හරිනි අගමැති කරනු!

විජිත සහෝදරයා ජවිපෙ මුල් කාලයේ සිටම සිටි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවත් ඇත්තය. අනුර සහෝදරයා සමග පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සිටි බවත් ඇත්තය. එහෙත් අතිගරු අනුර කුමාර ජනාධිපතිතුමා විජිතට අගමැතිකම දුන්නේ නැත. දුන්නේ අමරසූරිය ළමා තැනීටය. මුලින් ආව කණට වඩා පස්සේ ආව අඟ ලොකු වෙනවා කියන්නේ ඕකටය.

විජිත හේරත් සහෝදරයා දැන් ලක්ෂ හතකට වඩා මනාප ගෙන ලංකාවෙන්ම පළමු වැනියා වී තිබේ. මුලින් ප්‍රචාරය කළේ අමරසූරිය ළමා තැනී ලංකාවේ වැඩිම මනාප ගත්තා කියාය. නමුත් පැයක් යන විට ඒ බොරුව යටපත් කරමින් විජිතගේ අතිවිශාල ජයග්‍රහණය හෙළි විය. අගමැතිකමට වඩාත්ම සුදුසුකම් ඇත්තේ විජිත හේරත් සහෝදරයාටය. නමුත් ඔහුට එක දෙයක් නොමැත.

විජිත සහෝදරයා ලක්ෂ හතක් නෙවෙයි ලක්ෂ දහයක් මනාප ගත්තත් ඔහුට කොළඹ ප්‍රභූ තන්ත්‍රයේ මනාපය නොලැබේ. එය ලැබෙන්නේ ප්‍රභූ පැලැන්තියේ අයෙකුටම පමණී. අමරසූරියට විජිතට වඩා හොඳට ඉංග්‍රීසියෙන් බොරු accent එකෙන් කතා කිරීමට පුළුවන. ඇමරිකන් තානාපතිනිය හරිනිට දෙන ගෞරවය විජිතට දෙන්නේ නැත. අමරසූරියට ඇති ප්‍රභූ පිළිගැනීම විජිතට නොලැබේ. ඒ නිසා අගමැතිකම දිය යුත්තේ අමරසූරියටමය.

අනෙක් පැත්තෙන් මෙය ලංකාවේ කුල දේශපාලනය පරාජය කිරීමට හොඳ අවස්ථාවකි. විධායක අග්‍රාමාත්‍ය ධුරය යනු ලංකාවේ දෙවැනියට වැඩිම බලයක් හිමි තැනය. හැමදාම එම තනතුරට පත් කළේ ගොවිගම කුලයේ නියෝජිතයෙකි. එබැවින් මෙවර වෙනත් අයෙකුට එම ධුරය පිරිනැමීම සමානාත්මතාවයට හොඳය. (මාගේ වංශයේ අයෙකු අගමැති වෙනවාට මාගේ නම් අකමැත්තක් නැත.)

අනුර සහෝදරයා ජනතාවට දිවුරා පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කළ විට ලංකාවේ බලවත්ම පුද්ගලයා වන්නේ අගමැතිවරයාය. කොළඹ ප්‍රභූ තන්ත්‍රයේ මෙන්ම NPP ආණ්ඩුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු උගත් මන්ත්‍රීවරුන්ගේත් අපේක්ෂාව එය අමරසූරියට ලබා දීමට මිස විජිත හේරත් යටතේ පාලනය වීමට නොවේ. මන්ද විජිතට PhD එකක් නැති නිසාය. දිස් ඉස් පොලිටික්ස්. 

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා