ආලෝක වර්ෂ විප්ලවය
බොත්තම් කාස වරද්දවා ගැනීමට අනුකම්පා කොට සමාව දිය හැකි වුවත් අනුර කුමාරගේ “ආලෝක වර්ෂ වේගය” කථාවට නම් කිසිදු සමාවක් දිය නොහැකිය. භෞතික විද්‍යා තබා සාමාන්‍ය විද්‍යා උපාධියක් ගත් අයෙකුට වුවත් කිසිසේත්ම එවැනි අවිද්‍යාත්මක කථාවක් කියවෙන්නේ නැත. “අට පාස්” යැයි කියමින් මාලිමාකාරයන් අපහාස කළ අයෙකු වුවත් ආලෝක වර්ෂ යනු දුර මනින ඒකකයක් මිස වේගය මනින ඒකකයක් නොවන බව දනී. එනම් වර්ෂයක කාලයකදී රික්තකයක් තුළ ආලෝකය ගමන් කරන දුරයි. එසේ ආලෝකය ගමන් කරන වේගයට කියන්නේ “ආලෝකයේ වේගය” කියාය.
මෙය කට වැරදීමක් ලෙස ගත නොහැක්කේ “ආලෝක වර්ෂ ගණනාවක වේගයෙන් එන ග්‍රහයකට…” කියා කියන නිසාය. වචනය *ග්‍රහකයකට ලෙස නිවැරදි විය යුතු වුවත් එයටත් සමාව දෙමු. විහිළුව එය නොවේ. කිසිදු ග්‍රහකයකට ආලෝකයේ වේග ගණනාවකින් තබා ආලෝකයේ වේගයෙන්වත් ගමන් කළ නොහැකි නිසාය. ආලෝකයේ වේගයෙන් වුවත් යා හැක්කේ ස්කන්ධයක් නැති ආලෝකය වැන්නකට පමණී. ග්‍රහකයකට ස්කන්ධයක් තිබේ. ඔහුගේ කථාවේ මෙවැනි බොහෝ විකාර තිබේ. විදෙස් නායකයන්ගේ සමුළුවක කළ එම කථාව ඉතාම බොළඳ ටිපිටිප් කථාවකි.
මෙයින් පෙනී යන්නේ අනුර කුමාර විද්‍යා දැනුමෙන් ඉතාම දුර්වල බවය. ඔහුට ඉගැන්වූ ආචාර්යයන්ට දොස් කියා ඵලක් නැත්තේ ඔහුගේ සගයෙකු වරක් කී පරිදි අනුර කුමාර දේශන සඳහා සහභාගී නොවූ නිසාය. නමුත් මේ ආකාරයට මූලික විද්‍යා දැනුමක් නැත්තෙකුට එම විශ්ව විද්‍යාලයෙන් උපාධියක් දුන්නා නම් ඒ දුන්නේ කෙසේද යන්න ගැටලුවකි. විභාගයකට ලීවා නම් එම විභාගය ඉතා බාල විය යුතුය. නොඑසේ නම් වෙනත් අයෙකු විසින් උත්තර ලියා තිබිය යුතුය. එසේත් නැතිනම් ලකුණු දීමේ දුෂණයක් වී තිබිය යුතුය. රටේ ජනතාවගේ බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර පවත්වා ගෙන යනු ලබන විශ්ව විද්‍යාලවලට යන සිසුන් එම වියදමට වගකීමටවත් හරියට ඉගෙන ගනිල්ලා.
කථාව ලියා දුන් කෙනාගේ මෝඩකමට ලීවත්, කථාවට පෙර එක් වරක් හෝ පිටපත කියවිය යුතුය. විද්‍යා දැනුමක් ඇත්තෙකු නම් ඔය වැරදි වහාම හසු වේ. අනුර කුමාරට සැබැවින්ම විද්‍යාත්මක දැනුමක් නැති බව පෙන්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මිනිරන්වලින් ග්‍රැෆයිට් හදන කථාව, පෝර්ට් සිටිය හදන්න යන කළුගල් පරිමාව, අධිවේගී මාර්ග හදන්න යන වියදම ඇතුළු ඔහුගේ ගණනය කිරීම් ආදිය ඉඳුරා වැරදිය. අවිද්‍යාත්මකය. විහිළු සහගතය.
මෙවැනි ගොන්කම් සාධාරණය කිරීමට දැනට ඇති හොඳම ක්‍රමය හඳුන්වා දී ඇත්තේ නිර්මාල් දේවසිරි ගුරු දේවයන්ය. ඔහු කියන්නේ ලංකාව දුප්පත් රටක් නිසා රටේ නායකයා ඒ දුප්පත්කමට ගැලපෙන ලෙස මෝඩ වැඩ කිරීම “විප්ලවීය” බවයි. එනම් දුප්පත් රටක ජනාධිපති තමන්ගේ ෂර්ට් එකේ බොත්තම් ටික හරියට දාගන්නට නොහැකි වීම එම දුප්පත්කමට සරිලන හෙයින් එසේ කිරීම සුදුසු බවයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ මෙම ගොඩේ තියරිය අනුව ගත් කළ රටේ ජනාධිපතිට විද්‍යා දැනුම නැති බව පෙන්වීමද සාධාරණය. මන්ද මේ රටේ ජීවත් වෙන්නේ නිර්මාල් වැනි අවිද්‍යාත්මක අතාර්කික මෝඩ ජනතාවක් නිසාය. ජනාධිපති එම ජනතාවගේ දැනුමට සමානව ගෝලීය සමුළුවක මෝඩ කථා පැවැත්වීම නිර්මාල්ට අනුව “විප්ලවීය” වේ. නිර්මාල්ගේ තියරියට අනුව ධම්මික පැණිය, නාථ දේව මණ්ඩලය, කැළණි නයා ආදියත් “විප්ලවීය” වීම සිත් ගන්නා සුලුය. ධර්මය ඔබට මග වේවා!