මෝඩ ජනතාව යනු
මෝඩ, මූඪ, මොඝ, මෝහ, මුග්ධ ආදී වචනයෙන් අදහස් කරන්නේ සත්‍යය නොදන්නාකමය. මා බොහෝ විට ලංකාවේ ජනතාව “මෝඩයන්” ලෙස හඳුන්වන්නේ එම අර්ථයෙනි. එයට සාක්ෂි ඕනෑ තරම් තිබේ. ආසන්නතම උදාහරණය වන්නේ මෙරට ජනතාව විසින් 2022 කළු මැයි දිනයදා නිවාස සහ වාහන ඇතුළු බොහෝ දේපළ කොල්ල කා ගිනි තබා විනාශ කිරීමත්, එම ජනතාවගේම බදු මුදලින් එම දේපළ වෙනුවෙන් මුදලින් වන්දි ගෙවීමත්ය. උඹලට මෝඩයෝ කියන්නේ නැත්නම් වෙන මොකක්ද කියන්න පුළුවන්?
මෙය ජනරජයකි. එනම් මෙම රාජ්‍යයේ අයිතිය සහ පාලනය ජනතාව සතුය. එයට පිටස්තර කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. මේ රාජ්‍යය තුළ සෑම සියලු කර්මයක්ම කරන්නේත් නොකරන්නේත් ජනතාවමය. ඒවායේ කුසල අකුසල විපාක විඳින්නෙත් ජනතාවමය. වෙන කවුරුවත් නොවේ. ජනරජයක හැටි එහෙමය. ජනතාව හොඳ දෙයක් කළොත් - හොඳ ප්‍රතිඵල ලැබේ. නරක දෙයක් කළොත් - නරක ප්‍රතිඵල ලැබේ. අනුන්ගේ ගෙවල් ගිනි තිබ්බොත් - අනිවාර්යෙන්ම වන්දි ගෙවන්නට වේ. ඔය සිදු වී ඇත්තේ එයයි.
මෝඩ ජනතාව එම සාහසික අපරාධය කරවීමට උල්පන්දම් දුන් මෝඩයන්ද සිටී. ‘ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය’ කියා ප්‍රචණ්ඩත්වයට ජනතාව යොමු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් දේවසිරි යනු එවැනි මෝඩයෙකි. ව්‍යවස්ථාව වනාහි උල්ලංඝනය කළ නොහැකි දෙයක් බව දේවසිරි නොදනී. ව්‍යවස්ථාව යනුම අනුල්ලංඝනීය ප්‍රපංචයකි. ‘ව්‍යවස්ථා උල්ලංඝනය’ යනු පරස්පරයකි. හතරැස් රවුමකි. විවාහක අවිවාහකයෙකි. නොපවතින දෙයකි. නොකළ හැකි දෙයකි. නමුත් ඔහුගේ නොදන්නාකම හෙවත් මෝඩකම නිසා ඔහු එසේ කිවේය. දැන් ඔය කරලා තියෙන්නේ.
කිසියම් අර්බුදයක් විසඳා ගැනීමේදී කෑ කෝ ගසමින්, අතින් පයින් ගහ ගනිමින්, ගෙවල් ගිනි තබමින්, වාහන කුඩු කරමින්, කක්කුස්සි කඩමින්, මිනීමරමින් හැසිරෙන ජනතාවක් සිටින රටක් දියුණු කළ හැකි යැයි ඔබ සිතන්නේද? එහෙනම් ඔබත් නොම්මර එකේ මෝඩයෙකි. එහෙම වෙන්නේ නැත. රටක් දියුණු කරන්නේ ඒ රටේ ජනතාවමය. දියුණුකම යනු ඒ රටේ ජනතාවගේ දන්නාකමය. කුමක් දන්නා කමද? සත්‍යය දන්නා කමය. ලංකාවේ ජනතාව සත්‍යය දන්නේ නැත. සත්‍යය දැනගන්නා මාර්ගය දන්නේත් නැත. එබැවින් ඩබල් මෝඩයෝය. ඔවුන් දන්නේ නිර්මාල් දේවසිරි වැනි තවත් මෝඩයෙකු කියන දෙයක් කිරීම පමණී.
පළමුව තමන් නොදන්නා බව හෙවත් තමා මෝඩ බව තේරුම් ගත යුතුය. එය ලැජ්ජාවකි. එම ලැජ්ජාවට මුහුණ දෙනවා මිසක් මග හැරිය නොයුතුය. ලැජ්ජාවෙන් මිදීමට කළ හැකි එකම දෙය දැන ගැනීමය. කුමක් දැන ගැනීමද? සත්‍යය දැන ගැනීමය. උදාහරණයක් ලෙස ඉහත උදාහරණයට අදාලව සත්‍යය කුමක්ද? සත්‍යය නම් ඔබ වරදක් කළොත් ඔබට වන්දි ගෙවීමට සිදුවන බවය. එබැවින් එම වරද කිරීමෙහි කිසිදු අර්ථයක් නැත. නිර්මාල් දේවසිරි කර ඇත්තේ ගිනි තැබූ නිවාසවලට වඩා අලුත් නිවාස හදා දීමය. ගිනි තැබූ වාහනවලට වඩා නවීන වාහන ලබා දීමය. හිස් ක්‍රියාවකි. මෝඩ වැඩකි.
මෝඩකමට අමතරව ලංකාවේ වැසියන්ට තවත් දෙකක් තිබේ. එනම් ලෝභකම සහ ද්වේශයයි. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂව ගෙදරින් එළවන්න හදන අනුර කුමාරට ඇත්තේ නොසංසිඳෙන ලෝභය සහ ද්වේශයයි. ඒ ගැන වෙනම කතා කළ යුතුය. නමුත් උපතින්ම ලෝභය සහ ද්වේශයෙන් පිරුණු ලංකාවේ ජනතාවට මෝහයත් එකතු වුණාම ඉතාම ලක්ෂණය. මෙහෙමවත් මේ රට තිබෙන එක ගැන අප සතුටු විය යුතුය. ධර්මය ඔබට මග වේවා!

