර දුන්නා. ඒ ගෙන්වන හාල් ඇටයක් ඇටයක් ගානේ බදු ගැහුවා. ඒක නියම ගේමක්. ආණ්ඩුව ඉතාම කපටි ලෙස මේ වැඩේ කළා. සතොස ටෙන්ඩර් අවලංගු වෙන විදිහටම දැම්මා. මොකද ආණ්ඩුවෙන් හාල් ගෙන්වුවොත් බදු ආදායම නැති වෙනවා. පුද්ගලික ව්‍යාපාරිකයන්ටම ගෙන්වන්න දුන්නා. ඔවුන්ගෙන් එක පාර බද්ද එකතු කරගත්තා. ව්‍යාපාරිකයා ඒ ගානට තව ලාබයකුත් තියලා විකුණගන්න විදිහට පාලන මිල වැඩි කරලා දුන්නා. ලංකාවේ ඉන්න බත් කන හරක් ටික පෝලිමේ ගිහිල්ලා වැඩි මිලට විකුණන සහල් මිලට අරගෙන ජනවාරි 1 වැනිදාට කිරිබත් කනවා. මේකම තමයි ලුණුවලිනුත් කළේ. එක පාරටම ලුණු හිඟයක් හැදුණා. හාල් සහ ලුණු කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලිනුත් අනිවාර්යෙන්ම ගන්න වෙන දේ. ඒවා පිටරටින්...

අනුරට බය නැති වීම

Image
මා මෙය මින් පෙරද දැක තිබේ. එකල වැසියන් තුළ ගෝඨාභය කෙරෙහි දැඩි බියක් තිබිණි. බිය යනු රාජ්‍ය පාලනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ආරක්ෂක ලේකම් හැටියට ගෝඨාභය අත ගැසූ හැම දෙයක්ම සාර්ථක වූයේ ඔහු පිළිබඳව සියල්ලන් තුළ වූ බිය නිසාය. රාජ්‍ය නිලධාරීන් ඉතා උනන්දුවෙන් වැඩ කළේ එම බිය නිසාය. කොළඹ මිනිස්සු පාරට කුණු කෑල්ලක් දාන්න බයෙන් හිටියා මතකද? අමුතුවෙන් Clean Sri Lanka ව්‍යාපෘති කරන්නට උවමනා වුණේ නැහැ. ඒ කාලේ කොළඹ නගරය දකුණු ආසියාවේ පිරිසිදුම නගරයද මොකක්දත් වුණා. රටේ විනය අමුතුවෙන් හදන්නට අවශ්‍ය වුණේ නැහැ. රාජිතගේ බොරු මිනීමෝරු කතාවලින් ඇත්තටම වුණේ රටේ මිනිස්සු වැරදි කරන්නට බිය වීමයි. රාජ්‍ය පාලනය යනු මිනිසුන් පාලනය කිරීමය. මිනිසා යනු සතෙකි. සතුන් පාලනය කළ හැක්කේ බියෙන් පමණී. පාලකයා කෙරෙහි ඇති බිය නැති වූ මොහොතේම පාලනය ගිලිහේ. ගෝඨාභය ජනපති වූ පසු ඔහු තමන් විසින්ම එම බිය නැති කර ගත්තේය. මා හිතන්නේ ඔහු ඒක කළේ හිතලමයි. ඔහු කැමති වුණේ නැහැ බියජනක චරිතයක් හැටියට ඉතිහාසයේ ලියවෙන්න. මොකද ඔහු ඇත්තටම ඉතාම කරුණාවන්ත මනුස්සයෙක්. අවස්ථාවන් විසින් තමයි ඔහුව බියකරු පුද්ගලයෙකු කළේ. නමුත් ඒ ප්‍රතිරූප පරිවර්තනය වෙනුවෙ...

අසංස්කෘතික ලංකාව

Image
“සංස්කෘති” යන වචනයෙහි අර්ථය වන්නේ උසස් කිරීම, පරිපූර්ණ කිරීම, පාරිශුද්ධ කිරීම වැන්නකි. සංස්කෘත භාෂාව යනු උසස් කරන ලද, පිරිසිදු කරන ලද, පරිපූර්ණ කරන ලද භාෂාවය. නූතන ඉංග්‍රීසියේ යෙදෙන culture යන්නෙහි මුල් අර්ථය වගාව සඳහා බිම සකස් කිරීමය. කර්කශ පොළොව කපා, මට්ටම් කර, සී සා, වල් ගලවා, වතුර බැඳ වගා කිරීමට හැකි උසස් තත්ත්වයට ගෙන ඒමේ අර්ථයෙන්ද සංස්කෘතිය උපමා ගැන්වේ.  “සංස්කෘතික මිනිසා” යනු උසස් මිනිසෙකි. ශිෂ්ට මිනිසෙකි. සදාචාරවත් මිනිසෙකි. එවැනි මිනිස් සමාජයක් “සංස්කෘතියක්” ලෙස හැඳින්විය හැකිය.  ලක් වැසියා සංස්කෘතික මිනිසෙකු බවට පත් කළේ බුද්ධ ධර්මය විසිනි. අනුරාධපුර පොළොන්නරු නටබුන් සහ මහාවංශ කතාවෙන් අපට එම පැරණි සංස්කෘතිය දැක ගත හැකිය. නමුත් ක්‍රමයෙන් පරිහානියට පත් වූ සහ පත් කර වූ ලංකාව අද තනිකරම “අසංස්කෘතිකය”. මාලිමාව යනු එහි නිශ්චිත සංකේතයයි. මාලිමාවට ඡන්දය දුන්නේ ලංකාවේ අසංස්කෘතික වනචාරියාය. ආණ්ඩු පක්ෂයේ 159 දෙනාගෙන් එම අසංස්කෘතික මිනිසුන් මනාව නියෝජනය වේ. නොනිවෙන කාම තණ්හාවෙන් පෙළෙන මධ්‍යම පාන්තික අරගලකරුවන් විසින් අසභ්‍ය අසත්‍ය අසම්මත භාවිතයෙන් බලය ලබා ගැනීමම අසංස්කෘතිකය. සංස්කෘ...

වෙල් ඩන් ජයසිංහ

Image
නිදහස් අධ්‍යාපනය බේරා ගන්න වැඩ වර්ජන කරන ලංකාවේ ගුරාලා ටික තමන්ගේ පාසලේ ශිෂ්‍යයන්ටම මුදලට අධ්‍යාපනය විකුණන්න එපා කියලා බස්නාහිර පළාත් සභාවෙන් දුන් නියෝගය පැය 24 ක් යන්න කලින් මාලිමා ආණ්ඩුවෙන් අහෝසි කළා. පළාත් සභාවලට උපරිම බලය දෙන්න ඕනා කියපු අනුර කුමාරගේ කණට ගැහුවා වගේ වැඩක් ඒක. පොලිස් සහ ඉඩම් බලතල දෙන්න කලින් දැනට දීලා තියන අධ්‍යාපන බලතලවත් ක්‍රියාත්මක කරන්න නොදී ඔය විදිහට තුට්ටු දෙකට දැමීම වෙනුවෙන් මහින්ද ජයසිංහට අපගේ ස්තුතිය. මේකේ මම කැමති දේ තමයි පළාත් සභාවකින් ගත් එම තීරණය ඉරලා විසි කළේ අඩුම ගානේ කැබිනට් ඇමතියෙකුවත් නොවීම. ඊටත් වඩා අධ්‍යාපන විෂය භාර නියෝජ්‍ය ඇමතිත් නොවෙයි. හරිනි මෙනවිය උඩ බලා ගෙන ඉන්න කොට මහින්ද වැඩේ කරලා ඉවරයි. එහෙම තමයි ඔය පළාත් සභාවලට සලකන්න ඕනා. දිස් ඉස් පොලිටික්ස්.

