නින්දිත ජයග්‍රහණය
බලයට පත් වූ ජනපතිවරයෙක් සහ ආණ්ඩුවක් මේ තරම් ඉක්මනින් අසාර්ථකව හාස්‍යයට ලක් වනු මා මින් පෙර දැක නොමැත. එය කෙතරම් බරපතලද යත් අනුර කුමාර ජනපති කර ගෙනත්, 159 + අර චුනා = 160 ආණ්ඩුවක් හදා ගෙනත්, තවමත් අප කියන සෑම ප්‍රකාශයකටම මාලිමාවුන්ට නහුතෙට කේන්ති ගොස් කුණුහරුපෙන් බැන වදියි. එයින් හැඟවෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වයෙන් ඔවුන් විශාල ආතතියකට පත්ව ඇති බවයි. එනම් ඔවුන් පැරදී ඇති බවයි. එසේ වන්නේ ඇයි?
"Victory gained by dishonourable means is never a true victory" කියා Marcus Tullius Cicero (සිසරෝ) වරක් කියා තිබේ. එනම් “නින්දිත ක්‍රමයෙන් ලබන ජයග්‍රහණය කිසිදා සැබෑ ජයග්‍රහණයක් නොවේ” යනුයි. මාලිමවේ ජයග්‍රහණය වනාහි “බොරුව, ඊර්ෂ්‍යාව, වෛරය” යන නින්දිත ක්‍රම හරහා ලබා ගත් එකකි. එසේ ලබා ගත් ජයග්‍රහණය අසාර්ථක වීම කර්මනුරුපීය. ඔවුන් කියූ කිසිවක් අද කර ගැනීමට නොහැකි වී තිබේ.
මෙය ඔබගේ ජීවිතයටද වැදගත් පාඩමකි. අද අප දකින බොහෝ තරුණ තරුණියන් තමන්ගේ ජීවිතයේ අරමුණු දිනා ගැනීමට හදන්නේ නින්දිත ක්‍රම ඔස්සේය. නමුත් එයින් කිසිදාක සැබෑ ජයක් නොලැබේ. ජයග්‍රහණයට වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය කළ ආකාරයයි. ලෝක ප්‍රසිද්ධ සයිකල් ධාවන ශූරයෙකු වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් මතකද? ඔහු තරග ජයගත්තේ තහනම් උත්තේජක භාවිතා කිරීමෙන් බව හෙළි වූ පසු ඔහු ලෝක අපවාදයට පත් විය. ධර්මය ඔබට මග වේවා!
Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b