Posts

දඩයක්කරුවා දඩයම වීම

Image
දේශපාලනයේදී දේවල් සිද්ධ වන්නේ විරුද්ධාභාසයටය. නෙල්සන් මැන්ඩෙලාව හිරේ දැමීමෙන් එදා අධිරාජ්‍යවාදීන් බලාපොරොත්තු වූයේ ඔහුගේ නිදහස් සටන අවසන් කිරීමටය. නමුත් එයින් සිදු වූයේ ලෝක ඉතිහාසයේ අමරණීය ජනතා නායකයෙකු බවට මැන්ඩෙලා පත් වීමය. මේ අවස්ථාවේ සිය ආණ්ඩුවේ අන්ත අසාර්ථකත්වය වසා ගැනීමට අනුර කුමාර සහ ඔහුගේ ඇමතිලා ටික කරගෙන යන “රාජපක්ෂලා හිරේ දාන නාඩගම” අවසන් වන්නේ දඩයක්කරු දඩයම බවට පත් වීමෙනි. මහින්දගේ ජීවිත කතාව යම්තම් හෝ දන්නා කෙනෙකු මහින්දට ඔය අනුර දාන ගොන්පාට් දාන්නේ නැත. මහින්ද යනු අමුතුම මිනිසෙකි. ඔහු කුඩා කල සිටම පොදු ජනතාව ඇසුරේ හැදුණු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම “ජන නායකයෙකි”. ඔහු කිසිම දිනෙක කිසිදු ප්‍රතිවාදියෙකුට භය නොවුණු අයෙකු බව ඉතිහාසය දන්නෝ දනිති. අනුර කුමාර වැනි ප්ලාස්ටික් බෝනික්කන් නොව, ජේ ආර් සහ ආර් ප්‍රේමදාස වැනි දරුණු මිනිසුන් සමග සිය තරුණ අවධියේම මුහුණට මුහුණ ගැටුණු දඩබ්බරයෙකි. සිය මවගේ අවමංගල්‍යයට මහින්ද පැමිණියේ වැලිකඩ ඉඳලා අත් දෙකේ මාංචු දාගෙන බව ටික්ටොක් මල්ලිලා දන්නේ නැතුව ඇති…  එජාප ආණ්ඩුවේ සාහසික තරුණ මර්දනයට එරෙහිව අභීතව උසාවි ගිය මිනිසා මහින්දය. ලෝකයේ ත්‍රස්තවාදී ...

Go Home Chung

Image
It is time for the US Ambassador to pack up her wokeism and crawl back to wherever she came from. Donald J. Trump has definitively crushed the militarist Biden-Kamala regime under which Julie Jiyoon Chung was brought into Colombo, just before the Democratic Party’s “regime change operation” for Sri Lanka aka “Aragalaya.” Given that the people of the US have shut down the “political correctness” agenda, I take this opportunity to practice my freedom of speech. Jiyoon will leave as probably the worst-ever US Ambassador to have served in Sri Lanka. She undermined the Sinhala and Bauddha people’s interests. She acted against the democratically elected president and the government. She unashamedly interfered in internal state affairs, while creeping through the backrooms of politicians, dancing in their arms. She acted offensively with her overacting display of cultural appropriation. She publicly violated the most basic diplomatic protocols bringing disgrace to the whole diplomatic communi...