නත්තල හැදුන හැටි සහ බෞද්ධ ධර්මය

Image
නත්තල යන වචනය හැදුන හැටි ඔබ දන්නවද? ඒ වචනය ලංකාවට හඳුන්වා දෙන්නේ පෘතුගීසි කතෝලික ආක්‍රමණිකයන් විසින්. ජේසුස්ගේ උපත ඔවුන් අදටත් හඳුන්වන්නේ Natal (ශබ්ද කරන්නේ නෑ/නා-තල්). Natal තමයි “නත්තල්” වන්නේ. Natal කියන්නේ ඉපදීමට. නමුත් මේ වචනයට ඈත අතීත සම්බන්ධයකුත් තිබෙනවා. Native, Nation, Nature වැනි තවත් බොහෝ Nat- මුලට යෙදෙන නූතන යුරෝපියානු වචන ඉපදීම හා සම්බන්ධයි. ඒවා එන්නේ පැරණි ලතින් භාෂාවේ (g)natus වචනයෙන්. මුල් කාලයේ “ජ-න” ශබ්ද එකට බැඳිලා තිබුණේ. Gender, Generation, Genetics වචන වල අර්ථයත් ඉපදීම හා සම්බන්ධයි. දැන් තේරෙනවා ඇති මේක යන්නේ කොහෙද කියලා… ජනිත, ජනන, ජාන ආදී බොහෝ වචන ඉපදීම හා සම්බන්ධයි. මව් කුසින් ඉපදීම වගේම ඊටත් වඩා ගැඹුරු අර්ථයෙන් යමක් ඇතිවීම, හට ගැනීම, ආරම්භය වගේ අදහසක් එහි තිබෙනවා. “ජාති” කියන්නේ ජනති යන්නෙහි අතීත කාල පදය. මේවා එන්නේ සංස්කෘත භාෂාවෙන්. නමුත් තවත් ඉතිහාසයට ගියොත් මේ සියලු වචන එන්නේ ප්‍රාග් ඉන්දු-යුරෝපියානු භාෂාවේ *ǵenh- වැනි ශබ්දයකින් විය හැකි බවයි භාෂා විද්‍යාඥයන්ගේ මතය. පෘතුගීසි, ඉංග්‍රීසි සහ සිංහල ඇතුළු ලෝකයේ බාගයකට වඩා “ජන”තාව කතා කරන්නේ ඒ මුල් මව් භාෂාවෙන් ප...

නායක්කාර නිරාවරණය

Image
අර්බුද ඇති වීම වැළැක්විය නොහැකිය. නමුත් ඕනෑම අර්බුදයක් තම වාසියට යොදා ගැනීම දේශපාලනිකය.  අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගේ ආචාර්ය පට්ටම් ප්‍රශ්නය ඇති කර තිබෙන්නේ ජවිපෙ අභ්‍යන්තර සැලසුමක් ලෙස බව දැන් පැහැදිලි වෙමින් තිබේ. Dr කෑල්ල දමා ලිඛිතව පාර්ලිමේන්තුවට නම දී ඇත්තේ ඔහුගේම පක්ෂය විසින් බව මාධ්‍ය වාර්තා කරයි. මේ සිදුවන්නේ කුමක්ද? සිරස සටන වැඩසටහනකදී හර්ෂණ හැසිරෙන්නේ නූගත් මෝඩයෙකු ලෙසටය. “... ගහන්නේ මොන බ්‍රෑන්ඩ් එකද… මමත් කැමතියි ඒකෙන් ටිකක් බොන්න… ගහන එක ඇට පිටින් ගහන්න එපා… බම්බුව...” වැනි වාසු පන්නයේ ගොඩේ ප්‍රකාශ කරන ඔහු අවසානයේ කරන ප්‍රකාශය වඩාත්ම වැදගත්ය. “විජේවීර ඔහුගේ නායකයා නොවන බවත්, ඔහු NPP” බවත් හර්ෂණ එහිදී කියයි. හර්ෂණට ෂොට් එක දීමට හේතුව පැහැදිලිය. ඔහුගේ එම ප්‍රකාශය JVP-NPP ගැටුම “ඇට පිටින්” එළියට ආ අවස්ථාවකි. හර්ෂණ යනු ජවිපෙට නොගැලපෙන අයෙකි. ඔහු කතා කරන්නේ මෝඩ අහංකාර හාමු මහත්තයෙකු මෙනි. ටිල්වින් ඇතුළු ජවිපෙ නායකයන්ට හර්ෂණගේ පම්පෝරිය දිරවන්නේ නැත්නම් එය ඉතාම සාධාරණය. නියම ජේවීපීකාරයා කතා කරන්නේ ටිල්වින් හෝ බිමල් හෝ කතා කරන ආකාරයටය. එය ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයකි. ඉවත් කර ...

