බල්තසාර් සහ ජාතික ලැයිස්තුව
අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවට ප්‍රජාතාන්ත්‍රික අයිතිය දෙන්න ක්‍රම හොයන කාලයේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි සංඛ්‍යාත්මකව වැඩි දකුණේ සිංහලයන්ටම පමණක් රටේ ආණ්ඩු බලය යාවිය කියන ප්‍රශ්නය. ඓතිහාසිකව ලංකාවේ ශිෂ්ටාචාරය හදපු සිංහලයටම තමයි නීත්‍යනුකුලව රාජ්‍යය යන්න තිබුණේ. මොකද සුද්දා උඩරට ගිවිසුමෙන් ගන්න කොට ගත්තේ “සිංහලේ රට”. නමුත් දෙන කොට එහෙම දෙන්න බැරි වුණා. ඒකට හේතුව තමයි රාජාණ්ඩුවක් නොවන “නියෝජක ප්‍රජාතන්ත්‍රයකට” ගියාම ඊනියා සුළු ජාතිකයන්ට ව්‍යවස්ථාදායකයට එන්න බැරි වෙනවා කියලා ඒ කාලයේ තිබුණු මතය.
උතුරු දෙමළ වගේම එකල පරිපාලන බලය හිමිව තිබුණු බර්ගර් ජාතිකයන්ටත්, මැලේ ඇතුළු මුස්ලිම් ප්‍රජාවටත් මේ ප්‍රශ්නය ලොකුවට තිබුණා. ඒ වගේම සිංහල සමාජයේ ඇතැම් කුලවල අයටත් මේක බලපෑවා. මෙතන ප්‍රශ්නය වුණේ සංඛ්‍යාත්මකව අඩු ජාති/කුල පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය. මතක තියාගන්න එතකොට තාම ජනරජය හැදිලා නැහැ. මම මේ කියන්නේ 1833 කොල්බ්රූක්-කැමරන්ලා ව්‍යවස්ථා හදන කාලේ. එතනදි තමයි අද අපි “පාර්ලිමේන්තුව” කියන ව්‍යුහයේ මුල් ආදර්ශය වන Legislative Council එක හැදෙන්නේ. ඊට පස්සේ මැකලම්, මැනින්, ඩොනමෝර්, සෝල්බරි ආදි සංස්කරණවලදි ක්‍රමයෙන් ඒකෙ සංයුතිය, සංඛ්‍යාව සහ ජාතික නියෝජනය ක්‍රමයෙන් වැඩි වුණා.
උදාහරණයක් විදිහට සෝල්බරි කොමිසමෙන් House of Representatives එකේ Members of Parliament හදන කොට නිර්දේශ කරනවා මන්ත්‍රීවරු 95 ක් ඡන්දයෙන් සහ 6 ක් ආණ්ඩුකාරයා විසින් පත් කළ යුතුය කියලා. ඒ හය දාන්නේ බර්ගර්, මැලේ, කඳුකර දෙමළ, මුස්ලිම් සහ ඇතැම් සිංහල කුල නියෝජනය වෙන විදිහට. අද භාවිතා වෙන ඔය ඊනියා “ජාතික” ලැයිස්තුව හැදෙන්නේ ඔහොමයි. එකට “ජාතික” කියන නම භාවිතා වෙන්නේ ඒ ඓතිහාසික අර්ථයෙන්.
නමුත් අද වෙන කොට ඔය ලැයිස්තුව භාවිතා කරන්නේ ඉතාම වැරදි විදිහට. ජාතික ලැයිස්තුවට දාන්නේ “සමාජයේ සම්භාවනීය පුද්ගලයන්” කියා විහිළු සහගත කතාවක් හදා ගෙන තිබෙනවා. එහෙම කතාවක් ව්‍යවස්ථාවේ නැහැ. කවුද තීරණය කරන්නේ “සම්භාවනීය” බව? වෘත්තීය බව? මොනවාද නිර්ණායක? ජනරජයක එහෙම එක් වැසියෙකුට වඩා විශේෂ වැසියෙක් ඉන්න බැහැ. ඒක පරස්පරයක්. ඒක ප්‍රජාතාන්ත්‍රික මූලධර්මයන්ට පටහැණියි. ඔය මෝඩ කතා දේශපාලන අධිකාරයන් විසින් වාසියට හදාගත්ත විකාර.
හොඳම උදාහරණය තමයි රායි බල්තසාර්. ඇය බර්ගර් ජාතික කාන්තාවක්. NPP එකෙන් ඇයව උපරිමයට අවභාවිතා කළා. හරියට කාලයක ඉඳන් හරිනිව අවභාවිතා කළා වගේ. නමුත් රායිට ඡන්ද ලැබුණේ නැහැ. කවුරු නැහැ කිව්වත් ඒකට හේතුව තමයි ඇය බර්ගර් වීම. ජනරජය හැදුවට වැසියන් තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් අනන්‍යතා නැති කරන්න බැහැ. කඳුකරයේ අම්බිගාව මාර්කට් කළේම කඳුකර දෙමළ අනන්‍යතාවයෙන්. ඇයගේ දේශපාලන අනන්‍යතාවයට ලයින් කාමරේ පවා භාවිතා කළා. ඒක තනිකරම ජාතිවාදී ලිංගවාදී ගෝත්‍රික කැම්පේන් එකක්. NPP යාපනය දිනුවා කිව්වට දින්න තුන් දෙනාම දෙමළ… යාපනයේ දෙමළු කවදාවත් සිංහල මිනිහෙකුට ඡන්දය දෙන්නේ නැහැ. අනුරට දුන්නේ නැත්තේ ඒකයි. හදවත් දිනා ගත්තා වගේ සිඟිති කතා කිව්වට එහෙම එකක් ඇත්තටම නැහැ.
ඔන්න ඔය ප්‍රශ්නය නිසාම තමයි ඊනියා “ජාතික ලැයිස්තුව” තාම එල්ලලා තියෙන්නේ. සාධාරණ නියෝජනයක් නොවන ජාතිකයන්ට ව්‍යවස්ථාදායකයට ඇවිල්ලා ඔවුන්ගේ ප්‍රජාවගේ ගැටලු ඉදිරිපත් කරලා විසඳුම් ගන්න. එහෙම නැතුව ඕක මේ හෙන ලොකුකමකට දෙන එකක් නොවෙයි. අද කාලේ ජාතික ලැයිස්තුවට නම දාගන්නවා කියන්නේ හෙන ආඩම්බරයක්. ගොබ්බ බවේ උපරිම. ජනරජය හරියටම සාක්ෂාත් වුණා නම් මේ ප්‍රශ්නය නැහැ. ඒ කියන්නේ සිංහල වුණත් දෙමළ වුණත් මොක වුණත් ඔහු/අය හැම ජාතියකම වැසියන් සමානව නියෝජනය කරනවා. ඒක වෙන්නේ නැහැ මේ කපේට. හරි නම් රායි බල්තසාර් තමයි NPP ජාතික ලැයිස්තුවේ සිටිය යුතු කෙනා. ඇත්තටම සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් රවී ගියාට කමක් නැහැ. පාර්ලිමේන්තුවේ ඕන තරම් සිංහල බෞද්ධ නියෝජිතයන් ඉන්නවා. ධර්මය ඔබට මග වේවා!
Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b