සෙල්ලම් ආණ්ඩු

Image
ඔබට දැන් පෙනෙනවාද රටක ආණ්ඩුවක් කරන්න හැමෝටම බැරි බව? ගෝලීය වසංගත රෝග, ත්‍රස්තවාදී යුද්ධ, ආර්ථික අවපාත නැතිව තිබියදීත් අනුර කුමාරගේ ආණ්ඩුවට කන්න හාල් ටිකවත් දීගන්න බැහැ නේද? පෙට්‍රල් ඩීසල් පැත්තකින් තියමු. නමුත් අඩුම ගානේ පොල් ටිකවත් දීගන්න බැහැ නේද? බදු අඩු කිරීම පැත්තකින් තියමු. නමුත් අඩුම ගානේ ලුණු ටිකවත් දීගන්න බැහැ නේද? තව ආර්ථික අවපාත එහෙම තිබුණා නම් කොහොමද! හැබැයි කයිවාරුව නම් තියෙනවා… අනුර කුමාර කියන හැටියට හාල් හිඟ වෙන්නේ ගෙදර ඇති කරන බල්ලෝ පූසෝ වගේ සුරතල් සතුන් වැඩි වීම නිසාලු. පොල් හිඟ වීමට හේතුව රිලව් පොල් කෑමය කියා ලාල් කාන්ත මුලින් කීවා. නමුත් ඊයේ චතුරංග අබේසිංහ දත්ත විද්‍යාඥයා කියනවා පොල් නැත්තේ ලංකාවේ ගෘහණියන් පොල් සම්බෝල හදලා පොල් නාස්ති කරන නිසාලු. අපි අබේසිංහට යෝජනා කරනවා එක මිටට මාලිමාවට ඡන්දය දුන්නු ලංකාවේ ගැහැණුන්ට නාස්ති නොකර කිරි මිරිකන හැටියි සම්බෝල කරන හැටියි උගන්වන පන්තියක් සිරස සටන වැඩසටහනේ කරන්න කියලා… සතොස හරහා හාල් ගෙන්වන්න වසන්ත සමරසිංහ හදපු ටෙන්ඩර් ඔක්කොම ප්‍රතික්ෂේපිතයි. ආචාර්ය මහාචාර්ය පට්ටම් ඔක්කොම බොරු වුණා. අවදානම් සහගත කන්ටේනර් හොරෙන් එළියට යනවා. ප...

පිරිමි ඔබට පාඩමක්

Image
“හැට්ටෙට කටු ගහන්නත් නාවික හමුදාවේ නිලධාරි හිටියා” යනුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා ඔබ ජනමාධ්‍යයෙන් දකින්න ඇති. ඔබ පිරිමියෙකු නම් කවදාවත් එවැනි බාල කතා කියන්න එපා. පිරිමියෙක් වුණාම අනුන්ගේ ගැහැණුන් ගැනවත්, ගැහැණුන්ගේ හැට්ට ගැනවත්, හැට්ටෙට කටු ගැසීම ගැනවත් කතා කරන්න එපා. ඒවා පිරිමින්ට නොගැලපෙන අශීලාචාර නූගතුන් කියන තිරශ්චීන කතා. අනුන්ගේ ගැහැණුන්ගේ හැට්ට කටු ගැන කියවන ජනාධිපති සහ ඔහුගේ උපදේශක ඔබ පිරිමියෙකු නම් ඔබේ මනස නිතරම සිතිය යුත්තේ ඊට වඩා බොහෝ වැදගත් සහ උසස් කාරණා පිළිබඳවයි. ගැහැණුන්ගේ හැට්ට කටු ගැන කතා කිරීම පිරිමියෙකුට කිසිසේත්ම තරම් නොවේ. විශේෂයෙන්ම රටක ජනාධිපති කෙනෙක්, අනුන්ගේ ගැහැණුන්ගේ හැට්ට කටු ගැසීම පිළිබඳව සෙවීම මෙන්ම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමත් ඉතාම ග්‍රාම්‍ය අවර නීච ගතියක් බව ඔබ මතක තබා ගන්න. තමන්ගේ රටේ හමුදාවටම නින්දාවක් නේද තමා කරන්නේ කියාවත් අවබෝධයක් ඔහුට තිබුණේ නැහැ. මෙතනදී මූලික වෙන්නේ පුරුද්දයි. අනුන්ගේ ගැහැණුන්ගේ හැට්ට කටු ගැන සොයන්න පුරුදු වුණොත්, රටේ ජනාධිපති වුණත් ඔබේ මනස ක්‍රියාකරන්නේ ඒ පහත් මට්ටමේ. ඒක ඉතාම සෝචනීයයි. ඒ නිසා ...