අනුරගේ ප්‍රවේශම

Image
ජනාධිපති වී මාස 3 ක් ගත වී ඇතත් අනුර තවමත් ගෙන යන්නේ රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළය. ඒ ඇයි? අනුරට සිදු වී ඇත්තේ මහත් අකරතැබ්බයකි. ඔහුට රාජ්‍ය පාලනයේ අත්දැකීම් නැත. ගොඩ ඉඳගෙන පීනන හැටි ගැන උපදෙස් දුන් එකාව අල්ලා මුහුදට තල්ලු කළාක් වැනි වැඩක් තමයි ඇත්තටම වුණේ. ඔබේ ආයතනයේ සේල්ස්රෙප් කෙනෙකුව එක වර ප්‍රධාන විධායක නිලධාරියාගේ පුටුවේ වාඩි කළොත් මොන වගේ තියේවිද! දොරටුපාලයා රජ වුණා වගේ කියා අපේ පැරැන්නන් කියා තිබෙන්නේ මෙන්න මෙවැනි අවස්ථා සඳහාය.  ඒ මදිවාට රාජ්‍ය පාලනය තබා තමන්ගේ හැකර කටවත් පාලනය කර ගන්න බැරි බබ්බු 159 ක් පාර්ලිමේන්තුවට එවීමෙන් රාජ්‍යයේ සමස්ත වගකීමම අනුර මත පටවා තිබේ. පාර්ලිමේන්තුව හරියට මොන්ටිසෝරියක් වැනිය. අනුරගේ පැත්තෙන් ගත් විට මෙය අතිශය බරපතල තත්ත්වයකි. තමන්ට 2/3 ක් එපා කියා ඔවුන් කීවේ මේ ප්‍රශ්නය ඔවුන්ට එන බව ඔවුන් දැන සිටි නිසාය. මෙවැනි අවස්ථාවක තමන් විසින් දෙඩවූ පණ්ඩිතකම් කරන්නට ගිය හොත් කබලෙන් ලිපට වැටිය හැකි බව අනුර දනී. තමන්ගේ නොහැකියාව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් ඔහුට තිබේ. එය හොඳ දෙයකි. ඒ අනුව මෙවැනි තත්ත්වයක ඔහු කරන්නේ පවතින තත්ත්වය (status quo) හැකි තාක් කාලයක් ...