හඳට ගල් ගැසූ කොළුවා

Image
එක ගමක හිටියලු හඳට වෛර කළ කොළුවෙක්. තමන්ට වඩා ඉහළින් පායන හඳට ඊර්ෂ්‍යා කළ මේ කොල්ලා හඳට බැන බැන ගල් ගහනවලු. ඔහොම ගහන කොට එක පාරටම කළුවර වුණාලු. මිනිහා හිතුවලු එයාගේ ගල් පහරින් හඳ වැටුණා කියලා. සතුටින් උඩ පැනලා අඳුරේ බිම අතපත ගාමින් වැටුණ හඳ හෙව්වලු. හඳේ ප්‍රමාණයට රවුම් දෙයක් අතට අහු වුණාලු. හඳත් එක්ක තිබුණු වෛරයට මේ කොල්ලා අතට අහු වුණ දේ කටින් හපලා කෑවලු. “සුදුවට හිටියට හඳ ඇඹුල් රහයිනේ…” කියලා කිව්වලු. ඔන්න එතකොටම නැවත එළිය වුණාලු. වලාකුළකට වැහිලා තිබුණු සුපුන් සඳ අහසේ නැවත පායලා. අර මෝඩ කොල්ලා එතකොට දැක්කලු තමන් කාලා තියෙන්නේ වේලිච්ච ගොම වැටියක් කියලා… තඹුත්තේගම අනුර කුමාර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිට එරෙහිව කරන වෛරී සහගත දුප්පත් කතාව ඇහුවාම මට ඔය ජනකතාව මතක් වුණා. අනුර විතරක් නොවෙයි, NPP එකට ඡන්දය දුන්නු බොහෝ අය ඔය මෝඩ කොල්ලා වගේ තමයි. ඔවුන්ගේ ජීවිත හරිම කුඩායි. නමුත් මෙයින් ඔබේ ජීවිතයට වටිනා පාඩමක් උගත හැකියි අනුර කුමාරට හැමදාම උවමනා වුණේ මහින්ද රාජපක්ෂ වගේ වෙන්න. මොකද මහින්ද තමයි මේ රටේ මේ යුගයේ බිහි වූ අසහාය මිනිසා. නමුත් මහින්දට උපතින් ලැබුණු පෞරුෂය අනුරට නැහැ. මහින්ද යුද්ධය ඉවර කළා...

කුහක ස්ත්‍රීවාදීන්

Image
වසන්තා හඳපාන්ගොඩ මහත්මියගේ ප්‍රාණය නිරුද්ධ දේහය මිහිදන් කිරීමට පෙර මෙය ලියමි. ලංකාවේ ස්ත්‍රීවාදීන් යැයි කියාගන්නා කොළඹ නෝනලාගේ කුහකකම මතක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එදා ම්ලේච්ඡ අරගලයකුන් සහ අරලගයකිනියන් විසින් අමානුෂික ලෙස පහර දුන් දහසකුත් අහිංසක කාන්තාවන් වෙනුවෙන් ඔය ඊනියා ස්ත්‍රීවාදීන් අදටත් එක වචනයක් හෝ ප්‍රකාශ කර නැත. කුහකකම යනු එයයි. මහලොකුවට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පම්පෝරි ගහන ඔවුන් එදා පොදුජන පෙරමුණේ කාන්තාවන් බේරේ වැවේ ගිල්වන විට වියරුවෙන් උඩ පනිමින් අත්පුඩි ගැසුවේය. අහිංසක කාන්තාවන් හට අඩම්තේට්ටම් කළ වනචර අන්තවාදීන්ට ඔවුන් “තැනක් යූ” කීවේය. ලංකාවේ ස්ත්‍රීවාදීන් යනු එවැනි නරුමයන් පිරිසකි. අමන පිරිමින් විසින් මහමග විසිල් ගහනවාට විරුද්ධව කැම්පේන් කරන ඔවුන්ට කාන්තාවන්ට මහමග පහර දී වතුරේ ගිල්වා දැමීම පෙනුණේ නැත. කුහකකම යනු එයයි. ලංකාවේ කාන්තාවගේ දේශපාලන අයිතිවාසිකම් මහ දවල් ප්‍රසිද්ධියේ අපහරණයට ලක් කළ දිනය කළු මැයි 9 වැනිදාය. තමන් කැමති දේශපාලන මතයක් දැරීම නිසා සාහසික දණ්ඩනයට ලක් වූ පොදුජන පෙරමුණ කාන්තාවන් වෙනුවෙන් පොදුජන පෙරමුණවත් තවම යුක්ති ප්‍රමාණ සාධාරණයක් ඉෂ්ට කර නැත...

විදුලි සැර

Image
විදුලි බිල අඩු කිරීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොතිබූ බව පැහැදිලිය.  NPP ඇමතිවරුන් දිගටම කීවේ පොරොන්දු වූ පරිදි බිල අඩු කිරීමට නොහැකි බවයි. අනුර කුමාර කියූ “ඉතාම කෙටි කාලය” වසර තුනක් බවට පත් වී විහිළුවක් විය. Solar බලාගාර අලුතෙන් හදා විදුලි බිල ⅓ ක් අඩු කරන බව මා මිත්‍ර චතුරංග අබේසිංහ කීවේය. එසේනම් ඊයේ සිදු වූ අලකලංචිය කුමක්ද?  නියෝගය දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම මිස ආණ්ඩුව නොවේ. එය විපක්ෂය විසින් සිද්ධ කළ අපූරු දේශපාලන ප්‍රයෝගයකි. දැන් ආණ්ඩුව ද්විත්ව බන්ධනයකට (Double Bind) හසුව තිබේ.  කොමිසම නියෝග කළ පරිදි බිල අඩු කළොත් ආණ්ඩුව ගෙන යන IMF වැඩපිළිවෙළ අවුල් වේ. එය පූර්වාදර්ශයට ගෙන අනෙකුත් උපයෝගිතා බිල්ද අඩු කිරීමට නියෝග දෙනු ඇත. අඩු නොකළහොත් ජනතාව තවත් උරණ වේ. අඩු කරනවා කියා අපේක්ෂා නංවා අඩු නොකළ විට ආණ්ඩුව තවත් සවුත්තු වේ. මේ උප්පරවැට්ටිය කවුරු කළත් ඉතාම සූක්ෂම දේශපාලන ප්‍රහාරයකි.  අනුර කුමාර රටේ නොසිටින අවස්ථාවේ මෙම නියෝගය දීම තවත් උපක්‍රමිකය. කවුරු කළත් විපක්ෂයේ මේ වැඩේ ඉතාම දක්ෂ ලෙස කර තිබේ. විදුලි බිල අඩු කළොත් එහි ගෞරවය ලැබෙන්නේ විපක්ෂයට මිස ආණ්ඩුවට නොවේ. දිස් ...

අනුරගේ විවෘත ආර්ථිකය

Image
විපක්ෂය මොනවා කීවත් අනුරගේ ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක කරන්නේ රනිල්ගේ විවෘත ආර්ථික වැඩපිළිවෙළමය. වසර 60 ක් තිස්සේ ජේවීපීකාරයන් විසින් වේදිකාවේ කියූ සමාජවාදී ආර්ථික සිහිනය NPPය විසින් ගෙල මිරිකා මරා දමා ඇත. ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත්ම ගෝලීය ධනවාදී ප්‍රභූ රාජ්‍ය තන්ත්‍රය අනුර කුමාර විසින් දියත් කර ඇත. මෙය අතිශය සුවිශේෂී තත්ත්වයකි. රටක තිබූ සමාජවාදී අක්ෂයම ධනවාදය වැළඳ ගත් පසු කරන්නේ කුමක්ද? එයට විපක්ෂව සිටින්නේ කවුද? එජාප/සජබ යනු ධනවාදයේ පියවරුන්ය. ඔවුන් බලය ගත්තත් කරන්නේ මෙයමය. එබැවින් ඔවුන් විපක්ෂය නොවේ. මධ්‍යස්ත ශ්‍රීලංනිප/පොදුජන පෙරමුණ නැවත වමේ බලවේගයක් වේ යැයි සිතිය නොහැක්කේ එවැනි වාමාංශික නායකත්වයක් එහි නොමැති බැවිණි. දැනට රටේ සිටින එකම සැබෑ විපක්ෂය පෙරටුගාමීන්ය. නමුත් ඔවුන්ගෙන් එකෙකුවත් පාර්ලිමේන්තුවේවත් නැත. ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය පූර්ණ වශයෙන් ධනවාදය විසින් යටපත් කර ඇත. මධ්‍යම පන්තිය මේ දිනවල ඉන්නේ දැඩි උද්‍යෝගයෙන්ය. කොටස් වෙළඳපොළ නැගීමෙන් එය පිළිබිඹු වේ. දුප්පත් ත්‍රීවීල්කාරයන් සහ රතු හාල් කන්නන් ඤරු ඤුරු ගෑවාට මධ්‍යම පන්තිය එහෙම කෑ ගසන්නේ නැත. ඔවුන් ඉන්නේ ඉතාම ...

හැන්ඩි අනුර

Image
චීන ජනපති හමුවට අනුර ගියේ මිම්මට මැසූ ෆුල් සූට් එකක් ඇඳගෙනය. ඉන්දීය සංචාරයෙන් පසු ඔහු පාඩම ඉගෙන ගෙන තිබේ. ඔහු මෙවර කර ඇත්තේ නිවැරදි දෙයයි. කලිසම කමිසය සහ කබාය යනු බටහිර ඇඳුමක් ලෙස අපේ ඇතැමුන් සිතුවත් එම ඇඳුමේ අක්මුල් තිබෙන්නේ පෙරදිගය. අපේ පැරණි රජුන් සහ රැජිනන් ඇන්දේ ධෝතිය බව ඉපැරණි පිළිම සහ චිත්‍ර සාක්ෂි දරයි. මුලින්ම අශ්වයන් මෙල්ල කළ ආර්යයෝ අසු පිට යෑම සඳහා තනි රෙද්දෙන් ධෝතිය ඇන්දෝය. කපාපු රෙද්දෙන් මැසූ පරණම කලිසමක් හමු වන්නේ චීනයෙන්ය. හිමාලය පාමුල විසූ සිංහලයන්ගේ මුතුන්මිත්තෝ සීතලෙන් ආරක්ෂා වීම පිණිස උඩු කයට කංචුක පැලඳුවෝය. පසුකාලීනව යුරෝපයේ වඩාත් ප්‍රචලිත වී නවීකරණය වූවාට කලිසම් කබා යනු අපට ආවේණික ඇඳුම්ය. ජාතික ඇඳුම ලෙස අද අප අඳින ඇඳුමද තනි රෙද්දේම විකාශයකි. ඉපැරණි ග්‍රීකයන් ඇඟ වටා දවටා ගෙන ඉන්නේ තනි රෙද්දකි. බෞද්ධ භික්ෂුව අඳින සිවුරට එය සමානය. රෝමන්කාරයන් ඇන්දේ කොට සායකි. ස්කොට් ජාතිකයගේ ජාතික ඇඳුම එයයි. කලිසම සහ රෙද්ද අතර ඇත්තේ එක කැපුමක වෙනසකි. මා කියන්නේ කලිසම් කබා ඇඳීම සිංහලයාට අකැප නොවනවා පමණක් නොව ප්‍රවේණිගත අයිතියක්ද තිබෙන බවයි. ඇඳුමෙන් මිනිසෙකු මනින්න එපා කීවාට එය අතාර්කික...

අලුත් ව්‍යවස්ථාවට සැරසෙනු

Image
අද ඔබ අත්විඳින සමාජ ආර්ථික ගැටලු බොහෝමයක් අනුරට සහ ඔහුගේ 2/3 NPP ආණ්ඩුවට අවශ්‍ය නම් පැය 24 න් විසඳිය හැකිය. සැබැවින්ම එක පෑන් පහරින් විසඳිය හැකිය. නමුත් ඔවුන් එහෙම කරන්නේ නැත. තමන්ට ඡන්දය දුන් ජනතාව කලකිරෙන බව දැන දැනම ඔවුන් කිසිදු ප්‍රශ්නයක් විසඳන්නේ නැත. ඒ වෙනුවට එම ප්‍රශ්න හාර හාර විස කව කව තව තවත් වණ කරමින් තිබෙනවා නේද? ඒ ඇයි? අනුර කුමාරව පත් කරගත්තේ හාල් පොල් සීනි තෙල් විදුලිය පොහොර ආදියේ මිල අඩු කර ගැනීමට නොවේ. අනුරව ජනාධිපති කර පාර්ලිමේන්තුවේ 2/3 ට වඩා බලයක් දුන්නේ එකම එක දෙයකටය. එනම් “අසම්මත ව්‍යවස්ථාවක්” සම්මත කර ගැනීමටය. ඔබට එය නොවැටහේ නම් ඔබ දේශපාලනය ගැන කතා කිරීම පවා කාලය නාස්තියකි. ඔබේ මොළයට එය වැටහුනත්, ඔබේ හිත එය පිළිගැනීමට අකමැති නම් ඔබ බොළඳ දුර්වලයෙකි.  රට අනුරට දුන්නේ හදන්නට නොවේ. රට කඩන්නටය. දැන් කරමින් තිබෙන්නේ එයයි. අලුතෙන් ව්‍යවස්ථාවක් ගෙන ඒමට නම් ප්‍රශ්න විසඳීම නොකළ යුතුය. ප්‍රශ්න විසඳුනු පසු ජනතාවට වෙනසක් අවශ්‍ය නොවේ. අලුතෙන් ව්‍යවස්ථාවක් ගෙන ඒමට නම් ජනතාවට ප්‍රශ්නවලින් තව තවත් බැට දිය යුතුය. හැකි නම් මේ මාසයේ නැවතත් තෙල් මිල වැඩි කළ යුතුය. විදුලි බිල තවත් ව...

Clean Sri Lanka අසාර්ථක වූයේ ඇයි?

Image
Clean Sri Lanka ආරම්භක උත්සවයටම ලක්ෂ 70 ක් වියදම් කර ඇති බව අද පාර්ලිමේන්තුවේ කියවුණා. එහි සත්‍යතාවය කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය අද අසාර්ථක වී තිබෙනවා. එහෙම වෙන්නේ ඇයි? ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ඉතා හොඳින් එය සැලසුම් කළ යුතුයි. වැඩිපුර කාලයක් සැලසුම් කර අවම කාලයකින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ විෂය දැනුම සහ අත්දැකීම් ඇති ව්‍යාපෘති කළමණාකාරවරයෙක්/ අධ්‍යක්ෂවරයෙක් පත් කළ යුතුයි. එය ජනාධිපතිට කළ හැකි දෙයක් නොවෙයි.  Project Management කිරීමේදී Scope (ව්‍යාපෘතියේ සීමාව), Time (කාල රාමුව), Cost (පිරිවැය), Stakeholders (පාර්ශවකරුවන්), Quality (ප්‍රමිතිය), Risk (අවදානම්), Procurement (ප්‍රසම්පාදන,) Human Resources (මානව සම්පත), Communications (සන්නිවේදනය) සහ මේ සියල්ල සහසම්බන්ධ කරන Integration Management යන අංශ 10 යම ඉතා හොඳින් සැලසුම් කළ යුතුයි. උදාහරණයක් ලෙස අපට පේනවා අනුරගේ ව්‍යාපෘතියේ අරමුණ සහ වැඩපිළිවෙළ පිළිබඳව නිසි සන්නිවේදනයක් වුණේ නැහැ. Branding ඉතාම දුර්වලයි. Clean Sri Lanka කියන නමම වැරදියි. එය සෘණාත්මකයි. මෙහි මූලික පාර්ශවකරුවන් විය යුතු ලංකාවේ සාමාන...

68 ලක්ෂයේ දණ්ඩාසාව

Image
තරුණ ත්‍රීවීල්කාරයන් සිය වාහනයේ කෑලි ගැලවීමෙන් කිසියම් වින්දනයක් ලබන බව ඔබට නිරීක්ෂණය නොවේද? ඒ අමුතු චර්යාව කුමක්ද? නූතන ලාංකික තරුණයා පීතෘ චරිතයකින් දඬුවම් විඳීමට කැමතිය. ගෝඨාභයගෙන් පවා තරුණයන් බලාපොරොත්තු වූයේ එවැන්නකි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් බියට පත් කරවන නායකත්වයකි. ඔවුන්ට තරවටු කරන අධිපතියෙකි. හැමදාම කරන වැරැද්ද නොකර සිටීමට ඔවුන්ට කිසියම් පීතෘ ආඥාවක් ලැබිය යුතුය. දඩ කොළයක් කෑ යුතුය. අන්තරේ තරුණයන් පොලීසියෙන් ගුටි කෑමට කැමතිය. එයින් ඔවුන් කිසියම් ලිංගික තෘප්තියක් ලබයි. මෙයට හේතුව විය හැක්කේ ඔවුන්ට කුඩා කල ශක්තිමත් පීතෘ චරිතයක් නැති වීම විය හැකිය. ගෝඨාභයගෙන් තමාට අවශ්‍ය තරවටුව නොලැබෙන බව දුටු තරුණයා, උවමනාවෙන්ම දඟ වැඩ කර දඬුවම් ලැබීමට අරගල කළේය. මෙය කිසියම් ස්වයංපීඩක මානසිකත්වයකි. සීනියර්ලා විසින් තමන් හට නවක වධය දෙනු ලබනවාට ඇතැම් තරුණ තරුණියන් කැමතිය. නැතිනම් ඔවුන් එම පරපීඩනයට විරුද්ධ විය යුතුය. මෙය වහල් මානසිකත්වයකි. අනුර කුමාරගෙන් ලාංකික තරුණයා බලාපොරොත්තු වන්නේත් එම දඬුවමය. 68 ලක්ෂයක් ඉල්ලන්නේ passive aggressive දණ්ඩනයකි. වහල් හිමියා විසින් දඬුවම් කරනු ලැබීමට කැමති වහලුන් මෙන්...