සිවුර සහ භික්ෂුව

Image
කිරුළපන ධම්මවිජය නමින් සිටි භික්ෂුව සිවුරු හැර ගිය ප්‍රවෘත්තියක් පසුගියදා ප්‍රචාරය විය. මා ඒ ගැන වැඩිපුර සෙව්වේ නැත. මන්ද එය මා හට පුදුමයක් නොවූ හෙයිනි. ගිහි ජීවිතයෙන් නික්මෙන භික්ෂුව නැවත ගිහි ජීවිතයට වැටීම අභාග්‍යයක් වුවත් වර්තමානයේ ඒ සඳහා විශාල පෙළඹවීමක් තිබේ. එය වෙන්නේ කෙසේද? සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් ගිහි ගෙයින් නික්ම යන්නේ එහි දුක් සහිත බව ඒකාන්තයෙන්ම අවබෝධ කර ගෙනය. නෙක්ඛම්මය හෙවත් නික්මීම යනු ගිහි ජීවිතය පිළිබඳව ඇති වන කලකිරීම විසින් නිරායාසයෙන් සිදු වන දෙයකි. ගිහි ගෙය පිළිබඳව සැබැවින්ම කලකිරුණු පුද්ගලයා අනිවාර්යෙන්ම ඊළඟට කරන්නේ නික්මීමයි. ඔහු නැවත කිසිවිටෙක පෙර තැනට යන්නේ නැත. උස් තැනින් පහත් තැනට ජලය ගලන්නාක් මෙන් වන එය තාර්කික හේතු-ඵල දහමකි. නමුත් මහණ වෙන සෑම පුද්ගලයාම එසේ ගිහි ගෙය පිළිබඳව සැබැවින්ම කලකිරුණු අය නොවේ. එදා මෙන්ම අදත් ලෞකික ලාභ ප්‍රයෝජන ඇතුළු විවිධ අන්‍ය හේතු මත පුද්ගලයන් පැවිදි වේ. එය වැළැක්වීම අපහසුය. පැවිදි වන ඇතැමුන් තමාට ගිහි ගෙය එපාය කියා අවංකව සිතුවත් ඔවුන්ට තවම අර පූර්ණ කලකිරීම ලැබී නැත. එවැන්නවුන්ට නැවත ගිහි ගෙයට වැටෙන්නට පහසුය. මෙයට බොහෝ දුරට වගකි...

අනිල් ජාසිංහ පිළිතුරු දෙනු

Image
කෝවිඩ් වැළඳී මළ ලංකාවේ 16,900 පමණ දෙනාගෙන් මුස්ලිම් ජාතිකයන් ගැන පමණක් කතා කරන රවුෆ් හකීම් විසින් නැවතත් ආදාහන-භූමදාන ප්‍රශ්නය මතු කරමින් තිබෙනවා. එයට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්සත් සම්පූර්ණ වරද එවක පැවති ආණ්ඩුව වෙත පටවනවා. පාස්කු ප්‍රහාරය වගේ මේකත් දැන් කාලෙන් කාලෙට ගොඩගන්න දේශපාලන මිනියක් වෙලා. නමුත් මේකේ ඇත්ත දන්නේ කවුද? මේ ගැන උත්තර දෙන්න සුදුසු කෙනෙක් තමයි අනිල් ජාසිංහ. ඔහු එවක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්. ආදාහනය කිරීමට ගත් තීරණය පිළිබඳව මුල සිට අගට ඔහු දන්නවා. ඒ වගේම ඔහු දැන් NPP ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්. එබැවින් ඔහුට යුතුකමක් තිබෙනවා මේ ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් දෙන්න. මේ තියෙන්නේ ස්වභාවික සම්පත් පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ ඒ අවස්ථාවේ සියලුම දේහ ආදාහනය කළ යුතු බවට පර්යේෂණ වාර්තා මත පදනම්ව අමාත්‍ය අලි සබ්‍රිට යවපු ලිපිය. ඒ දවස්වල ඇය තමයි කෝවිඩ් විශේෂඥයවරිය වුණේ. ජනමාධ්‍යය ඔස්සේ විශාල ප්‍රචාරයක් ඇයට දුන්නා. ආදාහනය සඳහා ඇයගේ විශේෂඥ උපදෙස තදින් බලපෑවා. නලින්දට ඒ ගැනත් කියන්න සදාචාරයක් තිබෙනවා. ඒ දවස්වල හැමෝම කිව්වේ “විද්‍යාත්මක...

වෙල් ඩන් සජිත්

Image
අද සජිත් ප්‍රේමදාස කළේ නියම වැඩක්. කාලයක් තිස්සේ නූගත් ඉරිසියාකාර බොරු ආචාර්ය මාලිමාකාරයන් විසින් සජිත්ගේ අධ්‍යාපනය පිළිබඳව එල්ල කළ බොරු මඩ කතා සියල්ලට හරි ලස්සන පිළිතුරක් ඔහු අද දුන්නා.  ඉතාම ඉවසීමෙන්, ආත්ම විශ්වාසයෙන් සහ සැහැල්ලුවෙන් තමන්ගේ සහතික පත්‍ර පෙන්වමින් ඔහු අවංකව ඔහුගේ අධ්‍යාපන පසුබිම පාර්ලිමේන්තුව ඇතුළෙම තහවුරු කළා. මම කැමතිම වුණේ ඔහුගේ වෙනදා තිබෙන පම්පෝරි ස්වරය නැතිව හරිම නිහතමානීව ඒක කරපු හැටියටයි. වෙල් ඩන් සජිත්! ආර්. ප්‍රේමදාස අද හිටියා නම් අනිවාර්යෙන්ම ඔහුගේ පුතා ගැන ඔහු ආඩම්බර වෙයි. මම හිතන්නේ මේක මරු වැඩක්! පුරවැසියෙක් හැටියට මම යෝජනා කරනවා විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සජිත් කරපු වැඩේ පාර්ලිමේන්තුවේ කරන්න කියලා. හැමෝම විනාඩි දහයක් විතර අරගෙන තමන්ගේ අධ්‍යාපන සහතික පෙන්වලා, සභාගත කරලා, පාසලේ, විශ්ව විද්‍යාලයේ, ආයතනයේ ලද විශේෂ සම්මාන ගැන ලස්සනට වෘත්තියමය විදිහට කියන්න.  ජනාධිපතිවරයෙක් වුණු මිනිහෙකුගේ පුතෙකු වීම සජිත්ගේ වරදක් නොවෙයි. ඒක සජිත්ගේ වාසනාව. ඒ නිසාම ඔහුට එයින් දුර්විපාකත් උරුම වුණා. බොහෝ කර්මවල හොඳ සහ නරක විපාක දෙකම තියෙනවා. සමහරු ඉන්නවා දුප්පත් පවුලක ඉ...

හරිනිගේ ඉස්ලාම්වාදය

Image
කෝවිඩ් සමයේ දිල්ලියේ දර්ශනයක්  කතානායකගේ අපකීර්තිමත් සිද්ධියෙන් NPP යට බොහෝ රිදී ඇත. ඊයේ පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ වියරු හැසිරීමෙන් ඒ බව මනාව පෙනිණි. එය කෙතරම් බරපතලද යත් වසංගතයෙන් මළ මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ පවා ගොඩගන්නට හරිනිට සිදු විය. අනුර කුමාර බුද්ධගයාව වැඳ පුදා ගනිද්දී ඔහුගේ සහචරයන් දියවන්නාව වතුර මැද්දේ පිස්සු බල්ලන් මෙන් බිරුවේය. ඔවුන්ගේ වේදනාව අප තේරුම් ගත යුතුය. අප කළ යුත්තේ ඔවුන්ගේ එම සැබෑ සාහසික පාට ජනතාවට නැවත නැවත දකින්නට සැලැස්වීමය.  තමන් විසින් උල් පිහියෙන් ඇන මරා දැමූ දහස් ගණනක් අහිංසක සිංහල වැසියන්ගේ දේහයන්ට අවසන් ගෞරව දක්වන්නට ඉඩ නොදුන් NPP ත්‍රස්තයන් අද මුස්ලිම් ජාතිකයන්ගේ මරණ චාරිත්‍ර ගැන කිඹුල් කඳුළු හෙළීම සිත් ගන්නා සුලුය. කිසිදු සදාචාරාත්මක බවක් නැති වුවත් එය ඉතාම සාර්ථක දේශපාලන උප්පරවැට්ටියකි. ලංකාවේ බොහෝ මුස්ලිම් ජාතිකයන් කෙතරම් අධ්‍යාපනය ලැබුවත් ඔවුන් මෙවැනි කාරණාවලින් පහසුවෙන් ආවේගයට පත් කළ හැකිය. එයට හේතුව ඔවුන්ගේ දැඩි ආගමික විශ්වාසයයි.  NPP ආණ්ඩුවේ කැබිනට් එකට එකදු මුස්ලිම් ජාතිකයෙක් හෝ වැද්ද නොගත්තේ රාජ්‍ය පාලනය සඳහා “ජාතිය” සලකන්නේ නැතය ...